AyurBless

AyurBless

Share

තරුණ පෙනුම රැකදෙන කොලැජන් ස්වභාවිකව ආරක්ෂා කරන සහ නිපදවීමට අවශ්‍ය ආහාර පාන වර්ග #skincare #beauty 20/09/2025

Collagen ❤️Natural Diet and Healthy lifestyle 😍😘

තරුණ පෙනුම රැකදෙන කොලැජන් ස්වභාවිකව ආරක්ෂා කරන සහ නිපදවීමට අවශ්‍ය ආහාර පාන වර්ග #skincare #beauty Subscribe and keep in touch with us.Hit the bell icon to get notifed on our new uploads

01/01/2022
Photos from AyurBless's post 22/09/2021

දීප්තිමත් දත් දෙපලක්. 🦷🦷👄

ඔබට මට අපි හැමෝටම වැදගත් වන්නේ අපේ හිනාව. සිනහව ඔබේ මුහුණට සුන්දරත්වයක් ගෙන එනවා 👄😁.

ඒත් අද වෙද්දි බොහෝ අය ඉතා අපහසුවෙන් සිනහව සඟවා ගන්න උත්සාහ කරනවා. 🙊🙊🤭
"අනේ මගේ දත් අවපැහැයි ඉතින් හිනා වෙද්දි කැතයි" මේවගේ දේවල් නිතර දෙවේලේ අහන්න පුළුවන්.

අපි හැමෝම කැමති උණුසුම් කෑම බීම, සීතල අයිස්ක්‍රීම් එකක් කන්න, ටොෆී චොකලට් කන්න කැමති. ඒ විතරක් නෙමෙයි අපි පාවිච්චි කරන දන්තාලේප වල ඇති ෆ්ලෝරයිඩ් ප්‍රමාණයත් දත් අවපැහැ ගැන්වීමට බලපානවා.. 🍨🍧🍦🍡🍭🍬🍫.
" මම දවසකට දෙපාරක් දත් මැදලත් මගේ දත් අවපැහැ වෙලා නේ" ඔබටත් මෙහෙම හිතෙන්න පුළුවන්. 🙄😢
නමුත් ඔබ දන්නවාද ඔබ භාවිතා කරන දත්බුරුසුව නැත්නම් toothbrush එකේ කෙදි තද හෝ මධ්‍යම ප්‍රමාණයේ (Hard or medium) එකක් නම් එය ඔබේ දත් වල එනමලයට හානි සිදු කරනවා.
📍ඔබ පාවිච්චි කළ යුත්තේ සුමුදු කෙදි (soft) සහිත දත්බුරුසුවක්.

මීට අමතරව ඔබ අධික උණුසුම් හෝ සීතල ආහාර පාන භාවිතය අවම කරන්න. 🍡🍧🍨🍦🍭🚫❌
රසකාරක විවිධ වර්ණක යෙදූ ක්ෂණික ආහාර පාන වෙනුවට පෝෂ්‍යදායී ආහාර පාන වර්ග ඔබේ ආහාර වේලට එකතු කර ගන්න. 🍉🍊🍊🍋🍋🍌🥬🥜🍐🥭
පලතුරු වර්ග කෙදි සහිත ආහාර භාවිතා කරන්න. පිරිසිදු ජලය නිතර භාවිතා කරන්න. 🥛🥛🍹
නියමිත ෆ්ලෝරයිඩ් ප්‍රමාණයක් අඩංගු ස්වභාවික අමුද්‍රව්‍ය වලින් නිෂ්පාදන කල දන්තාලේප භාවිතා කරන්න.

මීට අමතරව පහත සඳහන් දේවල් වලින් ඔබට දීප්තිමත් දත් දෙපලක් ලබා ගැනීමට හැකි..
👇
1).ලුණු කුඩු මේස හැඳි 01ක්+ දෙහි යුෂ මේස හැඳි 01ක් හොඳින් මිශ්‍ර මුදුව දත් වල අලේප කරන්න. දවසට දෙවරක් මෙය භාවිතා කරන්න.

2).ඉඟුරු යුෂ මේස හැඳි 01ක් +ලුණු කුඩු මේස හැඳි 01ක් +දෙහි යුෂ මේස හැඳි 01ක් මිශ්‍ර කර හොඳින් දත් වල ආලේප කරන්න.

3).activated charcoal නැත්නම් ගෙදරදීම ඔබට පිරිසිදු පොල් කටු අඟුරු කුඩු කර දත් මදින්නත් පුළුවන්..
📍📍Toothbrush එකක් වෙනුවට ඔයාට ස්වභාවික දෙයක් භාවිතා කරන්නටත් පුළුවන්. කොහොඔ නැටක්, කරඳ නැටි වැනි දේවල් භාවිතා කරන්න පුළුවන් නම් ගොඩක් හොඳයි.. 🍃🌿🌳

සෑම මොහොතක්ම සිනාමුසු මුහුණින් ගත කරන්න. 😀😄😁😆🤣🥰😍

Want your business to be the top-listed Beauty Salon in Colombo?
Click here to claim your Sponsored Listing.

Website

Address


Colombo