HIYU STORE

HIYU STORE

Share

23/02/2023

🌻🌻❗👌☝- Cleaning staff එකේ ඉන්න මනුස්සයෙක්ට ගුඩ්මෝර්නින් මචං, කෑවද කියලා ඇහුවම කටපුරා හිනාවෙලා ඔව් සර් කියලා කිව්වම 🤗

- Keells, Foodcity වල අපි යද්දී දොර අරින මනුස්සයෙක්ට එහෙනම් අපි ගිහින් එන්නම් කිව්වම, හරි සර් බුදු සරණයි කිව්වම ☺️

- උදේ වැඩට යද්දී ගේට්ටුව අරින security කොල්ලට හෝන් එකක් ගහලා පොඩි සැලියුට් පාරක් දැම්මම ඌට එන ගැම්ම දැක්කම 👋

- ගරාජ් එකෙ මජන් නාගෙන අපෙ වැඩේ ගොඩදාලා දෙන, සර්විස් එකෙ වතුර නාගෙන අපෙ වාහනෙ සුපිරියටම හෝදලා දෙන කොල්ලට ස්තූතිය මචං කියලා කීයක් හරි මිට මෙලෙව්වම උගෙ මූනෙ ඇඳෙන හිනාවට 😃

- පාරෙ පොඩි බඩු ටිකක් තියාගෙන අව්වෙ දත කාගෙන විකුනන මනුස්සයෙක්ට ඉතුරු රැපියල් 50 තියාගන්න කිව්වම ඒ මනුස්සයාගෙ මූනෙ තියෙන හිනාවට 😃

- වැස්සෙ තෙමීගෙන අපේ කෑම එක ගේන uber eats එකේ කොල්ලට වැඩියෙන් රැපියල් 100 ක් දුන්නම උගෙ මූනෙ තියෙන හිනාවට 😃

- කොහෙ ගියත් සෙට් වෙන බලු යාලුවෙක්ට ඔලුව අතගාලා බනිස් එකක් දුන්නම ඌ දෙන fit එකට 🐕 ❤️

මම අසීමිත සතුටක් ලබනවා. උඹටත් ප්‍රශ්න ඇති... උඹට ඔච්චර ප්‍රශ්නනම් උන්ට කොච්චර ප්‍රශ්න ඇද්ද. පොඩි සතුටක් හරි ලබනවා ඔවුන් ඒකෙන්. ඒ හන්දා පොඩ්ඩක් වෙනස් වෙන්න බලපන් මචං. තමන්ගේ තත්වෙ මොකක් උනත් තවත් මනුස්සයෙක්ව පොඩි වෙලාවකට හරි සතුටු කරන්න බලපන් උඹට පුලුවන් විදිහට ඒකෙන් ඉබේම ලොකු සතුටක් දැනෙයි 🙏

Copied✊

Want your business to be the top-listed Clothing Store in Colombo?
Click here to claim your Sponsored Listing.

Telephone

Address


Colombo