Mayam.lk

Mayam.lk

Share

12/01/2026

"ආ ආවද... අද පරක්කුයිනේ... මට බඩගිනියි හලෝ, ඉක්මනට මොනවා හරි හදන්නකෝ..." මම රෑ 7.30ට ගෙදර ගොඩ වෙද්දිම සෝෆා එකේ වාඩි වෙලා ටීවී බල බල හිටපු මගේ මහත්තයා කිව්වේ එහෙම.

මම උදේ 8 ඉඳන් ඔෆිස් එකේ ෆයිල් කඳු අස්සේ හිර වෙලා, බොස්ගේ බැණුම් අහලා, බස් එකේ තෙරපිලා ගෙදර ආවේ කකුල් දෙකත් ඇදගෙන. මට හිතුනේ බෑග් එක විසි කරලා ඇඳට වැටෙන්න. "මට මහන්සියි අනේ... ඔයාට බැරිද තේ එකක් හදන්න?" කියලා අහන්න මගේ කටට ආවා. ඒත් ගැහැණියක් වුනාම එහෙම අහන්න බෑනේ.

මම මුකුත් නොකියම හෑන්ඩ් බෑග් එක පුටුව උඩින් තියලා, සාරි පොට ඉණේ ගහගෙන කෙලින්ම ගියේ කුස්සියට. මහත්තයාටත් මහන්සියි තමයි. එයා රස්සාවක් කරනවා. හැබැයි එයා ගෙදර ආවම එයාගේ "ඩියුටි" ඉවරයි. ඒත් මට? මට ගෙදර ආවම තමයි මගේ ජීවිතේ අමාරුම "Shift" එක පටන් ගන්නේ. උයන්න, පිඟන් හෝදන්න, ළමයි බලාගන්න, ගේ අස් කරන්න... මේවට මට පඩි ගෙවන්නේ නෑ. මට "OT" නෑ. මට නිවාඩු නෑ.

රෑ 10ට විතර වැඩ ඉවර වෙලා මම ඇඳට එද්දි මහත්තයා නිදි. එයා පහුවදා උදේට කියනවා, "ඔයා දැන් ඉස්සර වගේ ලස්සන නෑ... මූණත් වැහැරිලා... නාකි පාටයි..." කියලා. මම හිනා වෙලා නිකන් ඉන්නවා. එයා දන්නේ නෑ මම වැහැරෙන්නේ මේ දුවන දිවිල්ල නිසා කියලා.

මහත්වරුනි, ඔයාගේ බිරිඳත් රස්සාවක් කරනවා නම්, කරුණාකරලා එයා ගෙදර ආවම එයාට වතුර එකක් දෙන්න. එයා උයද්දි පොල් ටිකක් ගාලා දෙන්න. එයා යකඩ ගැහැණියක් නෙවෙයි. එයාටත් මහන්සියි. ඔයා එයාට උදව් කරනවා කියන්නේ ඔයා "ගැහැණු වැඩ කරනවා" කියන එක නෙවෙයි. ඒ කියන්නේ ඔයා ආදරණීය සැමියෙක් කියන එකයි.

ගෙදර දොරේ වැඩ කියන්නේ බිරිඳගේ තනි රස්සාව නෙවෙයි, ඒක පවුලේ වගකීමක්. අද රෑට වත් එයා කුස්සියට යද්දි ඔයත් පස්සෙන් ගිහින් අහන්න, "මම මොනවද කරන්න ඕන?" කියලා. එයාගේ ඇස් වලට එන සතුටු කඳුළු වල ඔයාට ඒකේ උත්තරේ තියෙයි.

Credits - Chanuka Jeewantha

09/01/2026

කාන්තාවන්ට පිරිමින්ට වඩා වැඩිපුර නින්දක් ඕනෑ කියන්නේ ඇත්තද? 😴👩‍🔬

ඔන්න අලුත්ම පර්යේෂණවලින් හෙළි වෙලා තියෙනවා කාන්තාවන්ට පිරිමින්ට වඩා වැඩිපුර නින්දක් අත්‍යවශ්‍යයි කියලා. මේකට ප්‍රධානම හේතුව විදිහට විද්‍යාඥයන් පෙන්වා දෙන්නේ කාන්තාවන්ගේ මොළය පිරිමින්ට වඩා සංකීර්ණ ලෙස ක්‍රියා කිරීමයි. 🧠✨

ඇයි මෙහෙම වෙන්නේ? 🤔

📍 බහුකාර්ය හැකියාව (Multi-tasking): කාන්තාවන් සාමාන්‍යයෙන් එකවර වැඩ කිහිපයක් ගැන හිතනවා, ඒ වගේම කරනවා. මේ නිසා ඔවුන්ගේ මොළයේ සෛල පිරිමින්ට වඩා වැඩියෙන් වෙහෙසට පත් වෙනවා.

📍 විනාඩි 20ක වැඩිපුර නින්දක්: ලොෆ්බරෝ විශ්වවිද්‍යාලයේ පර්යේෂණවලට අනුව, කාන්තාවකගේ මොළය යථා තත්ත්වයට පත්වෙන්න පිරිමියෙකුට වඩා අවම වශයෙන් විනාඩි 20ක්වත් වැඩිපුර නින්දක් අවශ්‍යයි.

📍 නින්ද මදි වුණොත් මොකද වෙන්නේ? කාන්තාවන්ට නින්ද මදි වුණාම මානසික ආතතිය, කේන්තිය සහ කලබලකාරී ස්වභාවය පිරිමින්ට වඩා වැඩිපුර ඇති වෙන්න පුළුවන් කියලා මේ අධ්‍යයනය පෙන්වා දෙනවා.

ඉතින්, ගෙදර දොරේ වැඩ වගේම රැකියාවේ වැඩත් එක්ක කාන්තාවන් ගොඩක් වෙහෙසෙන නිසා, ඔවුන්ගේ සෞඛ්‍යය ගැන මීට වඩා හිතන්න කාලය හරි! 💆‍♀️

දවස පුරා වැඩ කරලා මහන්සි වෙලා නිදාගන්න ලැබෙන ඒ පැය කිහිපය ඔයාට කොයි තරම් වටිනවද? ඔයා සාමාන්‍යයෙන් දවසට පැය කීයක් නිදාගන්නවද? 🕒💤

14/12/2025

අහු වෙන්න කලින් බේරෙන්න කියා දෙන්නද .. මිනිස්සු පෙන්නන රෙඩ්ෆ්ලැග්ස්....

* සමහර මිනිස්සුත් එක්ක පුංචි වෙලාවක් හිටියත් අපිට ලොකු මහන්සියක් දැනෙනවා. ඒ කියන්නේ හිත නිවෙනවා වෙනුවට , අපිට ලොකු මහන්සියක් දැනෙනවා. අපේ ශක්තිය නැතිවෙලා වගේ දැනෙනවා. ඒත් එක්කම තවත් මිනිස්සු එක්ක අපි පුංචි වෙලාවක් හිටියත් අපිට දැනෙනවා අපි හරි ප්‍රබෝධමත් කියලා. මෙන්න මේ වෙනස හඳුනාගන්න. ඔයාගේ ජීවිතේට ප්‍රබෝධයක් අරගෙන එන මිනිස්සුන්ව ළං කර ගන්න. ඔයාගේ ආත්මයම වෙහෙසට පත් කරන මිනිස්සුන්ගෙන් ඈත් වෙන්න.

* සාමාන්‍යයෙන් පුංචි පුංචි රණ්ඩු ඇතිවීම බොහෝම සාමාන්‍යයි. එකඟ නොවීම් මේ දේවල් හරිම සාමාන්‍යයි. ඉතින් ඒක ඇත්තටම තනිකර රෙඩ්ෆ්ලෑග් එකක් කියලා ගන්න බැහැ. මොකද මිනිස්සු රණ්ඩු වෙනවා යාළුවෙනවා ඒක සාමාන්‍යයක්.
ඒත්
ඔහොම රණ්ඩුවක් වුනාම.....

- එයාලගේ අතේ වැරැද්දක් තියෙනවනම් එයාලා සමාව ඉල්ලනවද ?
- ඔයා පෙන්නන දේ ගැනත් එයාලා ඇහුම්කන් දෙනවද ?
- ඔයාට පැහැදිලි කරන්නට ඉඩ ලබා දෙනවද ?
- ප්‍රශ්නය නිරාකරණය කර ගන්නට එයාලා ඔයාට උදව් කරනවද ?
- වැරදිච්ච තැන හදාගන්නට එයාල උත්සාහවන්තයිද ?

එහෙම නැත්නම්...

- හැමදේටම ඔයාට බනිනවද ..
- හැමදේම ඔයාගේ වැරැද්ද කියලා ඔයාටම දෝෂාරෝපණය කරනවද..
- තමන්ගේ වැරැද්ද පිළිගන්නේ නැතිද...
- පැහැදිලිව අදහස් හුවමාරු කර ගන්නේ නැතුව ඔයාව මඟ හරිනවද
- ඔයා වැරැද්දක් කළා වගේ ඔයාට ඒ වැරැද්ද පාස් කරනවද..
- හැමදේම සිද්ධ වුණේ ඔයාගේ මොකක් හරි දෙයක් නිසා නිතරම ඔයාව අගතියට පත් කරනවද..
- එයාට සමාව ගන්න වෙන නිසා එයා වෙන වෙන අතීතයේ දේවල් ඇදලා ගන්නවද...

මෙන්න මේක ගැන ඔයා හිතන්න ඕනේ. මේ තත්ත්වය ලොකුම ලොකු red flag එකක් !

* අනිත් අයට එයාලා කොහොමද සලකන්නේ කියල බලන්න.
වේටර් කෙනෙක්ට කතා කරන්නේ කොහොමද...
පාරේ ඉන්න අමුත්තන්ට හදිස්සියකදී එයාලා කොහොමද කතා කරන්නේ..
මෙන්න මේ දේවල් ගැන අධ්‍යයනය කරන්න..
කිසිම මනුස්සයෙක්ට එයා කිසිම ගෞරවයක් නැත්නම් ඒක ගැන ඔයාට හිතන්න වෙනවා...

* Manipulative Language : ඔයාව අතරමං කරන සහ ඔයාගේ පැත්තෙන් වැරැද්දක් වුනා කියල පෙන්වන එහෙමත් නැත්නම් ඔයාට ගිල්ටි එක නිතරම දැනෙන්නට ඉඩ හරින මෙන්න මේ වගේ දේවල් කියනවද...

ඒ කියන්නේ ඔයාට ලොකු වැරැද්දක් කරලා ඔයාගේ හිත රිද්දලා ඔයාව මානසිකව වට්ටලා එයා මෙහෙම දෙයක් කියනවනම් ඒ ගැන අවධානය දෙන්න...

" ඔයා ඕනවට වඩා වැඩියි..."
" මම විහිළුවක් කලේ "
" අනේ මේ ඔයා ඕනවට වඩා ඔහොම හිතන්න යන්න එපා "
" මටත් එපා වෙනවා නේ ඔයා ඔහොම දුක් වෙද්දි.. විහිළුවක්වත් කරන්න බෑනේ "
" මං ඔයාට ආයෙත් කවදාවත් විහිළු කරන්නේ නැහැ.."
" ඔයා ඇත්තටම ටූ මච් "

ඒ කියන්නේ එයා එයාගේ වැරැද්ද වහගන්න තමයි නිතරම උත්සාහ කරන්නේ. ඔයාගෙන් සමාව ඉල්ලන්න උත්සාහ කරන්නේ නැහැ. ඔයාට වැරැද්ද එයා දෙනවා හැමතිස්සේම. මේක ගැන ටිකක් නෝට් කරගන්න.

මොකද මෙහෙම දේවල් වලින් ඔයා ඔයාවම ප්‍රශ්නයක් කරගන්නවා. ඔයාට ඔයා වැරැද්දක් කරා වගේ හැඟීමක් දැනෙනවා.

* ඔයාට කතා කරන්න ඉඩ දෙන්නේ නැහැ. නිතරම එයා මැද්දෙන් පනිනවා. එයා ඇහුම්කන් දෙන්නේ නැහැ. ඔයා කතා කරද්දි එයා ඉන්නේ වෙනම වැඩක් කර කර. ඔයාට අවධානය දෙන්නේ නැහැ.

*එයා ඔයාගෙන් අහන්නේ නැහැ ඔයාගේ දවස කොහොමද කියල. කලාතුරකින් තමයි එයා ඔයාගෙන් අහන්නේ ඔයාගේ දවස ගෙවුණ ආකාරය ගැන. ඔයා හොඳින්ද කියලා අහන්නේ නැහැ

* ඔයාව තවත් අයත් එක්ක සංසන්දනය කරනවා. මෙයා මෙහෙමයි. අරයා මෙහෙමයි ඇයි ඔයාට බැරි එයා වගේ වෙන්න කිය කියා ඔයාව සංසන්දනය කරනවා. මේක ලොකුම ලොකු red flag එකක්.

* ඔයා ගැන අනිත් අයට නිතරම නරක කියනවා. ඔයාගේ වැරදි ඔයාගේ අඩුපාඩු ඔයාගේ පෞද්ගලික දේවල් පවා ලේසියෙන් අනිත් අයට කියමින් ඔයාට බනිනවා හෝ දොස් පවරනවා. නිතරම ඔයාගේ වැරදි ප්‍රචාරය කරනවා. කවුරු ඉන්නවද නැද්ද කියල බලන්නේ නැතුව ප්‍රසිද්ධියේ ඔයාව විවේචනය කරනවා.

* ' මාව විශ්වාස කරන්න..' කියමින් එයා ඔයාට කියනවා ඒත් එයාගේ ක්‍රියාව සම්පූර්ණයෙන්ම විරුද්ධයි ඒ දේට. එයා නිතරම කියනවා විශ්වාස කරන්න කියලා ඒත් එයා ඒ වෙනුවෙන් ඇත්තටම කැප වෙන්නේ නැහැ .
උදාහරණයක් කියන්නම් :

ඔයා දකිනවා එයාගේ ෆෝන් එකට වෙන කෙනෙක්ගෙන් අනවශ්‍ය මැසේජ් එකක් එනවා.. ඔයා ඒක හොඳටම දකිනවා. ඔයා එයාට කියනවා කවුද ඒ ඔයාට පෙන්නන්න කියලා. ඒත් එයා ඔයාට පෙන්නන්නෙ නැතුව එවේලේ ලොකු රණ්ඩුවක් කරනවා. ' ඔයාට මාව විශ්වාස කරන්න බැරිද කියලා අහලා ' එහෙම නැතුව එයා ඔයාගේ විශ්වාසය දිනාගන්න එතන වෙන දේ ඔයාට පැහැදිලි කරන්න බයයි. මේක ලොකුම ලොකු රෙඩ්ෆ්ලෑග් එකක්. ඒත් ඔයා වැරැද්දක් කලොත් මේකේ අනිත් පැත්ත. ඇත්ත දැනගන්න කල් එයා රණ්ඩු වෙනවා.

* විවිධ පොරොන්දු එයා දෙනවා. ඒත් ඒ එක පොරොන්දුවක්වත් එයා ඉෂ්ට කරන්නේ නැහැ. මේ කියන්නේ ලොකු ලොකු පොරොන්දු ගැන නෙමෙයි. නිතරම ඔයාට පොරොන්දු වීම් වෙලා පුංචි දෙයක්වත් එයා ඔයා වෙනුවෙන් කරන්නේ නැහැ. ඔයාට රිදෙනවා කියලා දැන දැනත් ඒවා මගහරිනවා.

* එයා සමාව ඉල්ලනවා ඒත් එයා වෙනස් වෙන්නෙ නැහැ. දිගටම මේක චක්කරයක් වගේ දිගටම වෙනවා. එයා වැරදි කරනවා සමාව ඉල්ලනවා ඔයා සමාව දෙනවා. ආයෙත් එයා වැරදි කරනවා ඔයා සමාව දෙනවා. මේක ලොකුම ලොකු රතු කොඩියක් !!

මේ කිව්වේ අපි සමාජයේ ජීවත් වෙද්දි අපි දැනගෙන ඉන්න ඕනේ දේවල් කිහිපයක් !

Credits - Gumiho's Diary

Want your business to be the top-listed Media Company in Colombo?
Click here to claim your Sponsored Listing.

Address


Colombo