Ceylon Youth Movement
14/04/2026
සුබ අලුත් අවුරුද්දක් වේවා...
14/10/2025
Get ready to witness the next chapter of Sri Lanka’s breaking culture! 🇱🇰🔥
The Break Brothers Crew Qualifier is here — open for everyone who dares to step on the floor and show what they’ve got! 🕺💥
This isn’t just a battle — it’s a movement. A gathering of rhythm, power, and pure dedication. Three legendary instructors — B Boy Why B, B Boy Skorpion, and B Boy Angy — will be there to guide, inspire, and push every dancer to their limit. 💪
Whether you’re a beginner or a seasoned breaker, this is your chance to test your skills, learn from the best, and be part of the tribe that’s shaping the next generation of b-boys and b-girls in Sri Lanka. 🌍
🔥 Event: Break Brothers Crew Qualifier
📅 Date: 26th October
🕝 Time: 2:30 PM
📍 Venue: Pizza House Rider Café, Godagama
Don’t miss it. Don’t hold back. Bring your passion, your style, and your story to the floor. This is where true breakers rise! 🙌
01/09/2025
ඔහු නමින් ජකෝපෝ බල්දෝ. ඉතාලි ජාතික තරුණයෙක්. ඉතාලියේ ටොරිනෝ ඔහුගේ නගරය. ඉතාලියේ කඳුකර ප්‍රදේශක ඉපදිලා හැදිවැඩුණු ඔහුට තිබුණේ ස්වාභාවික පරිසරික ජීවන ගති පැවතුම්. වනාන්තර විද්‍යාව ගැන උපාධිය හදාරිමින් ඉන්න අතර තුර ඔහුගේ හතරවැනි ස්වේච්ඡාසේවයේ වැඩසටහන විදියට ඔහු අගෝස්තු 8 වැනිද අපේ ප්‍රධාන පුහුණු මධ්‍යස්ථානය MkCYM වෙත පැමිණියා. ඒ එද්දීත් අපි හිටියේ පොතුපිටිය මහාවිද්‍යාලයේ දෙදින reflection වැඩසටහන සමඟයි. පැමිණි මොහොතේ සිටම අපි එක්ක දොඩමලු වුණ ඔහු අපිට ජකෝ වුණා. ජැක් කියලත් ඇතැම්විට අපි ඔහුව ආමන්ත්‍රණය කළා. කණ්ඩායමක් සමඟ මුහුවෙනමින් අපි ගත කළ හැම වැඩ දවසකම හැම වැඩකට සහයෝගය දෙන්න ඔහු අමතක කළේ නෑ.
අයිස්කඳු තරණය කරන්නත්, ස්කී සෙල්ලම් කරන්නත් ඔහු උපන් හපනෙක්. රටවල් අතර ගමන් කරන්නත් විවිධ සංස්කෘතීන් හදුනාගන්නත් එලෙසම හැකියවක් ඇත්තෙක්.සංචාරයට ඔහු නිසඟ ඇලෙන්නේක්. ගැඹුරු චින්තන හැකියාවක් ඇත්තෙක්. අපේ කණ්ඩායමට ඉතාලියේ සැගවුණ බොහෝ තැන් කතා කරන්නත් ඔහු අමතක කළේ නෑ. ඔහු ලඟ තිබුණු ලස්සනම දේ අව්‍යාජ සිනහව. මිනිසුන්ට ගරු කරන්නත් විවිධත්වය තේරුම්ගනනත් ඔහු දැනගෙන හිටියා. ටොරිනෝවල ඔහුගේ නගරයේ නිවසේ ස්වයංව ජීවිත් වන ඔහුට තම ජීවිත ගැන අනන්‍යය දර්ශනයක් තිබුණා. කැලෑවට, සතුන්ට ඔබ ආදරය කළ අයුරු අපි දැක්කා. ඔබට වනාන්තර ගැන බොහෝ දේ මේ නිවර්තන භූමියෙන් සොයා ගත හැකියි.
අපිට දැනුනා ඔහු තුළ නිදහස් චින්තනයක් තියෙනවා. අපි ඔහුට අපේ අවකාශය විවෘත කළා. මුල් දවස් කිහිපයේ කතා බස් ගණනාවකට පසු අපිට දැනුනා ඔහු තදින් අපිව තේරුම් ගන්න බව. දවසින් දවස රැයවල් ගත කළ කාලයට වටිනාකමක් දෙන්න ඔහු උත්සාහ කලා. ජීවිතේ ස්වාභාවිකබව සරළ බවට ඇලුම් කළ මේ තරුණයා, තරුණ ව්‍යාපාරයේ පළවෙනි කැම්පින් අත්දැකීම අපිට ගන්න හේතුවක් වුණා.
අපේ ව්‍යාපෘති කිහිපයකටම ඔහුගේ දායකත්වය දෙන්න ඔහුට පුළුවන් වුණා. මැක්සිම්හි cool pool වෙත යන අතුරු මාරුගයක් කැපීම ඔහු විසින්ම යෝජනා කල දෙයක. ඔහු එය තනිව ආරම්භ කළා. තනිව වැඩ කලා. හිරිකැටිය අපේ සංචාරක අවන්හලේ වෙනස්කම් සඳහා නව යෝජනා සහ නිර්මාණශීලී අදහස් ලබා දෙනනත් ඔහුට පුළුවන් වුණා.
අපේ පුහුණු වැඩසටහන්වලට සහභාගී වෙමින් සිසුන් සමඟ ඔහු බෙදාගත් අදහස් අපේ නව යෞවන යෞවනියන්ට අලුත්ම අත්දැකීමක් වුණා. පොතුපිටිය පාසල වෙත යන්නන් ග්‍රාමීය ප්‍රජාව හඳුනා ගැනීමත් ඔහු කළා.
ජකොපෝ…! ඔබ හෙට පාන්දරම ලංකාවට සමුදී ඉතාලිය බලා යනු ඇත. ඔබට ඔබේම විශ්වාසයන් තියෙනවා.ශක්තිමත් ස්ථාවරයන් තිබෙනවා.ඒ වෙනුවෙන් සටන් කරන්න පුළුවන් හොඳ සටන්කරුවෙකුත් ඔබ තුළ ඉන්නවා. කදුකරයේ ලස්සනම ලස්සන තැනක සතුත්තු එක්ක ගත කරන ස්වාභාවික ජීවිතයක පහස ඔබට අත්විදින්න පුළුවන්.ඔබ ඒ සටන දිනනවා. එය අපේ ප්‍රාර්ථනයයි...🌼😍
ඔබ රැගෙන යනවා තරුණ ව්‍යාපාරය විසින් ඔබටත්, ඔබ අපටත් ලබා දුන් ස්වේච්ඡා සේවයේ සමූහික ශක්තිය. සාමූහිකත්ව බොහෝ දෙනෙකුගෙන් ගිලිහී තියෙනවා. අපි තනි තනිව ලෝකය දකින්න උත්සාහ කරනවා. නමුත් අපි කැමතියි සමූහිකත්වය ඇතුලේ ස්වභාවිකව ජීවිත අත්පත් කර ගන්න තරුණ ජීවිත දිනන ව්‍යාපාරයකට පන දෙන්න. තරුණ ව්‍යාපාරයේ එවැනි අවකාශයක ඔබේ ඉඩ ඔබ සටහන් කරලා ඉවරයි.
ඔබ කියනවා….
“ මට නිදහසේම වැඩ කරන්න ලැබූණු හොඳම අවකාශ මෙය බව..” එය අපට ඔබ වැනි ගෝලීය තරුණයෙකු විසින් අපි සිදු කරමින් ඉන්න උත්සාහයේ නිවැරදි දිශාව නැවත නැවත තහවුරු කරන්නක්. අපිට අවශ්‍ය ලෝකයේ ඕනෑම තරුණයෙකුට තරුණියකට අපි එක්ක එකතු වෙන්න පුළුවන් අපේ තාරුණය්‍ය සමඟ මුහුවෙන්න පුළුවන් බිමක් හදන්න. ඒ බිම ප්‍රාදේශිකත්ව පදනම මත ගොඩනැගෙන සාමූහික විඥානයේ ජාලගත තැනක්. MkCYM කියන්නේ ඒ බිමට පන පොවන තෝතැන්න. ඔබට හැමදාම ඒ අවකාශය විවෘතයි. ඔබේ ජීවිතයේ ඔබට අයිතිදෙය සොය ගත් පසුවත්, එය ඔබට විවෘතයි. අපේ හැඩය පාට කරන්නේ ඔබ වැනි තරුණ තරුණියන්…..
ඉතිං ආයුබෝවන් ජාකෝ ….
නැවත එන්න……
සුබ ගමන්,...😍🥰🌼
23/07/2025
බසනාහිර පාලාතේ කළුතර දිස්ත්‍රික්කය නියෝජනය කරමින් අප පුහුණු ඒකකය සමඟ නිරන්තරයෙන් පුහුණු වැඩසටහන් සඳහා සම්බන්ධ වන ප්‍රමුඛ පාසලක් වන මතුගම ශාන්තමේරි විදුහලේ අභිනවයෙන් තේරී පත්වූ ශිෂ්‍ය නායක මණ්ඩලය සඳහා නායකත්ව පුහුණු ක්‍රියාකාරකම් සහිත Reflection එක්දින වැඩසටහන 2025 ජූලි මස 22 වැනි දින පවත්වන්නට අප පුහුණු ඒකකයට හැකියාව සැලසුනි. පිරිපුන් නායකයකු සඳහා වන මානසික සහ කායික සුවතාවයත් සහිත ස්වීයත්ව සංවර්ධනය සඳහා වන මූලික අඩිතාලම දැමූ මෙදින නායකයන් ඔවුන්ගේ නායකත්ව භූමිකාව හඳුනා ගැනීම වගේම පුද්ගලික සංවර්ධනයේ ගැටලුත් හඳුනා ගන්නා ලදී. මෙහි දෙවෙනි පියවර ලෙස Reflection දෙදින නායකත්ව පුහුණු වැඩමුළුව ඔවුන් සඳහා ලබන මාසයේදී පැවැත්වීමට නියමිතයි.
MKCYM MKCYM Training and Development CYM
Click here to claim your Sponsored Listing.
Category
Contact the organization
Telephone
Website
Address
Colombo