Wathsala Jayasinghe
19/07/2026
අලි ගැට පේර බීම එකක් වගේ කියලා අපිට කියන්න පුළුවන් ජීවිතයත්...
අලි ගැට පේර ගෙඩියක් අතට ගත්තම පිටින් බලලා එහි සම්පූර්ණ රසය දැනගන්න බැහැ. ඒක කපා බලන්න ඕනේ. මිශ්‍ර කරන්න ඕනේ. සමහර වෙලාවට සීනි ටිකක්, කිරි ටිකක් එකතු කරන්න ඕනේ.එතකොටයි ඒ ඇතුළේ සැඟවුණු ලස්සන රසය එළියට එන්නේ.
ජීවිතයත් ඒ වගේමයි...
පිටින් බලද්දී සමහර මිනිසුන්ගේ ජීවිත හරි ලස්සනයි වගේ පේන්න පුළුවන්. ඒත් ඔවුන්ගේ ඇතුළේ තිබුණු වේදනා, කැඩුණු බලාපොරොත්තු, නිහඬව දරාගත් කඳුළු කවුරුත් දන්නේ නැහැ.
අපේ ජීවිතයටත් සමහර දවස්වල දුක එකතු වෙනවා... තනිකම එකතු වෙනවා... අහිමිවීම් එකතු වෙනවා. ඒත් ඒ හැම අත්දැකීමක්ම අපිව වෙනස් කරනවා. අපේ හදවතට ගැඹුරක් දෙනවා.
අලි ගැට පේර බීම එකේ රස එන්නේ එකම දේකින් නෙවෙයි... විවිධ රස එකතු වුණාමයි.
ජීවිතයේ ලස්සනත් එහෙමයි...
සතුට, දුක, ආදරය, වේදනාව, ජයග්‍රහණය, පරාජය... මේ හැම දෙයක්ම එකතු වුණාම තමයි "මගේ ජීවිතය" කියන අද්විතීය රසය හැදෙන්නේ.
ඒ නිසා අද ඔබේ ජීවිතයේ තියෙන කහට රස නිසා දුක් වෙන්න එපා...
සමහරවිට ඒ කහටම තමයි හෙට දවසේ ඔබේ කතාවේ ලස්සනම රසය බවට පත්වෙන්නේ...
වත්සලා විජේරත්න
Psychological Counsellor, Psychotherapist
19/07/2026
ආශ්චර්යයන් සිදුවෙනවා.
නැවත නැවත උත්සාහ කරන්න. විශේෂයෙන්ම අතහැර දමන්න හිතෙන, ඒක තමයි ලේසිම තේරීම කියලා දැනෙන දවස්වලත් අත් නොහරින්න.
මොකද, හැම හීනයක්ම ඔබෙන් අහන්නේ එකම ප්‍රශ්නයයි.
"ඒ හීනය වෙනුවෙන් ඇත්තටම කොච්චර දුරක් යන්න ඔබ සූදානම්ද?"
ඒ නිසා දිගටම ඉදිරියට යන්න. ඔබ ගැන විශ්වාසය අත් නොහරින්න. තවත් එක පියවරක් හෝ ඉදිරියට තබන්න.
ඔබ සිතනවාටත් වඩා, ඔබේ ඉලක්කයට ළඟ වෙලා තියෙන්න පුළුවන්.
ජීවිතය පුදුම විදිහට ත්‍යාග දෙන්නේ, ආශ්චර්යය පැමිණෙන්න කලින් අත් නොහරින මිනිසුන්ටයි.
වත්සලා විජේරත්න
Psychological Counsellor, Psychotherapist
Click here to claim your Sponsored Listing.
Category
Contact the practice
Telephone
Address
Colombo
Opening Hours
| Monday | 09:00 - 21:00 |
| Tuesday | 09:00 - 21:00 |
| Wednesday | 09:00 - 21:00 |
| Thursday | 09:00 - 21:00 |
| Friday | 09:00 - 21:00 |
| Saturday | 10:00 - 17:00 |