Students Help
28/02/2024
2024 ජුනි මාසයේ ඉඳන් ජර්මනියට එන්න පුළුවන් අලුත් ක්‍රමය - chancenkarte
මේ අලුත්ම ක්‍රමය තමයි chancenkarte (opportunity card) කියලා කියන්නේ.
මේක ලබාගන්න පුළුවන් ක්‍රම දෙකක් තියෙනවා.
1. ඔයාට දැනට තියෙන වෘත්තීය සුදුසුකම, ජර්මනියේ Residence Act එකේ Section 18 para. 3 අනුව ජර්මනිය තුළ සම්පූර්ණයෙන් පිළිගන්න එකක් නම්, සහ ඒක යටතේ ඔයා Skilled Worker කෙනෙක් විදියට පිළිගන්නවා නම් ඔයාට වෙන කිසිම අවශ්‍යතාවකින් තොරව මේකට අයදුම් කරන්න පුළුවන්.
2. මේකට හදපු ලකුණු ක්‍රමය යටතේ ලකුණු 6ක් හෝ ඊට වඩා තියෙනවා නම් මේකට අයදුම් කරන්න පුළුවන්.
* ඔයාට university degree එකක් හෝ vocational training එකක් (අවම වශයෙන් අවුරුදු 2ක) එක්ක,
* අවුරුදු 3ක වත් experience තියෙනවා නම් සහ
* ඔයාට ජර්මානු භාෂා ප්‍රවීණතාව අඩුම තරමේ A1 හෝ ඉංග්‍රීසි භාෂාව B2 (German - level A1 CEFR or English - level B2 CEFR) තියෙනවා නම් මේකට ලකුණු 6ක් හෝ ඊට වඩා ලබාගන්න හැකියාව තියෙනවා.
ජර්මානු රජයෙන් නිකුත් කළ අදාල ගැසට් එක අනුව මේ ලකුණු ගණනය කරන සම්පූර්ණ ක්‍රමවේදය මොකක්ද කියලා මේ වීඩියෝ එකේදි අපි පැහැදිලි කරලා තියෙනවා.
https://youtu.be/xHo9hox2jkw?si=syx4zwyPXqPqI9ta
මේ පළමු ක්‍රමවේදය යටතේ එනවා නම් ඒකට ඔයාගේ වෘත්තීය සුදුසුකම ජර්මනිය තුළ recongnized එකක්ද කියලා බලන්න වෙනවා නේ. ගොඩාක් වෙලාවට මේ recongnition එක අවශ්‍ය වෙනවා කියලා කියන්නේ මෙන්න මේ වෘත්තීයන්ට.
• Nurses
• Doctors
• Teachers
• Lawyers
ඒ ගැන වැඩිදුර තොරතුරු අවශ්‍ය නම් මේ Hotline එක එයාල විවෘත කරලා තියෙනවා. ඒකෙන් වැඩිදුර තොරතුරු දැනගන්න පුළුවන් වෙනවා (ඒක ඉංග්‍රීසි භාෂාවෙන් කරගන්න පුළුවන්ද කියලා නම් අපි උත්සාහ කරලා බලලා නැහැ )
https://www.make-it-in-germany.com/en/service/contact-us/hotline
ඒ වගේම මේ recognition එක අවශ්‍ය වෙන්නේ කාටද, ඒක කරගන්නේ කොහොමද කියලා සම්පූර්ණ තොරතුරු මෙතනින් ඔයාලට බලාගන්න පුළුවන්.
https://www.make-it-in-germany.com/en/working-in-germany/recognition
recognition එක තනියම කරගන්න අවශ්‍යයි නම්, මේකෙන් ඔයාලට ඒක තනියම කරගන්නත් පුළුවන්. හැබැයි මේ process එකට මාස 3කට වැඩි කලයක් ගත වෙන්න ඉඩකඩක් තියෙනවා.
https://www.anerkennung-in-deutschland.de/html/en/index.php
මේ recognition එක සම්බන්ධව සියලු තොරතුරු අදාල වෙන්නේ ඔයා ජර්මනියට එන්න බලාපොරොත්තු වෙන්නේ පළවෙනි ක්‍රමය යටතේ නම් විතරයි. එහෙම නැතුව ලකුණු ක්‍රමය යටතේ නම් මේක ඔයාට අදාල වෙන්නේ නෑ. එහෙම නම් ඔයා මූලිකත්වය දෙන්න ඕනි මේ ලකුණු 6 සම්පූර්ණ කරගන්න එක ගැන පමණයි.
මේ ගැන සියලු තොරතුරු පැහැදිලිව සඳහන් කරලා තියෙනවා ජර්මානු රජයෙන් කරගෙන යන මේ නිළ වෙබ් අඩවියේ. කැමති කෙනෙක්ට ඒක බලලා මේ ගැන තහවුරු කරගන්නත් පුළුවන්.
https://www.make-it-in-germany.com/en/visa-residence/skilled-immigration-act
chancenkarte ඩොට් කොම් කියලා වෙබ්සයිට් එකක් තියෙනවා. ඒකට නම් අහුවෙන්න එපා!!!!
කවුරුහරි පෞද්ගලික ආයතනයක් ඒ ඩොමේන් එක සල්ලි දීලා අරන් කරගෙන යන ස්කෑම් එකක් වගේ දැනට පේන වෙබ්සයිට් එකක් තමයි ඒක. ඒ නිසා ඒකේ register වෙලා 'ආ දැන් හරි' කියලා හිතාගෙන ඉන්න එපා. සමහරවිට ඒක අපේ ඊමේල් එකතු කරගෙන වෙනම දේකට ලෑස්ති වෙනවා වෙන්නත් පුළුවන්. ඒක නිසා ඒකේ system එකෙන් point 6 එනවද කියලා ගණං හදලා බලන්නවත්, ඒකට email address එක දෙන්න වත් යන්න එපා. සමහර විට මේ ඩොමේන් එක ඉදිරියේදි රජයෙන් මිලදී ගනියි. හැබැයි දැනට නම් ඒක ස්කෑම් එකක් වගේ පේන සයිට් එකක්.
ඔයාලට අවශ්‍ය නිල තොරතුරු හැමවෙලේම මේ make-it-in-germany සයිට් එකෙන් ගන්න පුළුවන්.
හැබැයි මතක තියාගන්න ඕනි විශේෂ දෙයක් තමයි IT field එක හැර බොහොමයක් fields වල ජොබ් එකක් කරන්න නම් ජර්මන් භාෂා ප්‍රවීණතාව අවශ්‍ය වෙනවා. ඒ වගේම තමන්ට අදාල field එකේ ජොබ්, ජර්මනියේ තියෙනවද බලන්න පුළුවන් ඔය උඩින් කිව්ව සයිට් එකෙන්.
ජුනි මාසයෙන් පස්සේ කොහොමද මේකට apply කරන්නේ කියලා හරියටම දැනගත්ත ගමන් අපි මේ ගැන තොරතුරු ඔයාලා එක්ක බෙදාගන්නම්.
එහෙනං ඉක්මනටම ජර්මනියෙදි මුණගැහෙමු!!
🇩🇪
19/02/2024
Looking for a career breakthrough?
We've got your desk ready to make your experience go smoothly.
📣 Applications for a 5-month paid EU traineeship starting in October 2024 are now open!
If you are looking to start your career in the international field, this is your opportunity.
What do you need to apply?
🎓 a university degree of at least 3 years of study;
💬 a C level of English, French or German;
🗣️ a very good knowledge of a second EU official language;
🙅 no prior work experience in excess of 6 weeks in any EU institution.
Whether you are a young graduate or an older professional making a career shift, there is no age limit to apply!
Deadline: 15 March 🔗 https://traineeships.ec.europa.eu/index_en
EC Blue Book Traineeship Programme Twice a year, the European Commission offers 5-month paid traineeships.
19/02/2024
උපුටා ගැනීමකී 👇
ෆින්ලන්තයේ රැකියා අවස්ථා ලංකාවට විවෘත වෙයි – අයදුම් කරන්න ලේසිම විදිය මෙන්න
Finland government එකත් එයාලගෙ immigration policies ලිහිල් කරලා තියන්නේ විදේශිකයන් හරහා රටේ පවතින පුරප්පාඩු පුරවා ගන්න. Visa approval rate එක 93% වෙලා තියනවා.
ඒ වගෙම Finland government එකෙන් තමයි විශාල වශෙයන් වියදම් කරන්න විදේශික ශ්‍රමිකයෝ බදවා ගන්නත්. ඒ නිසා employers ලා පිට රටවලින් බදවා ගන්න පෙලබෙනවා වැඩීයි. ලංකාවෙ අයට කරන්න පුළුවන් open jobs වෙනමම හොයා ගන්න පුළුවන් ලින්ක් එකකුත් තියනවා. Skilled jobs වගෙම Unskilled jobs වලටත් අවස්ථාවන්
Engish speaking professionals කියලම ජොබ්ස් publish කරලා තියනවා. Only the English language is required to apply කියලා.
Finland වල මූලිකවම භාවිතා වෙන්නේ Finnish Swidish English languages.
Language tests නැති age limits නැති job opportunities.
Processing time duration එක දවස් 10ත් 14ත් අතර,
Dependents එක්ක යන්න පුළුවන්
Europe වල job competition එක වඩාත් අඩු රටක්
හුගක් sponsors එයාලම candidates ලව hire කරනවා. හුගක් ජොබ්ස් වලට air tickets, accommodations, visa fees employers ගෙවනවා සුදුසුම අයට ඒ වියදම් දරන්නෙ Finnish government එක නිසා ඒ වාසියත් employers ගන්නවා.
Sectors:
IT & Software
HR
Teaching
Healthcare
Sales and Marketing
Hospitality
Transport/ Drivers
Constructions
Seasonal workers
Installation Maintenance and Cleaning
Agricultural
food, forestry and metal products, paper and cardboard as well as machinery and equipment.
Finland formatt CV එකක් හදන්න, ඔයාගෙ CV එක හදන්න ඕන job description එකට අනුව ඒ හැම keyword එකක්ම ඇතුලත් කරලා. Required qualifications experience skills තියනවා නම් ඒවා ඒ විදිහටම copy paste කරන්න. ඇත්තෙන්ම ඒ දේවල් නැත්නම් try කරන්න එපා කාලේ අපරාදේ. Cover letter එකක් හදා ගන්න පිලිවෙලට සහ කෙටියෙන්.
Linkedin profile එකක් පිලිවෙලකට හදලා තියනවා නම් වඩාත් හොදයි සහ Linkedin වලිනුත් Finland jobs හොයා ගන්න පුළුවන් companies වල profile follow කරලා කියලා
තමයි infofinland government web site එකෙන් සදහන් කරන්නෙ
www.workinfinland.com මේ ලින්ක් එකෙන් Finland වල open jobs හොයා ගන්න පුළුවන්. English language එක select කරන්න, විශේෂයෙන්ම country එක Sri Lanka select කරහම අපේ රටේ අයට apply කරන්න පුළුවන් මේ අවස්ථාවෙ ඕපන් වෙලා තියන ජොබ්ස් විතරක් බලා ගන්න පුළුවන් පහසුවෙන්ම.
www.infofinland.fi මේ ලින්ක් එකෙන් විස්තර හොයා ගන්න පුළුවන්:
Applying for a job in Finland
Open jobs in Finland
How to search for work?
Other employment options
Job search services
ඒ වගෙම ටිකක් කාලය වැය කරලා මේ වෙබ් සයිට් එකේ විස්තර කියවලා බැලුවොත් ඔයාට තේරෙයි කිසිම ඒජන්ට් කෙනෙක් නැතිව මොන තරම් ලේසියෙන් ජොබ්ස් හොයාගෙන apply කරන්න පුළුවන් ද EURES (European Employment Services) සහාය ඇතිව කියලා.
www.talentboost.fi තවත් විස්තර
Shengan රටවලට යන්න පුළුවන් වෙනම visa අවශ්‍ය නැහැ
රටේ වැඩ කරන හැමෝටම එකම නීතියක් බලපැවැත්ම
සතියකට පැය 40ක උපරිම වැඩ කරන්න, වැඩි පුර වැඩ කරන්න කිසිදු බලපෑමක් කරන්න බැහැ අතිකාල දීමනා නැතිව.
වසරකට අවම දවස් 30 paid holodays.
Free healthcare
Life, Family insurance
Travel allowance
Pension plans
Free meals දෙන ජොබ්ස් තියනවා
Company stocks shares ගන්න පුළුවන් හැකියාව තියනවා
Gym pass
සමහර benefits පවුලෙ අයටත් ලැබෙනවා
තවත් Europe රටක්, opportunities හුගක් තියන. නැහැ බැහැ කියන අයට ලංකාව තරම් පහසු නැහැ කොහේවත්. ඒත් ගේමක් ගහන්නම try කරන කෙනෙක්ට පොඩි විස්තරයක් උනත් ඇති හොයාගෙන යන්න. අන්න එහෙම අයට support එකක් හැටියට තමයි මම පෝස්ට්ස් හදන්නේ. බැහැයි කියලා හිතන අයට කොහෙත්ම බැහැ.
https://daadscholarship.org/unskilled-jobs-in-finland-for-foreigners-with-visa-sponsorship/
Try කරන අයට ජයම –
(copy )
10/02/2024
𝐀𝐬𝐬𝐢𝐠𝐧𝐦𝐞𝐧𝐭 නිසා හිත කරදරෙන්ද? අන්තිම මොහොතේ කර ගන්න අමාරුද? ඔයාලට ගොඩයන්න අපි උදව් කරන්නම්
දැන්ම අපිව contact කර ගන්න Whatsapp හරහා 0770745342
Our services include the followings..
✅Turnitin Report
✅On-Time Delivery
✅Free Revisions
✅Plagiarism Free
✅Low cost - High quality
#
සරලව සිංහලෙන් Excel මුල සිට ඉගෙන ගන්න... ..පියවරෙන් පියවර..පන්තියට සම්බන්ධ වීමට කැමති අය msg එකක් දාන්න..😊
Click here to claim your Sponsored Listing.
Category
Telephone
Website
Address
Colombo
10650
Opening Hours
| Monday | 09:00 - 22:00 |
| Tuesday | 09:00 - 22:00 |
| Wednesday | 09:00 - 22:00 |
| Thursday | 09:00 - 22:00 |
| Friday | 09:00 - 22:00 |
| Saturday | 09:00 - 22:00 |
| Sunday | 09:00 - 22:00 |