RnT Design & Construction

RnT Design & Construction

Share

Photos from House Design & Vaastu Consultant's post 15/05/2026

Best
Joni us

14/01/2026

Follow us

08/01/2026

ඔබගේ නිවසේ තිබෙන ඉඩමේ ඔප්පුව ඇත්ත එකක්ද බොරු එකක්ද කියල දැනගන්න
ඔබට වරිපනම් හදාගන්න ...
ඔබට බැංකු ණය මුදලක් ඉඩම ඇපයට තබා ලබාගන්න
බෙදුම් නඩුවක් හෝ ඉඩම් නඩුවක් පවරන්න
ඒ වගේම ඔබ ගේ ඉඩමට වෙනත් කෙනෙකු හොර ඔප්පු වක් හදා ගෙනද කියල දැනගන්න
මේ සෑම දෙයකටම පත් ඉරු ගැන දැන ගෙන සිටීම ඉතා වැදගත්...... .......
මේක කියවන්න කලින් ගෙදර තියෙන ඔප්පුව අතට ගන්න...📁

මුල් පිටුවේ ඉහල වම් කෙලවර බලන්න
එහි පෙර ලියාපදිංචිය කියන තැන බලන්න
ඒ තැන ඇති උදාහරණයක් වශයෙන්
B 32/ 125 වගේ කොටසක් ..

ඒ වගේම ඔප්පුවේ මුල් පිටුවේ බලන්න
ඔබ අයත් ඉඩම් රෙජිස්ට්‍රාර් කාර්යාලයේ මුද්‍රා ව සහිතව ඉඩම් රෙජිස්ට්‍රාර් ගේ මුද්‍රාව සහිතව උදාහරණයක් ලෙස

B 32 /125 සදහන් තැනක් ... අන්න ඒ කොටස තමයි ඔබගේ ඔප්පු ව ලියාපදිංචි කර ඇති පත් ඉරුව ගැන සදහන් තැන....
ඒ වගේම පෙර ලියාපදිංචිය කියල තියෙන තැන සදහන් ඉංග්‍රීසි අක්ෂර ය සහිත අංකයයි ඔප්පුවේ මුල් පිටේ සදහන් ඉංග්‍රීසි අක්ෂර ය සහිත අංශයයි දෙකම එකක් වෙන්න පුලුවන්
නැති නම් දෙකක් වෙන්න පුලුවන්...

එකක් උනොත් ඔබ ගන්න ඕන පත් ඉරු එකයි... දෙකක් උනොත් ඒ පත් ඉරු දෙකම ගන්න ඕන ... එහෙම පත් ඉරුව අරන් බලන්න පුලුවන් ඔබගේ ඔප්පු ව නිසි පරිදි ලියාපදිංචි වෙලාද කියල... ඔබගේ නම හරිද කියල බලා ගන්න පුලුවන්....

පත් ඉරුව ක් ගන්න ඔබට අයත් ප්‍රදේශයේ ඉඩම් කන්තෝරු වට යන්න ...
එහි තියෙනවා ඉඩම් ලේඛන පිටපත් සදහා ඉල්ලුම් පත්‍රයක්... ඒක නොමිලේ දෙන්නේ
ඒක අරගෙන මුල් පිටුවේ ඔබගේ නම ලිපිනය වගේ විස්තර පුරවන්න තියෙනවා.. දෙවන පිටුවේ කොට්ඨාසය Division
වෙලුම Volume
පත් ඉරු ව Folio කියල
කොටුවක් තියෙන්නේ.... ඒක පුරවන්න ඕන...
ඒක පුරවන්න ඔබ ඔබගේ ඔප්පුව ගෙනියන්න ඕන ... ඒකේ මම උඩින් කිව්ව පෙර ලියාපදිංචිය කියන තැන බලන්න
මම උදාහරණයක් ලෙස දක්වා තිබුණා
B 32/125 කියල .... දැන් බලමු අර කොටුව පුරවන්නේ කොහොමද කියල

B කියන්නේ ( ඔය අක්ෂර ය වෙනස් වෙනවා)
කොට්ඨාසය ... අන්න කොට්ඨාසය කියල තියෙන කොටුවේ ඉංග්‍රීසි අක්ෂර ලියන්න

32 කියල කියන්නේ (ඒම අකුරුත් ඔප්පුවෙන් ඔප්පුවට වෙනස් වේ) වෙලුම

125 කියන්නේ (එයත් වෙනස් වේ ) පත් ඉරු ව

අන්න ඒ වගේ පිලිවෙලට ඔබේ ඔප්පුව බලාගෙන පුරවන්න
පුරවලා Rs . 120 යනවා පත් ඉරුව ක් ගන්න
Rs . 200 යනවා එක දවසින් ගන්න

පත් ඉරුව ක් ගන්න පුලුවන්... ඔබට තනිවම
ඒක ඔබගේ නීතිඥ වරයාට හෝ නොතාරිස් වරයාට ලබා දී වැඩි විස්තර දැනගන්න පුලුවන්

දැන් ඔප්පු ලියන කොට අනිවාර්යයෙන් පත් ඉරු පරික්ෂා කර බැලිය යුතුය. .
ඒ නිසා ඔබ මෑතකදී ගත් පත් ඉරුවක්අරන් තබා ගැනීම වැදගත්....

ණය මුදලක් ගන්න ගියාම ඔබට බැංකු ව ඔබට වසර 30 පත් ඉරු ගේන්න කියනවා මම දැකල තියෙනවා... සමහර විට ඔබගේ ඉඩම බෙදුම් නඩුවක් මගින් බෙදා වෙන් කරපු ඉඩමක් නම් වසර 30 පැරණි පත් ඉරු නොමැති අතර ඇත්තේ එක් පත් ඉරුව ක් පමණි ... එවන් විට ඒ පත් ඉරු ව පමණක් ප්‍රමාණවත් වේ...

පත් ඉරු මගින් ඉඩමේ අයිතිය ගලා ගිය ආකාරය සොයා බැලිය හැක
එම දේපල නිරවුල්ව ද හවුල් ද
බැංකුවකට ඇපයක් තැබීමට සුදුසුද නැද්ද යන්න සොයා බැලීමට පුලුවන්....

ඔබගේ ඔප්පු ව නිසි පරිදි ලියාපදිංචි වී ඇද්ද
නම හරියට තියෙනවා ද යන්නත් පත් ඉරු ලබා ගැනීමෙන් දැනගන්න පුලුවන්...

ඒ නිසා පත් ඉරු ගැන අවබෝධයක් ලබා සිටීම ඔබ සෑම දෙනාටම ඉතා වැදගත්...
ඔබ වංචා වලට හසු නොවී මුදල් අපතේ යවා ගන්නේ නැතිව ඔබ දේපලක් මිලට ගන්නේ නම් පත් ඉරු අනිවාර්යයෙන් බලන්න

ඔප්පු ලියන්න කලින් බලන්න ...

ඉඩම් සම්බන්ධයෙන් කතාකරන කොට පත් ඉරු ගැන දැන සිටීම ඉතා වැදගත්...

Architect - Rashen N Samaradiwakara
Post එක නිකන් දැන්....

23/07/2025

🏡🎉

මුළුතැන්ගෙය නිවසක ප්‍රධාන අංගයක් වන අතර මිනිසාගේ ජීවන කුසේ ප්‍රධාන සාධකයක් වන ආහාර පිසගැනීම සිදුවන ස්ථානය නිවසක මුළුතැන්ගෙය වේ. මෙය නිවසේ ප්‍රධානම අංගයක් ලෙස සැලකේ.

මුළුතැන්ගෙය ස්ථාන ගත කරගන්නා විට හරි පරිස්සම් විය යුතුයි. වාස්තු විද්‍යාඅනූකූලව මුළුතැන්ගෙය ගිණි කොන දිශාවෙ පිහිටීම ප්‍රධාන වේ. ස්ථාන ගත නොකල යුතු දිශාවන් වන්නෙ ඊසාන, සහ නිරිත දිශාවන්ය . ගිණිකොන දිශාවට ගත නොහැකිම අවස්තාවක වයඹ දිශාවට ස්ථාන ගත කර ගත හැකි වේ.

Want your business to be the top-listed Engineering Company in Colombo?
Click here to claim your Sponsored Listing.

Telephone

Website

Address


Colombo