CorpSec Solutions

CorpSec Solutions

Share

26/02/2026

වෙන කෙනෙක්ගේ හීනයක් හැබෑ කරන්න මහන්සි වෙන එක දැන්ම නවත්තන්න. 🛑

අපිට හැමදාම ඉගැන්නුවේ ඉස්කෝලේ ගිහින්, "ආරක්ෂිත" රස්සාවක් හොයාගෙන, අවුරුදු 40ක් වැඩ කරලා විශ්‍රාම යන්නයි. ඒත් ඇත්තම කතා කරමු: සාමාන්‍ය රස්සාවකින් ඔයාගේ ආදායම සීමා වෙනවා වගේම, ඔයාගේ නිදහසත් නැති වෙනවා.

ව්‍යාපාරයක් පටන් ගන්න එක සල්ලි හොයන එක ගැන විතරක් නෙවෙයි; ඒක ඔයාගේ කාලය සහ ජීවිතය ආපහු ඔයාගේ පාලනයට ගන්න එකක්. ඒක යන්ත්‍රයක තවත් එක් රෝදයක් වෙනවා වෙනුවට ඔයාගෙම කියලා දෙයක් (legacy එකක්) ගොඩනඟන එකක්. ඔව්, බිස්නස් එකක් කරන එක අමාරුයි තමයි, හැබැයි මුළු ජීවිත කාලෙම වෙන කෙනෙක්ගේ අරමුණු වෙනුවෙන් වැඩ කරන එක ඊට වඩා ගොඩක් අමාරුයි.

ඔයා තෝරගන්නේ මොන අමාරුවද? මේ අවුරුද්දේ තමන්ගෙම ව්‍යාපාරයක් ගොඩනඟන්න ලෑස්ති වෙන තවත් අය කවුද ඉන්නේ? 👇💼🚀

Stop building someone else’s dream. 🛑

We are taught to go to school, get a "safe" job, and work for 40 years to retire. But let’s be honest: a traditional job caps your income, limits your freedom, and ties your value to an hourly rate.

Starting a business isn't just about making money; it’s about taking back control of your time and your life. It’s about building a legacy instead of just being a cog in a machine. Yes, entrepreneurship is hard, but working your whole life for someone else's goals is harder.

Choose your hard. Who else is building their own empire this year? 👇💼🚀

24/02/2026

ගීත රචකයින්, සංගීතවේදීන් සහ ගායකයින් අතර ගීත වල අයිතිය පිළිබද ඇතිවෙලා කියන කතාබහේ හරිම නීතීමය පැතිකඩ ගැන දන්නවද?
ශ්‍රී ලංකාවේ 2003 අංක 36 දරන බුද්ධිමය දේපළ පනත යටතේ, මුල් සාහිත්‍ය හා කලාත්මක කෘති සඳහා ප්‍රකාශන හිමිකම් ආරක්ෂාව පැහැදිලිව පිළිගන්නවා.

📖 නීතිය පවසන්නේ කුමක්ද?
වෙනත් ආකාරයකින් සඳහන් කරන ගිවිසුම්ගත ගිවිසුමක් නොමැති නම්, ගීතයක කතුවරයා (සාමාන්‍යයෙන් ගීත රචකයා) ප්‍රකාශන හිමිකමේ පළමු හිමිකරු වේ.

ප්‍රකාශන හිමිකම හිමිකරුට සුවිශේෂී අයිතිවාසිකම් ලබා දෙනවා:
✔නිර්මාණය ප්‍රතිනිෂ්පාදනය කරන්න
✔ පිටපත් බෙදා හරින්න
✔ නිර්මාණය ප්‍රසිද්ධියේ ඉදිරිපත් කරන්න
✔ නිර්මාණය මහජනතාවට විකාශනය කරන්න හෝ සන්නිවේදනය කරන්න
✔ එය භාවිතා කිරීමට අන් අයට අවසර දෙන්න

මෙයින් අදහස් කරන්නේ ගීතයක් ගායනා කරන ගායකයෙකුට අයිතිවාසිකම් නීත්‍යානුකූලව මාරු කර නොමැති නම් පද රචනයේ හෝ සංගීතයේ ප්‍රකාශන අයිතිය ස්වයංක්‍රීයව ගායකයාට හිමි නොවන බවයි.

🎤 ගායකයින්ට ඇත්තටම අයිතියක් තියනවද?
පනත යටතේ ගායන ශිල්පීන්ට ගීත අනවසරයෙන් පටිගත කිරීම හෝ ප්‍රතිනිෂ්පාදනය කිරීමෙන් ආරක්ෂා වීම ඇතුළුව ආශ්‍රිත අයිතිවාසිකම් හිමි වෙනවා. කෙසේ වෙතත්, ගායකයාගේ අයිතිවාසිකම් රචකයාගේ හෝ සංගීත අධ්‍යක්ෂකගේ ප්‍රකාශන අයිතියට වඩා වෙනස් ය.

📝 ගීයක නිර්මාණකරුවන් අතර ඇතිකර ගන්නා ලිඛිත ගිවිසුමක් වැදගත් වන්නේ ඇයි
* අයිතිවාසිකම් අවශ්‍ය පරිදි සාකච්ඡා කර තීරණය කර ගැනීමට හැකිවීම
* පසුවට ඇති විය හැකි මත ගැටුම් වලක්වා ගැනීමට හැකිවීම

2003 IP පනත නීතිමය රාමුවක් සපයයි, නමුත් නිසි ගිවිසුම් මගින් අයිතිවාසිකම් නිර්වචනය කරගත හැකියි.

⚖ දැනගත යුත්ත
ගීතයක සාර්ථකත්වයට ගීත රචකයින්, සංගීතවේදීන් සහ ගායකයින් යන සියලුම දෙනා ඉතාමත් වැදගත්. ඒ සම්බන්ධයෙන් නිර්මාණකරුවන් ඇණකොටා ගැනීම වෙනුවට විසඳුම වන්නේ දැනුවත්භාවය, විනිවිදභාවය සහ නිසි නීතිමය ලියකියවිලි සහිතව සාමූහිකව නිර්මාණ කාර්යයේ නියලීමයි..
ඔබත් සැමවිටම ඔබේ බුද්ධිමය දේපළ අයිතිවාසිකම් පිළිබදව අවධානයෙන් සිටින්න. අශ්වයා ගියපසු ඉස්තාලය වසා පලක් නැත.

Want your business to be the top-listed Business in Colombo?
Click here to claim your Sponsored Listing.

Address


53/B, Peiris Avenue, Kalubowila, Dehiwala
Colombo
10250