ATI Hub
09/03/2025
🚨🔥අලුත් ගූගල් මැප් අප්ඩේට් එක ගැන දන්නවාද??
දැන් අපිට පුළුවන් අපි යන පාරේ තියෙන "විශේෂ දේවල්" ගූගල් මැප් එකට ඇතුළත් කරන්න.
ඔයා යන පාර ක්ලික් කරලා Start ඔබලා පාරේ යනකොට මොකක් හරි "විශේෂ දෙයක්" දැක්කොත් දකුණු පැත්තේ යන තියෙන ⚠️ ක්ලික් කරලා ඒ "විශේෂ දේ" ඇඩ් කරන්න පුලුවන්.
මෙහි "විශේෂ දේවල්" වර්ග 7 ක් ඇතුළත් කරන්න පුළුවන්.
⚠️ Crash - රිය අනතුරක් ඇතුළත් කරන්න
⚠️ Congestion - ලොකු ට්‍රැෆික් එකක් ඇතුළත් කරන්න
⚠️ Police - පොලීසියෙන් ඉන්න තැන් ඇතුළත් කරන්න(අනිවාර්යයෙන් ම කරන්න 🤣)
⚠️ Roadworks - පාර හදන තැන් ඇතුළත් කරන්න
⚠️ Lane closure - වහලා තියෙන පාරක්/ලේන් එකක් ඇතුළත් කරන්න
⚠️ Stalled vehicle - නැවතිලා තියෙන වාහනයක් ගැන ඇතුළත් කරන්න
⚠️ Object on road - පාරේ මොකක් හරි වස්තුවක්/සතෙක් ගැන ඇතුළත් කරන්න
ඔයාලා තොරතුරු ඇඩ් කරනකොට මැප් එක අප්ඩේට් වෙනවා.
එතකොට ඒවා අනිත් අයට බලාගන්න පුළුවන්.
හැමෝම එක්ක ශෙයා කරගන්න.
- විකුම් හර්ෂණ -
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Colombo