SL Knowledge Bank

SL Knowledge Bank

Share

09/03/2026

🚨 ඉරානය දන ගස්වන ඇමරිකානු ඊශ්‍රායල සැලසුම !

ඉරානයට ප්‍රහාර එල්ල කිරීමට ඇමරිකා එක්සත් ජනපදය පාර්ශවයෙන් ඉදිරිපත් වූ මූලිකම හේතු කාරණාව වූයේ ඉරානය දිගින් දිගටම න්‍යෂ්ටික අවියක් අත්පත් කරගැනීමේ ක්‍රියාවලියේ නිරත වන බවත් ඒ සදහා අවශ්‍ය වන යුරේනියම් සුපෝෂණ මට්ටමට ආසන්න වෙමින් පවතින බවයි.

පසුගිය වසරේ ජූනි මාසයේදී ඊශ්‍රායලය හා ඉරානය අතර හටගත් දින 12 යුද්ධයේදී ඊශ්‍රායලය විසින් ඉරාන න්‍යෂ්ටික වැඩසටහනේ ක්‍රියාකාරී විද්‍යායින් කිහිපදෙනෙකුම ඉලක්ක කර ප්‍රහාර එල්ල කල අතර ඇමරිකා එක්සත් ජනපදය 'OPERATION MIDNIGHT HAMMER ' නම් මෙහෙයුම ක්‍රියාත්මක කරමින් සිය දිගු දුර බෝම්බ හෙලන B - 2 යානා මගින් ඉරාන න්‍යෂ්ටික මධ්‍යස්ථාන වන FORDO , NATANZ හා ISFAHAN වෙත පහර දෙන ලදි.

පසුගිය ජූනී මාසයේදී එල්ල කරන ලද ප්‍රහාරයෙන් න්‍යෂ්ටික මධ්‍යස්ථාන වෙත හානි සිදු වුවද සුපෝෂණය කරන ලද යුරේනියම් පොළොව අභ්‍යන්තරයේ තවමත් ගබඩා කර ඇති බව ඇමරිකා එක්සත් ජනපද බුද්ධි අංශ විසින් එරට බළධාරීන් වෙත වාර්තාකර ඇති බව විදෙස් මාධ්‍යවල සදහන් වේ. ඒ අනුව මූලිකවම Isfahan න්‍යෂ්ටික මධ්‍යස්ථාන පරිශ්‍රයේ භූගතව මෙම යුරේනියම් ගබඩා කර ඇති බවට ඇමරිකානු බුද්ධි අංශ විශ්වාස කරන බව වාර්තා වී ඇත. ඉරානය රෙජීමය සතුව 60% ක මට්ටමකට සුපෝෂණය කල යුරේනියම් 450 Kg පමණ පවතින බව වාර්තාවන්හි දැක්වේ. මෙම ප්‍රමාණය 90% ක සුපෝෂණ මට්ටමකට ළගා වුවහොත් එය න්‍යෂ්ටික බෝම්බ 11ක් අත්පත් කර ගැනීමට තරම් සෑහෙන බව සදහන් වේ.

ඒ අනුව ඉරානය සතුව පවතින මෙම යුරේනියම් අත්පත් කර ගැනීමට ඉරාන භූමිය තුලට විශේෂ හමුදා බලකායන් යෙදවීමට ඇති හැකියාව සම්බන්ධයෙන් ඇමරිකාව හා ඊශ්‍රායල පාර්ශවයන් සළකා බලමින් සිටින බව වාර්තා වී ඇත. ඒ අනුව මෙම මෙහෙයුම ඊශ්‍රායලය විසින් ක්‍රියාත්මක කරන්නේද නැතිනම් ඇමරිකානු - ඊශ්‍රායල ඒකාබද්ධව මෙහෙයුමක් ලෙස ක්‍රියාත්මක කරන්නේද යන්න පිළිබදව දෙරටේ බළධාරීන් සාකච්ඡා කරමින් සිටින බව සදහන් වේ. කෙසේ නමුත් මෙවැනි අති අවදානම් මෙහෙයුමක් සිදු කිරීමට පෙර ගුවන් ප්‍රහාර මගින් ඉරාන ආරක්ෂක අංශ තවදුරටත් දුර්වල තත්ත්වයට පත් කිරීම අනිවාර්ය වී ඇත.

ප්‍රහාර ආරම්භ වූ මුල් දින කිහිපයේදී ඇමරිකාව හා ඊශ්‍රායලය Natanz හා Isfahan මධ්‍යස්ථාන ඉලක්ක කර ප්‍රහාර එල්ල කර ඇති අතර යුරේනියම් එම මධ්‍යස්ථාන වලින් ඉවත් කර ගැනීම මෙම ප්‍රහාරයන්හි අරමුණ වී ඇත.

මෙම සැලසුම සදහා ඇමරිකානු පාර්ශවය ප්‍රධාන විකල්ප දෙකක් පිළිබදව සිය අවධානය යොමුකර ඇත. පළමු වැන්න නම් ඉරානය සතුව පවතින සුපෝෂණ කල යුරේනියම් සම්පූර්ණයෙන් ඉරානයෙන් ඉවත් කිරීමයි. දෙවැනි විකල්පය ලෙස , න්‍යෂ්ටික තාක්ෂණය පිළිබද විශේෂ්‍යයන් යොදවා ඉරානයට ඉදිරියේදී න්‍යෂ්ටික අවියක් නිෂ්පාදනය කිරීමට භාවිතා කල නොහැකි මට්ටමකට ඔවුන් සතු සුපෝෂණය කල යුරේනියම් දුර්වල කිරීම වේ. භෞතිකව මෙම යුරේනියම් තොග රැගෙන එනවාද නැතිනම් දුර්වල කිරීම සිදු කරනවාද යන්න ඇමරිකානු ජනාධිපතිවරයාගේ හා ඇමරිකානු යුධ දෙපාර්තමේන්තුවේ තීරණයක් වනු ඇති බව වාර්තාවන්හි දැක්වේ.

යුරේනියම් අත්පත් කර ගැනීමට අමතරව ඉරාන යුද්ධයේ සම්පූර්ණ හැරවුමක් සනිටුහන් විය හැකි මෙහෙයුමක් සිදු කිරීමට ඇමරිකාව බලාපොරොත්තු වන බව වාර්තා වේ. එනම් ඉරාන බොරතෙල් නිෂ්පාදනයෙන් 90% පමණ හසුරවන ඉරානයට අයත් Kharg දූපතට ඇමරිකානු හමුදා යොදවා එය අත්පත්කර ගැනීමයි. Kharg දූපත ඉරාන ප්‍රධාන භූමියේ වෙරළේ සිට 25 KM පමණ දුරකින් හා හෝමෝස් සමුද්‍ර සන්ධියට 483 KM ක් උතුරින් පිහිටා ඇත.

ප්‍රමාණයෙන් ඉතා කුඩා දූපතක් වුවද ඉරාන බොරතෙල් නිෂ්පාදනයන්ගෙන් 90% පමණ මෙම දූපතේ ඇති පර්‍යන්තයන් මගින් හසුරන වන අතර මෙම දූපත අල්ලා ගැනීම මගින් ඉරානයේ ප්‍රධානම ආදායම් මාර්ගය අහිමි කිරීම මගින් ඉරානයට දරුණු බලපෑමක් එල්ල කිරීම මෙම සැලසුමේ අරමුණ වී ඇත.

කෙසේ නමුත් මෙවැනි මෙහෙයුමක් ඉතාමත් අවදානම් සහගත වන හෙයින් ඊට පෙර ඉරාන ආරක්ෂක අංශයන් හි මිසයිල එල්ල කිරීමට ඇති හැකියාව දුර්වල කිරීම අත්‍යවශ්‍ය වී ඇත. එනම් ඇමරිකානු හා ඊශ්‍රායල පාර්ශවයන් දෙකටම ඉරාන හමුදාවන්ගෙන් දරුණු ප්‍රතිචාරයක් එල්ල නොවන බවට විශ්වාසයක් ඇති වූ පසු මෙවැනි මෙහෙයුමක් ක්‍රියාත්මක විය හැකි බව විශිවාස කල හැක.

- SL KNOWLEDGE BANK

07/03/2026

🚨 WORTH WATCHING

Want your school to be the top-listed School/college in Colombo?
Click here to claim your Sponsored Listing.

Category

Address


Colombo