District Secretariat- Colombo
13/05/2026
“ගංවතුර තත්ත්වය පාලනය කිරිමට සියළු ආයතන එක්ව කඩිනම් ක්‍රියාමාර්ග ගන්න, ප්‍රධාන උපාය මාර්ගික සැලසුමට අනුව අනෙකුත් ව්‍යාපෘති ක්‍රියාත්මක විය යුතුයි”
අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය .......................................................................................................................................................
2015 සිට 2021 දක්වා ගංවතුර පාලනය සම්බන්ධයෙන් සිදු කළ අධ්‍යයනය කිරීම වෙනුවෙන් රුපියල් මිලියන 510ක් වැය කළ ද නිසි ප්‍රගතියක් අත්පත් කරගෙන නැති බව අනාවරණය විය. අදාල ව්‍යාපෘති සම්බන්ධයෙන් නිශ්චිත කාලරාමුවක් ඉදිරිපත් කරන ලෙසත්, ගංවතුර තත්ත්වය පාලනය කිරිමට සියළු ආයතන එක්ව කඩිනම් ක්‍රියාමාර්ග ගන්නා ලෙසත්, ප්‍රධාන උපාය මාර්ගික සැලසුමට අනුව අනෙකුත් ව්‍යාපෘති ක්‍රියාත්මක විය යුතු බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙහිදී උපදෙස් ලබා දුන්නාය.
වැසි ජලය නිසි ලෙස බැස නොයෑම සහ කැලණි ගඟ පිටාර ගැලීම හේතුවෙන් කොළඹ, ගම්පහ සහ කෑගල්ල දිස්ත්‍රික්ක තුළ ඇතිවන ආපදා තත්ත්වය පාලනය සහ කොලොන්නාව නගර සංවර්ධනය සම්බන්ධයෙන් පත් කරන ලද කමිටුව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් 2026.05.12 වන දින කොළඹ දිස්ත්‍රීක් ලේකම් කාර්යාලයේදී රැස් වූ අවස්ථාවේදී අග්‍රාමාතය තුමිය මේ බව පැවසුවාය.
කොලොන්නාව ගංවතුර ආපදා අවම කිරීමේ උපාය මාර්ගික සැලැස්ම අනුව මේ වන විට අවශය කටයුතු සිදු කරමින් තිබෙන බවත් නාගරික සංවර්ධන අදිකාරිය යටතේ ව්‍යාපෘති දෙකක් ක්‍රියාත්මක කරමින් කොටිකාවත්ත සහ මුල්ලේරියාවේ පවුල් 1159ක් නැවත පදිංචි කිරීම සඳහා අවශ්‍ය කටයුතු මේ වන විට සිදු කරමින් යන බවත් නිලධාරීන් මෙහිදි පෙන්වා දුන්නේය.
ගංවතුර අවම කිරීම සඳහා කැළණි ගඟට එකතු වන වැසි ජලය කළමනා කරණය කිරීම සහ ප්‍රමාද කිරීම සඳහා ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමත්, ලෝ ලෙවල් මාර්ගය සංවර්ධනය කිරීමේදී නිසි පරිදි ජල සම්පාදන ක්‍රියාවලිය සිදු කිරීමට අවශ්‍ය සංවර්ධන කටයුතු සිදු කිරීම පිලිබඳවත් මෙහිදී අවධානය යොමු විය.
ගංවතුර පාලනය සඳහා වන උපාය මාර්ගික සැලසුම් ප්‍රමාද වීමට හේතුව ඒ සම්බන්ධයෙන් වාරිමාර්ග දෙපාර්තමේන්තුව සිදු කරන අධ්‍යයනයන් මෙතෙක් අවසන් නොවීම බව මෙහිදී අනාවරණය විය. 2015 සිට 2021 දක්වා ඒ වෙනුවෙන් අධ්‍යයනය කිරීම වෙනුවෙන් රුපියල් මිලියන 510ක් වැය කළ ද නිසි ප්‍රගතියක් අත්පත් කරගෙන නොමැති බවද මෙහිදී අනාවරණය විය. ඒ අනුව අවශ්‍ය කටයුතු සොයා බලා ගංවතුර තත්ත්වය පාලනය කිරිමට සියළු ආයතන එක්ව කඩිනම් ක්‍රියාමාර්ග ගන්නා ලෙසත්, ප්‍රධාන උපාය මාර්ගික සැලසුමට අනුව අනෙකුත් ව්‍යාපෘති ක්‍රියාත්මක විය යුතු බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙහිදී උපදෙස් ලබා දුන්නාය. සැලසුම් ක්‍රියාත්මක වීමේදී එක්බද්ධව කටයුතු කිරීම සහ අධික්ෂණය කිරීම මගින් අදාල ව්‍යාපෘති කඩිනම් කිරීම සිදු කළ යුතු බවද අග්‍රාමාත්‍යතුමිය මෙහිදී පැවසුවාය.
අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර, නියෝජ්‍ය කථානායක (වෛද්‍ය) රිස්වි සාලි, කොළඹ දිස්ත්‍රීක් සම්බන්ධිකරණ කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් නිපුනාරච්චි, නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සමන්මලී ගුණසිංහ, අසිත නිරෝෂන කොළඹ දිස්ත්‍රීක් ලේකම් ගිනිගේ ප්‍රසන්න ජනක කුමාර මහතා ඇතුළු කොළඹ දිස්ත්‍රීක්කය නියෝජනය කරන මහජන නියේජිතයින්, නිලධාරීන් පිරිසක් මෙම අවස්ථාවට සහභාගී විය.
දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය
කොළඹ
13/05/2026
“ සංවර්ධන ව්‍යාපෘති සිදු කිරීමේදී ජනතාවගේ ප්‍රායෝගික අවශ්‍යතා සලකාබලා සිදු කරන්න”
අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය-.........................................................................................................................
සංවර්ධන ව්‍යාපෘති සිදු කිරීමේදී ජනතාවගේ ප්‍රායෝගික අවශ්‍යතා සලකාබලා සිදු කරන ලෙස අග්‍රාමාතය ආචාර්ය හරිනි අමරසූරිය නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නාය.
කොළඹ දිස්ත්‍රක්කයේ සංවර්ධන ව්‍යාපෘතිවල ප්‍රගතිය විමසා බැලීම වෙනුවෙන් කොළඹ දිස්ත්‍රීක් ලේකම් කාර්යාලයේ 2026.05.12 වන දින පැවති කොළඹ දිස්ත්‍රික් සැලසුම් කමිටු රැස්වීමේදී අග්‍රාමාත්‍යතුමිය මේ බව පැවසුවාය.
2026 සහ 2027 වර්ෂ සඳහා ක්‍රියාත්මක කිරීමට නියමිත සංවර්ධන ව්‍යාපෘති රැසක් පිළිබඳ මෙහිදී සාකච්ඡා කළ යොමු වූ අතර මෙම වැඩසටහන මගින් ග්‍රාමීය මාර්ග සංවර්ධනය, දරිද්‍රතාවය තුරන් කිරීම සහ යටිතල පහසුකම් නංවාලීම කෙරෙහි විශේෂ අවධානයක් යොමු විය.
දිස්ත්‍රික් ක්‍රමසම්පාදන අධ්‍යක්ෂතුමා විසින් දිස්ත්‍රික් සංවර්ධන ව්‍යාපෘති පිළිබඳව ප්‍රගතිය ඉදිරිපත් කළ අතර එහිදි, විමධ්‍යගත අයවැය වැඩසටහන යටතේ 2026 වර්ෂය සඳහා රුපියල් මිලියන 195 කට වැඩි ප්‍රතිපාදන වෙන් කර ඇති බවත් දිස්ත්‍රික්කය නියෝජනය කරන මන්ත්‍රීවරුන් මේ සඳහා සිය යෝජනා ඉදිරිපත් කර තිබේන බවත් සදහන් කරන ලදී. ඒ අනුව දැනටමත් ප්‍රාදේශීය ලේකම්වරුන් හරහා ව්‍යාපෘති 240 ක් ලැබී ඇති අතර, රුපියල් මිලියන 127ක වටිනාකමකින් යුත් ව්‍යාපෘති 126 ක් සඳහා අනුමැතිය ලබා ගෙන තිබේ.
කොළඹ දිස්ත්‍රික්කයේ මාර්ග පද්ධතියේ ආරක්ෂාව තහවුරු කිරීම වෙනුවෙන් රුපියල් මිලියන 100 ක ප්‍රතිපාදන වෙන් කර ඇති අතර, එහිදී අනතුරුදායක ස්ථානවල ආරක්ෂිත වැටවල් සහ සංඥා පුවරු සවිකිරීමට ප්‍රමුඛතාවය හිමිවේ. මීට අමතරව, 2027 වර්ෂය ඉලක්ක කරගනිමින් ග්‍රාමීය පාලම් ඉදිකිරීමට රුපියල් මිලියන 100 ක් සහ කිලෝමීටර් 50 ක මාර්ග සංවර්ධනය කිරීමට ද සැලසුම් සකස් කර ඇති බව නිලධාරීන් පෙන්වා දුන්නේය.
දරිද්‍රතාවය තුරන් කිරීමේ අරමුණින් ක්‍රියාත්මක "ප්‍රජා ශක්ති" වැඩසටහන සඳහා රුපියල් මිලියන 1036 ක ප්‍රතිපාදන වෙන් කර ඇති අතර, ව්‍යාපෘති සියල්ල 2026 නොවැම්බර් 30 වන විට අවසන් කරන ලෙස අග්‍රාමාතයතුමිය මෙහිදී නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නාය. මීට අමතරව ක්‍රීඩා අමාත්‍යාංශයේ දායකත්වයෙන් පාසල් ක්‍රීඩා පිටි සංවර්ධනය කිරීම, බුද්ධශාසන හා පරිසර අමාත්‍යාංශ යටතේ විශේෂ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම පිලිබඳවද මෙහිදී සාකච්ඡා කෙරිණි.
බස්නාහිර පළාත් සංවර්ධන සැලැස්ම යටතේ මුදල් කොම්ෂන් සභාව/ පළාත් සභා ප්‍රතිපාදන මත ක්‍රියාත්මක වන ව්‍යාපෘති සඳහා රුපියල් මිලියන 3037.76 ක් ද දිස්ත්‍රික් සංවර්ධන වැඩසටහන යටතේ රුපියල් මිලියන 299.00 ක් ලෙස මුදල් ප්‍රතිපාදන වශයෙන් රුපියල් මිලියන 3336.76ක ප්‍රතිපාදන මුදලක් වෙන් කර තිබේ.
ඒ අනුව, මුදල් කොම්ෂන් සභාව/ පළාත් සභා ප්‍රතිපාදන මත ක්‍රියාත්මක වන ව්‍යාපෘති යටතේ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 13ත් සහ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවද ඇතුළත්ව ව්‍යාපෘති 584ක් අනුමැතියට සඳහා යොමුකර තිබෙන අතර ඉන් ව්‍යාපෘති 572 ක් මේ වෙද්දී අනුමත කර තිබෙන බවත් තවත් ව්‍යාපෘති 15ක් අනුමැතිය ලබාදීමට තිබෙන බවත් දැනුම් දුන් බස්නාහිර පළාත් නියෝජ්‍ය ප්‍රධාන ලේකම් ඊට අදාළ ව්‍යාපෘති යෝජනා කඩිනමින් ලබාදෙන ලෙස කමිටුවට දැනුම් දෙන ලදී.
දිස්ත්‍රික් සංවර්ධන වැඩසටහන යටතේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස දහතුනම ආවරණය වන පරිදි ව්‍යාපෘති 135 සඳහා මේ වනවිට අනුමැතිය ලබාදී අවසන් බවත් ඊට අදාළ ප්‍රගතිය ද මෙහිදී අවධානයට යොමු විය.මෙම ව්‍යාපෘති සඳහා ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 13 ම ආවරණය වන පරිදි රුපියල් මිලියන 299ක් වෙන්කර තිබෙන අතර 2026.05.11 වන දින වනවිට එම මුදලෙන් ව්‍යාපෘති 135ක් සඳහා රුපියල් මිලියන 212.14 ක් අනුමත කර තිබෙන බවත් දැනුම් දෙන ලදී.
අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර, නියෝජ්‍ය කථානායක (වෛද්‍ය) රිස්වි සාලි, කොළඹ දිස්ත්‍රීක් සම්බන්ධිකරණ කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් නිපුනාරච්චි, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සමන්මලී ගුණසිංහ, අසිත නිරෝෂන, අරුණ පනාගොඩ, චන්දන සූරියආරච්චි ඇතුළු කොළඹ දිස්ත්‍රීක්කය නියෝජනය කරන මහජන නියේජිතයින්, කොළඹ දිස්ත්‍රීක් ලේකම් ගිනිගේ ප්‍රසන්න ජනක කුමාර, දිස්ත්‍රික් ක්‍රමසම්පාදන අධ්‍යක්ෂ සුජිත් බණ්ඩාර යන මහත්වරුන් ඇතුළු නිලධාරීන් මෙම අවස්ථාවට සහභාගී විය.
දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය
කොළඹ
Click here to claim your Sponsored Listing.
Category
Telephone
Website
Address
Elvitigala Mawatha, Narahenpita
Colombo
00500
Opening Hours
| Monday | 08:30 - 16:15 |
| Tuesday | 08:30 - 16:15 |
| Wednesday | 08:30 - 16:15 |
| Thursday | 08:30 - 16:15 |
| Friday | 08:30 - 16:15 |