HitZnews.lk
19/07/2024
Microsoft PC මෙහෙයුම් පද්ධතියේ බිඳවැටීමක්
ප්‍රධාන බැංකු, මාධ්‍ය ආයතන සහ ගුවන් සමාගම් ඇතුළු ලොවපුරා ආයතන සමූහයක මහා පරිමාණ තොරතුරු තාක්ෂණ බිඳවැටීමක් වාර්තා වී තිබෙනවා.
මේ හේතුවෙන් ගුවන් සමාගම් කිහිපයක් ලොව පුරා ගුවන් ගමන් නතර කර ඇති අතර තවත් බොහෝ ගුවන් ගමන් ප්‍රමාදයන්ද වාර්තා වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
අමෙරිකාවේ ඇලස්කා ප්‍රාන්තයේ හදිසි සේවාවලට බලපෑම් එල්ල වී ඇති ඇති අතර, ඕස්ට්‍රේලියාවේ සුපිරි වෙළඳසැල් වල ක්‍රියාකාරීත්වය අඩපණ වී තිබෙනවා.
එමෙන්ම රටවල් කිහිපයක මාධ්‍ය ආයතනවලටද මෙය බලපා තිබෙනවා.
තොරතුරු තාක්ෂණ පද්ධතිවල බිඳවැටීම හේතුවෙන් එංගලන්තයේ ස්කයි නිවුස් තාවකාලිකව විකාශනය කිරීමට නොහැකි වූ බව සඳහන්.
කෙසේවෙතත් තාක්ෂණ බිඳවැටීමට හේතුව අනාවරණය වී නොමැති අතර බොහෝ දෙනෙක් එය Microsoft PC මෙහෙයුම් පද්ධතියේ හටගත් දෝෂයක් ලෙස පෙන්වා දී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
19/07/2024
වඳවී ගිය සියම් කිඹුලන් නැවතත් කාම්බෝජයේ
මෙම සියවසේදී වඳවී යාමේ තර්ජනයට ලක්ව ඇති සියම් කිඹුලන් 60දෙනෙකු කාම්බෝජයේ උපත ලබා තිබෙනවා.
මෙය සියම් කිඹුල් පැටවුන් බිහි කිරීමේ වාර්තාවක් වන අතර සංරක්ෂකයින් එය හඳුන්වා ඇත්තේ බලාපොරොත්තුවේ සැබෑ සලකුණක් ලෙසින්.
වසර 20 කට වැඩි කාලයක් කාම්බෝජයේ දුරස්ථ කඳුකරයේ උරගයින්ගේ සංඛ්‍යාව පුනර්ජීවනය කිරීමට ගත් උත්සාහයෙන් පසුව මෙම උපත වාර්තා වී ඇති බවයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ.
ඔලිව් කොළ පැහැති උරගයාගේ මීටර් 3 ක් හෝ අඩි 10 ක් පමණ දක්වා වර්ධනය වනවා.
සියම් කිඹුලන් අග්නිදිග ආසියාවේ බොහෝ ප්‍රදේශවල ජීවත් වන නමුත් දශක ගණනාවක් තිස්සේ දඩයම් කිරීම සහ ඔවුන්ට අයත් වාසස්ථාන අහිමි වීම නිසා ඒවා වඳවී යාමේ තර්ජනයට ලක්ව සංරක්‍ෂණය කළයුතු සත්ත්ව විශේෂයක් ලෙස වර්ගීකරණය කර තිබුණා.
ලෝකයේ ඉතිරිව ඇත්තේ ඔවුන්ගෙන් 400 ක් පමණ වන අතර ඉන් බොහොමයක් කාම්බෝජයෙන් හමුවනවා.
ඒ අනුව සියම් කිඹුලන්ගේ ගහණයේ අඩුවීම සැලකිල්ලට ගෙන, නව කිඹුලන් 60 ක් බිහි වීම විශේෂ වන බවයි කාම්බෝජයේ සංරක්ෂණ කණ්ඩායමේ නිලාධාරීන් සඳහන් කරන්නේ.
18/07/2024
නෙල්සන් මැන්ඩෙලා සමරන ජාත්‍යන්තර දිනය අදයි
සෑම වසරකම ජූලි 18 වන දින, නෙල්සන් මැන්ඩෙලා වෙනුවෙන් වෙන්කර ඇති ජාත්‍යන්තර දිනය සමරනවා.
වර්ෂ 1918 ජූලි 18 උපත ලැබූ නෙල්සන් මැන්ඩෙලා දකුණු අප්‍රිකානු වර්ණභේද විරෝධී ක්‍රියාකාරිකයෙක්, දේශපාලනඥයෙක් සහ රාජ්‍ය තාන්ත්‍රිකයෙක් වූ අතර ඔහු 1994 සිට 1999 දක්වා දකුණු අප්‍රිකාවේ පළමු ජනාධිපතිවරයා ලෙස සේවය කළා.
ඔහු රටේ ප්‍රථම කළු ජාතික රාජ්‍ය නායකයා වූ අතර පූර්ණ නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණයකින් තේරී පත් වූ ප්‍රථමයාද වූ බව සඳහන්.
ලෝකය යහපත් අතට හැරවීමේ හැකියාව සහ වගකීම සෑම කෙනෙකුටම ඇති අතර ජාත්‍යන්තර නෙල්සන් මැන්ඩෙලා දිනය යනු සියලුදෙනා තුළ වෙනසක් ඇති කිරීමට නම් කර ඇති දිනයක් බවයි එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසන්නේ.
නෙල්සන් මැන්ඩෙලා දිනයේදී මූලික වශයෙන් අධ්‍යාපනය, ආහාර සහ පෝෂණය, සනීපාරක්ෂාව, නවාතැන් මෙන්ම ක්‍රියාකාරී පුරවැසිභාවය යන ක්ෂේත්‍ර කෙරෙහි අවධානය යොමුකරනු ලබනවා.
"It’s still in our hands to combat poverty and inequity" එනම් ''දරිද්‍රතාවය සහ අසමානතාවයට එරෙහිව සටන් කිරීම තවමත් අප සතුයි" යන්න මෙවර නෙල්සන් මැන්ඩෙලා ජාත්‍යන්තර දිනයේ තේමාව වී තිබෙනවා.
මේ වෙනුවෙන් ලොවපුරා වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කරඇති බවයි එක්සත් ජාතීන්ගේ සංවිධානය සඳහන් කරන්නේ.
17/07/2024
තේ කෝප්පෙන් හමුවූ සයනයිඩ් - අභිරහස් මරණ හයක් -
තායිලන්තයේ Grand Hyatt Erawan හෝටලයේදී මියගිය පුද්ගලයින් 6 දෙනාට සයනයිඩ් ශරීරගත වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
මියගිය අයගෙන් එක් අයෙකු වස පානය කිරීම පිටුපස සිට ඇති අතර ඔහු ණය බරින් පීඩා විඳිමින් සිටි අයෙකු බව සඳහන්.
තායිලන්තයේ බැංකොක් අගනුවර පිහිටි Grand Hyatt Erawan හෝටලයේදී මියගිය හයදෙනා ඊයේ(17) සවස සොයාගෙන තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ ඒ වන විට ඔවුන් මියගොස් පැය 24ක් ගතවී ඇති බවයි.
මෙතෙක් සිදුකර ඇති විමර්ශනවලදී ඔවුන්ගේ තේ කෝප්පවල සයනයිඩ් තිබූ බව හෙළිවී තිබෙනවා.
හය දෙනාගෙන් දෙදෙනෙක් ආයෝජන අරමුණු සඳහා එම කණ්ඩායමේ සිටි තවත් අයෙකුට Thai Baht මිලියන 10ක් ණයට දී තිබූ බව සඳහන්.
Thai Baht මිලියන දහයක වටිනාකම ඩොලර් 280,000ක් පමණ වනවා.
කෙසේ වෙතත් මෙම මරණ 06 තවමත් අභිරහසක් බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරන්නේ.
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Colombo