Tharu flora
21/07/2022
😘 කොල ගානට මල් ගන්න පොඩි tips ටිකක්😘😘
1 අනිවාර්යයෙන්ම 80/ shade එකක් තියෙන්නම ඕන
2 බදුන් මාධ්‍ය ඇන්තූරියම් වලට සුදූසු වෙන්නම ඕන ( මාධ්‍ය ගෙන පොස්ට් එකක් දාලා තියනවා
3ගොඩක් තෙතමනය තියන්න එපා හොදින් ජලය බැස යන විදියට මාධ්‍ය සකස් කරන්න
4කුඩා පැල විශාල බදුන් වලට දාන්න එපා පැලයට සුදුසු පොට් තොරගන්න ( පොස්ට් එකක් දාලා තියනවා)
5 සවස 4න් පස්සේ ජලය යොදන්න එපා පුලුවන් තරම් උදෙ 10ට කලින් දාන්න
6 දවසකට එක සැරයක් පමනක් ජලය යොදන්න
7 පොට් තොරාගනිද්දි සිදූරු සහිත පොට් තොරාගන්න
8 පැල මිලදී ගද්දී ගොඩක් සැලකිලිමත් වෙන්න
9ඇන්තූරියම් පැලය තබන් ස්ථානය පොලො මට්ටමෙ ඉදන් අගල් 6-7ක් උසින් තියන්න වර්ධනය ශීස්‍ර වෙනවා
10 හොද පොහොර ක් තොරාගන්න... ඔස්මකොට් තමයි හොදම ඉට අමතරව යාරමිලා , නිල් කැට , දම් කැට
🧐කුඩා පැල - ඔස්මකොට් n
🧐සාමාන්‍ය ප්‍රමාණයේ පැල - ඔස්මකො ට් බැලන්ස්
🧐මල් ලබා ගැනීමට - ඔස්මකොට් k
😘😘😘අදට ඇතිනෙ 😡😡🥰🥰
20/07/2022
හැමොටම මෙ දවස් වල ඔස්මකොට් ප්‍රශ්න නිසා මෙ ටික ට්‍රයි කරලා බලමුද???
😇 හැමොම හොයන්නෙ ඔස්මකොට් හෙතුව තමයි ඇන්තූරියම් වලට අවශ්‍ය වන්නේ කඩින් කඩ අවශ්‍ය පොශක ලබා දෙන දෙයක් ඉතින් ඒ හෙතුවට හොදම විසදුම තමයි ඔස්මකොට්😐. ..
දැන් ඔස්මකොට් හිගයට අපිම විසදුමක් හොයමුද මෙ ටික ට්‍රයි කරලා බලන්න😍
( කාබනික හොදෙ රසායනික නෙවෙයි.. කැමති අය විතරක් කරන්න .. )
🥳නයිට්‍රජන් ( N )
පොඩි පැල වලට 👇👇
1 🔥 කර දහයියා - කර දහයියා වල නයිට්‍රජන් අඩංගුයි ඉතිං ඇන්තූරියම් ශාකයට අවශ්‍ය නයිට්‍රජන් පොශකය කරදහයියා වලින් ලබා ගන්න පුලුවන් ඒ වගෙම කර දහයියා වල සිලිකන් අඩංගු යි එම නිසා ලෙඩ රෝග වලින් ශාකය ආරක්ෂා කරගන්න ත් පුලුවන්..
2 🔥 මුරුංගා කොළ - හැමොම දන්නවා මුරුංගා කොල වල නයිට්‍රජන් අඩංගුයි කියලා ඉතින් ඔයාලා කැමති විදිහට මෙ පොශකය ගසට ලබා දෙන්න.. මෙ විදිහටත් කරලා බලන්න ..
මුරුංගා කොල මද පවනෙ වෙලලා බ්ලෙන්ඩ් කරලා ලැබෙන පව්ඩර් ශාකයෙ කද වටෙට ඉහින්න සතියකට දවස් තුනක් වගෙ... / මුරුංගා කොළ වතුර එක්ක කලවම් කරලා ස්ප්‍රෙ එකක් හදලා භාවිතා කරන්නත් පුළුවන්...
🙄🙄🙄
තව ඔයාලාට මෙ වගෙම ඇල්බීසියා කොල දියර හො පව්ඩර් එකක් වශයෙන් හදාගෙන භාවිතා කරන්න පුලුවන් ...
ඔස්මකොට් නැති අය පොඩි පැල වලට මෙ ටික කරලා බලන්න ...
😁😁😁😁
මෙ දෙවල් වැදගත් කියලා හිතෙනවානම් මගෙ pag ekath එක්ක දිගටම ඉන්න https://www.facebook.com/Tharu-flora-103539559110336/
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
No 110/A Korasa Udugampala
Colombo