Sri Lanka Library Association - SLLA
16/07/2026
DLIS-2026 පාඨමාලාව සදහා නවක සිසුන් බදවා ගැනිමේ සමාරම්භක අවස්ථාව උත්කර්ෂවත්ව පැවැත්වීය.
ශ්‍රී ලංකා පුස්තකාල සංගමයේ "පුස්තකාල හා විඥාපන විද්‍යා පාඨමාලාව" (DLIS) 2026 අධ්‍යයන වර්ෂය සදහා නවක සිසුන් බදවා ගැනීමේ සමාරම්භක උත්සවය 2026 ජූලි 11 වැනි දින පෙරවරු 9.30 ට කොළඹ මහජන පුස්තකාලයේ සම්මන්ත්‍රණ ශාලාවේදී උත්කර්ෂවත්ව පැවැත්විණි.
මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිත දේශිකාව ලෙස කැලණිය විශ්වවිද්‍යාලයේ පුස්තකාල හා තොරතුරු විද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය නදීකා රත්නබාහු මහත්මිය සහභාගී වූ අතර, එතුමිය විසින් නව සිසුන් අමතමින් පුස්තකාල හා තොරතුරු විද්‍යා ක්ෂේත්‍රයේ වර්තමාන ප්‍රවණතා, වෘත්තීය ආචාරධර්ම, දැනුම් කළමනාකරණයේ නව ප්‍රවේශයන් සහ අනාගත වෘත්තීය අවස්ථා පිළිබඳ දේශනයක් පවත්වන ලදී.
මෙම උත්සව අවස්ථාවට ශ්‍රී ලංකා පුස්තකාල සංගමයේ සභාපති සුගත් ගුණතිලක මහතා, ඇතුළුව හිටපු සභාපති ආචාර්ය ප්‍රීති ලියනගේ, උප සභාපති ඇන්ටන් නල්ලතම්බි, පාඨමාලා සම්බන්ධීකාරක චමල් අබේගුණවර්ධන, අධ්‍යාපන නිලධාරී ධමින්ද මනම්පේරි , සහකාර අධ්‍යාපන නිලධාරී අරුණ දිනේෂ් , භාණ්ඩාගාරික චමිලා ගමගේ , ශ්‍රී ලංකා පුස්තකාල සංගමයේ කථිකාචාර්ය සමන්ති , මහජන පුස්තකාල කමිටු කැඳවුම්කාරිණී නිශාන්ති චන්ද්‍රසිරි යන මහත්ම මහත්මීන් ඇතුළු ආරාධිතයින් පිරිසක් සහ ශ්‍රී ලංකා පුස්තකාල සංගමයේ කාර්ය මණ්ඩලයේ නිලධාරිනියන් වන ඔරිලියා හා සමොද්‍යා ද ඇතුලුව DLIS 2026 පාඨමාලාවේ නවක සිසුන් විශාල පිරිසක් සහභාගී වූහ.
මෙම අවස්ථාවේදී පාඨමාලාවේ අරමුණු, විෂය නිර්දේශය, අධ්‍යයන සැලැස්ම, ඉගැන්වීමේ හා ඇගයීමේ ක්‍රමවේද, විභාග පද්ධතිය සහ පාඨමාලාව සාර්ථකව හැදෑරීම සඳහා අනුගමනය කළ යුතු අධ්‍යයන හා පරිපාලන ක්‍රියාපටිපාටි පිළිබඳ නව සිසුන් දැනුවත් කරන ලදී. එමෙන්ම පුස්තකාල වෘත්තියේ වගකීම්, වෘත්තීයමය ආචාරධර්ම, නායකත්වය, විනය සහ අඛණ්ඩ ඉගෙනීමේ වැදගත්කම පිළිබඳව ද දේශකයන් විසින් විශේෂ අවධානය යොමු කරන ලදී.
05/05/2026
Click here to claim your Sponsored Listing.
Category
Contact the school
Telephone
Website
Address
Organisation Of Professional Associations
Colombo
Opening Hours
| Monday | 09:00 - 17:00 |
| Tuesday | 09:00 - 17:00 |
| Wednesday | 09:00 - 17:00 |
| Thursday | 09:00 - 17:00 |
| Friday | 09:00 - 17:00 |
| Saturday | 09:00 - 12:00 |