Youth Pulse
17/10/2022
අදික වර්ෂාව හේතුවෙන් අවතැන් වු හැඳල සහ වත්තල ප්‍රදේශයේ ජනතාව වෙනුවෙන් දිවා ආහාර වේල ඉඩම් හා සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාගේ පෞද්ගලික ධන පරිත්‍යාගයෙන් අද දහවල් ලබාදුන් අතර ඒ සඳහා අවතැන් වු ජනතාව රැසක් සහභාගි වී සිටියහ.මීට අමතරව තවත් ආධාර රැසක් ඉදිරියේ ලබාදීමට නියමිතව තිබේ.
15/10/2022
ලෝකයේ සංචාරය කරන්න හොඳම ආරක්ෂිත රටවල් 13 මැද ලංකාවත්
.............................................................
ලංකාව කියන්නේ මේ වෙද්දී ඉතාම අසීරුවෙන් ඔලුව උස්සන රටක්.අපි හැමෝම දන්නවා මේ මොහොතේ ලංකාවේ ආර්ථික අවපාතය.මේ ආර්ථික අවුලට හේතුව තමයි නිසි ආර්ථික සැලැස්මක් නොමැති වීමත් ප්‍රදාන වශයෙන් කෝවිඩ් සමය එක්ක ඇති වුණු රටේ ප්‍රදාන ආදායම් මාර්ග අවහිරවීමත්.කොහොම වුණත් කෝවිඩ් සමයෙන් පසුව අපේ අපනයන ආදායම යම් වර්ධනයක් ඇති වුණත් විදේශ ශ්‍රමිකයන්ගේ මුදල් එවීමත් විශේෂයෙන් සංචාරකයන් නොපැමිණීමත් නිසා රටේ ආර්ථිකය විනාස වෙලාම ගියා.
දැන් ලොකුම අභියෝගය ඒ ක්ෂේත්‍ර දෙක ගොඩනගන එක.විදේශ රැකියා ක්ෂේත්‍රයේ වර්ධනයක් වගේම ශ්‍රමිකයන්ගේ වැටුප් එවීමත් මේ වෙද්දී ක්‍රමයෙන් හදාගෙන යන්නේ.ඒක කම්කරු ඇමති මනුෂ නානයක්කාර වැඩ කොටසක් කරලා තියෙන්නේ.ඒත් සංචාරක ක්ෂේත්‍රය ගොඩ ගන්න පුළුවන් වුණාද? ඒකයි හැමෝටම දැන් ප්‍රශ්නය.
අපි දන්නවා කෝවිඩ් වසංගතයත් එක්ක සංචාරකයෝ පැමිණීම අඩුවුණා වගේම වර්ධනය වන මොහොතේ රටේ තෙල් ගෑස් සහ විදුලි කප්පාදුවක් සිදුවුණා.ඒ සමඟම ජනතාව පාරට බැහැලා ඊට විරුද්ධව හඬ නැගුවා.මේ සියල්ලම නිසා අපේ රට සංචාරය කිරීම සඳහා "අනාරක්ෂිත" රටක් බවට ඒ ඒ රටවල්වල රජයන් විසින් නම් කරලා තිබ්බේ.එහෙම රටක් නැවත "සුරක්ෂිත රටක් " කරන එක ලේසි නෑ.
ඔව්! ඒක කළා.ඒකේ ගෞරවය සංචාරක ඇමති හරීන් ප්‍රනාන්දුට යන්න ඕන..ඔහු කරපු දේ නිසයි අද අපිට මේ ප්‍රතිඵලය ආවේ.ඊටත් වඩා ඔහු ඒ සියල්ල කළේ තමන්ගේ පෞද්ගලික ධනයෙන්.මොකක්ද?
www.worldpackers.com කියන ජාත්‍යන්තර වෙබ් අඩවිය දාලා තිබ්බේ ඉතාම සතුටු හිතෙන ප්‍රවෘත්තියක්.ඒ තමයි ලෝකයේ සංචාරය කරන්න පුළුවන් ආරක්ෂිත රටවල් 13 අතර ශ්‍රීලංකාව අදවනවිට ඉන්න බව.ලෝකයේ ප්‍රබල රටවල් ගොන්නක් මැද දකුණු ආසියාවේ ලස්සනම පුංචි රටක් වෙච්ච අපේ රට අද සංචාරකයන්ට සුදුසුම රටක් කියලා පිළිගත්තා.ඒකට හේතු වුණේ සංචාරක ඇමති හරීන් ප්‍රනාන්දු රටවල් අතර ගිහිල්ලා පෞද්ගලිකව ඒ රටවල් වල සංචාරක තහනම් ඉවත් කරගන්න කියලා ඉවත් කරගත්ත නිසා.ඒ වෙබ් අඩවියේ තියෙන්නේ ශ්‍රීලංකාව ලස්සන බෞද්ධ රටක්.විවිධ සංස්කෘතීන් සහ ආගම් වලින් පිරිච්ච.ඉතාම සුහදශීලි මිත්‍රශීලී මිනිස්සු ඉන්න රටක් කියලා.
අපි මේ වෙද්දී ඔලුව උස්සගෙන යන්නේ IMF එකත් එක්ක අපි දෙසැම්බර් මාසයේ ගිවිසුම් ගතවෙනවා.ඒ වගේම ජනවාරි පෙබරවාරි වෙද්දී Bridging Funding එක සමඟ ගිවිසුමකුත්,ඒ වගේම රට රටවල් වල එකතුවෙන් ලබාදෙන මුල්‍ය ආධාරත් ලබන මාර්තු වෙනකොට ලැබෙනවා.මේ සියල්ල ලැබෙන්නේ අපේ රට ගොඩනගන්න අපි හැමෝටම තියෙන උවමනාව සහ කැපවීම මත.
ඒ නිසා අපි මේ මොහොතේ පාරට බහින්න හිතනවාට වඩා ලොකු දෙයක් රටවෙනුවෙන් කරන්න ඕන.සංචාරකයන් සඳහා රට සුරක්ෂිත රටක් වෙලා තියෙන මොහොතක පටු දේශපාලන අරමුණු වෙනුවෙන් අරගල කරන්න නරකයි.දැන් අරගලය වෙන්න ඕන රට ගොඩනගන අරගලය.ඒ නිසා දැන්වත් අපි මාස හයක් උපරිම වැඩ කරමු මේ රට ගොඩගන්න.මේ රට ලෝකේ හොඳම සංචාරක පාරාදීසයක් කරන්න.
.
16/05/2022
වොලී බැස්ටියන් 😂😂😂.
" සන්නිවේදනයේ අවුලක්. කමක් නෑ අද වෙච්ච දේ අමතක කරමු.විස්වාසභංගයට එකතු වෙමු"- හරීන්ගෙන් ස්වාධීන කණ්ඩායමට ඇරයුමක්.
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Colombo