Dilan Theekshana
14/06/2025
පරිණාමය 👁️
"අප මිනිස් ජීවීන් වශයෙන් ශාරීරිකව යම්කිසි පරිණාමයක් ලබා අවසානයි ,මේ එළඹ ඇත්තේ ප්‍රඥාවන්ත සත්වයකු වශයෙන් ඔබගේ මනස දියුණු කරගන්නා කාලයයි...
මනසෙහි දියුණුවට අවසානයක් නොමැත"
12/04/2023
අනාගත ගවේශකයා....
එය මෙසේ ආරම්භ විය.. තාක්ෂණික දියුණුවෙන් වෙනත් මානයන් තරණය කර බුද්ධත්වය සොයා යෑමේ තියුණු සහ දියුණු බුද්ධියක් සහිත ජීවීන් මේ විශ්වය තුළ පහළ විය...අමරණීයත්වයෙන් සහ අනෙකුත් ඥාන විදි සහිත මොවුන්ට මෙහි අවසානය සොයා යෑමේ අරමුණක් ඇති විය... නමුත් ඔවුනට ආධ්‍යාත්මික මාර්ගයක් පෙන්වීමට ගුරුවරයකු හෝ ඒ පිළිබඳ කිසිදු ආකල්පමය හැකියාවක් තිබුණේ නැත... බුදු වීම යන දැනුම පද්ධතිය ඔවුන් සතු වුවත් ඔවුන් එය කරන්නේ කෙසේද සොයාගන්නේ කෙසේද කියා දැනුමක් තිබුණේ නැත.... එබැවින් මොවුන් විවිධ මානයන් තුළට ගොස් ඒවා තුළ ඇති ආධ්‍යාත්මික දැනුම ශක්තිය එකතු කර ගන්නා ලදී... විවිධ මානයන් තුළ තුල විවිධ වූ බුදුවරු පහළ වී සිටියහ , අවසන් කිරීමේ මාර්ගය පිළිබඳ ඔවුන් විවිධ වූ ආකාරයෙන්, එකිනෙකට වෙනස් වූ දැනුම පද්ධති තුළින් හඳුන්වා දී තිබිණි... මොවුන් ඒවා ඉතාමත් හොඳින් අධ්‍යයනය කරන ලදී... සෑම සියලු කරුණක්ම මධ්‍යස්ථ සිතින් ඉගෙන ගන්නා ලදී...
මෙම ගමන් මගෙහි අවසාන කාලය වන විට මොවුන් තමන් තනිව සොයාගන්නා ලද, තනි ව අවබෝධ කරගන්නා ලද බුද්ධත්වය ළඟාකර ගන්නා ලදී ඔවුන් එකිනෙකා තනි තනි වශයෙන් බුද්ධ වූහ!
ආරම්භ කිරීමත් අවසාන කිරීමත් ඇත්තේ ඔබ තුළයි! 👽👁️
18/12/2022
අවසානය... 👁️
කෙමෙන් කාලය ගෙවී යත්ම... පෘථිවි තලය දියුණුවේ හිණිපෙත්තටම පැමිණි කාලයක ..... විද්‍යාවේ සහ අනෙකුත් ආධ්‍යාත්මික දැනුම පද්ධති තුළ ද සිතාගැනීමට නොහැකි පරිදි දියුණුවක් ලබා සිටියහ.... මෙහි ප්‍රතිඵලයක් වශයෙන් දියුණුවේ හිනිපෙත්තේ ම සිටී මනුෂ්‍ය ජීවියා කෙමෙන් කෙමෙන් විද්‍යුත් උපකරණ සහ අනෙකුත් කෘතිමව නිපදවන ලද්දාවූ දේවල් වලින් ඈත් වීමක් සිදුවිය... එයට හේතුව වන්නේ මනුෂ්‍ය ශරීරය තුල සහ මනස තුළ ඇති ආධ්‍යාත්මික ශක්තියෙන් පිළිබඳ උපරිමයෙන් තේරුම් ගැනීමයි.... බුද්ධ දර්ශනය හා අනෙකුත් නිදහස් වීමේ සහ අවසන් කිරීමේ මාර්ග ඉතාමත් සරල හා පහසු ලෙස ග්‍රහණය කර ගත්හ...
එබැවින් මොවුන් කාල තරණය,ටෙලිපති, සහ විවිධ වූ මානසික බලයන් කෘතිමව නිපදවූ උපකරණ රහිතව සිදුකිරීමේ හැකියාව ලබා ගත්හ..සමාජීය පසුබිම තුළ නීති, ආගමික ගැටුම්,යුද්ධය,වසංගත නැත්තට නැති වී ගියහ..
මනුෂ්ය ජීවීන් සත්‍ය කුමක්දැයි තේරුම් ගත්තත් ඔවුන් විසින්ම නිපද වූ ,විවිධ වූ කෘතීම බුද්ධින් විසින් පෘථිවිය මෙන් ම වෙනත් ග්‍රහලෝක, වෙනත් වූ මානයන් පාවා යටත් කර ගැනීමට සමත්ව සිටියහ..කෘතිම බුද්ධි පද්ධති සහ රොබෝවරුන් මේ කාලය වෙන විට මනුෂ්‍ය ජීවියාගේ මුල් කාලයට සමාන වූ කාලයක් ගත කරමින් සිටියහ.
සෑම මනුෂ්‍ය ජීවියෙක්ම තනි තනි වශයෙන් ඉතාමත් බලවත් ආධ්‍යාත්මික ශක්තියක් ලබා ගෙන සිටි මේ කාලයේ....
සියල්ලෙහි අවසානය කොහේදැයි නිතර සොයමින් සිටියහ.. එහි ප්‍රතිඵලයක් වශයෙන් මනුෂ්ය ජීවීන් තමන්ගේ ස්වකැමැත්තෙන්ම තමන්ගේ ආත්මය වෙනත් මානයකට නිදහස් කරන ලදී... එම ක්‍රියාවලියෙන් අනතුරුව අවසන් මනුෂ්‍ය ජීවියාත් නිදහස් විය.... ඔවුන්ගේ අවසානය එසේ යැයි සිතා ඔවුන් එය අවසන් කරන ලදී...
මෙයට අනුව ලෝක විනාශය එසේ සිදුවිය...
Click here to claim your Sponsored Listing.
Category
Telephone
Website
Address
Colombo