Newsban
18/03/2025
ඊශ්‍රායලයේ ශ්‍රී ලාංකිකයන් වෙසෙන නවාතැන්පොලක හටගත් ගින්න ....
ඊශ්‍රායලයේ ශ්‍රී ලාංකිකයන් නවාතැන් ගැන සිටි ස්ථානයක හදිසි ගින්නක්
04/01/2025
කාසියේ වාසිය දිනූ නවසීලන්තය පන්දු යැවීමට තීරණය කරයි.
18/12/2024
වෙඩිල්ලට බිලි වූ "බබා"ගේ අවසන් ගමනට ජන ගංගාවක් - මැරෙනකල් මිනිස්සු හම්බකරපු එකෙක්... #baba #kaldera වෙඩිල්ලට බිලි වූ "බබා"ගේ අවසන් ගමනට ජන ගංගාවක් - මැරෙනකල් මිනිස්සු හම්බකරපු එකෙක්...
18/12/2023
යුක්‍රේන වැසියන් දණ ගසා කළ ආචාරය මැද රනීෂ් අවසන් ගමන් යයි
යුක්‍රේනයේදී රුසියානු ප්‍රහාරයකින් මියගිය කපිතාන් රනිෂ් හේවගේ ගේ අවසන් කටයුතු යුක්‍රේන හමුදා ආචාර හා යුක්‍රේන වැසියන්ගේ උපහාර මැද යුක්‍රේනයේ මිලිතොන් හිදී සිදුකර ඇත.
යුක්‍රේනය ආරක්ෂා කිරීමට දිවි දුන් වීරයෙක් ලෙස කපිතාන් රනීෂ්ව නම් කරමින් මෙම අවසන් කටයුතු සිදුකර තිබේ.
මෙහිදී කපිතාන් රනිෂ්ගේ දේහය අවසන් කටයුතු සඳහා රැගෙන යන මඟ දෙපස යුක්‍රේන වැසියන් විසින් වාහනවලින් බැස දණ නමා තම ආචාරය කිරීමටද පියවර ගෙන ඇත.
දේහය ගෙනයන මග දෙපස හිම වැටෙද්දීත් කිලෝමීටර් තුනක් පමණ දුරට යුක්‍රේන වැසියන් විසින් දණ නවා ආචාරය කරන්නට පෙළගැසී සිටි බව යුක්‍රේනයේ ශ්‍රී ලාංකිකයෝ පැවැසූහ.
යුක්‍රේනය මෙයට වඩා කපිතාන් රනිෂ් වෙනුවෙන් කටයුතු කළ යුතු බව අවසන් කටයුතු සඳහා එක්වූ විදේශිකයන් විදෙස් මාධ්‍යවලට ප්‍රකාශ කර තිබිණි.
මෙම අවසන් කටයුතූ සඳහා රනිෂ්ගේ මව හා සහෝදරිය ද එක්ව සිටි බව වාර්තා විය.
දෙසැම්බර් 4 වැනිදා යුක්‍රේනයේ බක්මුත් හිදී කපිතාන් රනිෂ් හේවගේ මිය යන්නේ තම සහොද් ර සගයකුගේ දේහය රැගෙන ඒමට රුසියානු දේශ සීමාව ආසන්නයේ මෙහෙයුමකට එක්වූ මොහොතක රුසියානු හමුදා එල්ල කළ කාලතුවක්කු ප්‍රහාරයකිනි.
මෙම සටන්වලදී කපිතාන් රනිෂ් හේවගේ ඇතුළු ශ්‍රී ලංකාවේ සිට ගොස් යුක්‍රේන සන්නද්ධ හමුදා ජාත්‍යන්තර ලීගයේ පළමුවැනි විශේෂ බළකායට එක්වූ ශ්‍රී ලංකා හමුදාවෙන් ඉවත් වූ තිදෙනකු මියගියහ.
කපිතාන් රනිෂ් එම ඒකකයේ අණදෙන නිලධාරියා විය.
උපුටාගැනීම - අරුණ පුවත්පත
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Website
Address
Colombo
Colombo
010