SLES Examination Help

SLES Examination Help

Share

18/04/2021

⚜️⚜️⚜️බස්නාහිර පළාත් සභාව ⚜️⚜️⚜️

බස්නාහිර පළාත් උපාධිධාරීන් ගුරු
සේවයට බඳවා ගැනීම සඳහා වන
උපාධි ගුරු විභාගය -2021

බස්නාහිර පළාත තුළ පිහිටි පළාත් සභා පාසල් වල පවතින ගුරු පුරප්පාඩු පිරවීම සඳහා ශ්‍රී ලංකා ගුරු සේවයට ඇතුළත් කර ගැනීම වෙනුවෙන් බස්නාහිර පළාත තුළ ස්ථිර පදිංචිය හිමි උපාධිධාරීන් ගෙන් අයදුම් පත් කැඳවා ඇත.

මම ගුරු විභාගය තුළින් බඳවා ගන්නා උපාධිධාරීන් සෘජුවම ගුරු සේවයට අනියුක්ත කෙරෙනු ඇත.

⭕මෙම විභාගය සඳහා අයදුම් කිරීමට අවශ්‍ය සුදුසුකම් වන්නේ ,

1. ඉල්ලුම් කරනු ලබන විෂයට අදාල උපාධියක් තිබීම

2. උසස් පෙළ විෂයන් තුනක් එකවර සමත්ව තිබීම

3. සාමාන්‍ය පෙළ ගණිතය හා මව් බස දෙවරකට නොවැඩි වාර ගණනකදී සමත්ව තිබීම

⭕ මෙම විභාගය සඳහා අයදුම් කළ හැකි වයස් සීමාව

වයස අවුරුදු 18 ත් 40 ත් අතර වීම.

⭕ විභාග ආකෘතිය පහත පරිදි වේ.

මෙම විභාගය සඳහා ප්‍රධාන ප්‍රශ්න පත්‍ර 2 ක් සඳහා ඔබට මුහුණදීමට සිදු වේ. එනම්

1. අභියෝග්‍යතාව
2. සාමාන්‍ය දැනීම

මෙම අභියෝග්‍යතාව ප්‍රශ්න පත්‍රය කෙටි පිළිතුරු සැපයීමේ වර්ගයේ සහ MCQ ප්‍රශ්න 50 කින් සමන්විත වන අතර සමත් වීමට ලකුණු 40 ක් ලබා ගත යුතු ය.

සාමාන්‍ය දැනීම ප්‍රශ්න පත්‍රය තුළ අධ්‍යාපන ක්ෂේත්‍රය , ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය , ආදියට වැඩි බරක් සහිතව කාලීන තොරතුරුද ඇතුළත්ව සකස් කෙරෙන MCQ හා කෙටි පිළිතුරු සැපයීමේ මාදිළියේ ප්‍රශ්න පත්‍රයක් වේ. මෙම ප්‍රශ්න පත්‍රයේද සමත් ලකුණ ලකුණු 40 ක් වේ.

මෙම විෂයන් දෙකටම ඉහළින්ම ලකුණු ලබා ගන්නා අපේක්ෂකයින් තෝරා ගනු ලැබේ.

⭕ closing date - 2021 /05 /10 දක්වාම්

ගෞරවනීය ගුරු වෘත්තියට එක් වීමට ඔබටත් අවස්ථාවක් ...!

09/04/2021

වයස අවුරුදු 30 ට අඩු (දැනටමත් රාජ්‍ය සේවයේනම් වයස අවුරුදු 37 ට අඩු) විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවෙන් පිළිගත් විශ්වවිද්‍යාලයක උපාධියක් හිමි ඔබට 2021.09.04 දින ගැසට් කරනු ලබන ශ්‍රී ලංකා විදේශ සේවා තරග විභාගය සඳහා අයදුම් කළ හැකිය.

Photos from SLES Examination Help's post 09/04/2021

පරිපාලන සේවා විවෘත ප්‍රතිඵල

ශ්‍රී ලංකා පරිපාලන සේවයේ III ශ්‍රේණියට බඳවා ගැනීමේ විවෘත තරග විභාගය - 2018 (2020) ව්‍යුහගත සම්මුඛ පරීක්ෂණය සඳහා සුදුසුකම්ලත් අයදුම්කරුවන්ගේ නාම ලේඛනය

Want your school to be the top-listed School/college in Colombo?
Click here to claim your Sponsored Listing.

Category

Website

Address


Colombo