Excel Made Easy
11/03/2022
පොල් වතුවර විසිකරනවාද ? මේක කියවලා බලන්න අයේ විසිකරන එකක් නෑ..!
පොල් ගෙඩියක් හැදෙන්නෙ මාස කිහිපයක් තිස්සෙ සිදුවන ජෛව පිරිසිදු වීමේ ස්වාභාවික ක්‍රියාවලියකට ලක් වෙලා.. ඉතින් ඒකෙ තියන පොල් වතුරේ අවසාන සංයුතිය.. අපේ සෛල ප්ලාස්මාවේ සංයුතියටයි.. රුධිරයේ අයනික සංයුතියට ගොඩක් සමානයි.
පොල් වතුරවල සුලභව පවතින පොටෑසියම්, සෝඩියම්, ක්ලෝරයිඩ්, මැග්නීසියම් වගේ අයන වර්ගයි, සුළු වශයෙන් තියන ස්වභාවික සීනි යි නිසා.. අයණික ගුණ අතිනුත් විශිෂ්ට යි.
ඒ වගේම පොල් වතුර සහ මදය ආහාරමය තන්තු වලින් ඉතාම පොහොසත්.. ඒ කිව්වෙ මැංගනිස්, අයඩින්, සල්ෆර්, සින්ක්, සෙලෙනියම්, කැල්සියම්, පොස්පරස්, යකඩ, විටමින් බී,සී, ඊ වගේ ක්ෂුද්‍ර පෝෂකත් තියෙනවා.
ඒ වගේම අත්‍යවශ්‍ය ඇමයිනෝ අම්ල, කාබනික අම්ල, ප්‍රතිඔක්සිකාරක, ජෛව ක්‍රයාකාරී එන්සයිම වර්ග, ශාක රසායන, කාබනික අම්ල, පුතිඔක්සිකාරක, ජෛව ක්‍රියාකාරී එන්සයිම වර්ග , ශාක රසායන, ශාක හෝමොන වර්ග වගේම හදවතට හිත කර මේදයත් අන්තර්ගත වෙනවා.
කොහොම වුණත් අපේ රටේ දේශීය වෙදකමේ දී ඖෂධයක් විදියට තැඹිලි වතුර පොල් වතුර ඉතිහාසෙ ඉඳලම භාවිතා කරනවනෙ.. විශේෂයෙන් තැඹිලි වතුර ප්‍රසිද්ධ ඇඟ නිවන ඔසුවක් විදියට.
පොල් වතුරෙ තියන අධික ඛනිජ ලබණ සංයුතිය නිසා, හෘදයාබාධ අධික රුධිර පීඩනය වැලැක්වීමේ ඖෂධීය ගුණයක් එහි අඩංගුයි.
බටහිර ඖෂධ අධිමාත්‍රාවකින් ශරීර ගත වුනොත් එහි විෂ නසන්නත්, ආහාර වරගවල තිබෙන පළිබෝධනාෂක අමතර කොටස් හා අසනික් කැඩීමියම් වගේ බැර ලෝහ කොටස් නිසා සිදුවන හානි අවම කරන්නත් පොල් හා තැඹිලි වතුර භාවිතා කරනවා.
තැඹිලි පොල් කුරුම්බා වතුරවල මොනෝලොරික් ඇසිඩ් (Monoloric Acid) කියන අතවශ්‍ය මේද අම්ලය අඩංගු වන නිසා එය අපගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය දියුණු කරන්න වගේම ලෙඩ රෝග වලින් අපව ආරක්ෂා කරන්නත් හේතු වෙනවා.
දිය වැඩියා රෝගය පාලනය කිරීම සදහාද තැඹිලි වතුර වැදගත් වෙන බව සොයා ගෙන තිබෙනවා.
තැඹිලි වතුර අපේ ශරීරයේ අහිතකර කොලෙස්ටරෝල් අඩු කරන්නත්, හිතකර කොලෙස්ටරෝල් මට්ටම වැඩි කිරීමටත් හේතු වන අතර, එහි පොටෑසියම් වැඩි සාන්ද්‍රණයකින් අඩංගු වන නිසා හදවත රකින විශිෂ්ඨ ආහාරයක් වෙනවා.
තැඹිලි, කුරුම්බා හා පොල් වතුරෙහි, පිළිකා ඇති වීමට හේතු වන නිදහස් මුක්ත ඛණ්ඩක විනාශ කරන ප්‍රතිඔක්සිකාරක වලින් ද පොහොසත් බව සොයා ගෙන තියෙනවා.
තැඹිලි වතුරෙහි සින්ක් සහ සෙලෙනියම් වගේ ඛණිජ ලවණ වර්ග තියෙන නිසා, ලිංගික සරු බවට , මද සරු බව දුරු කරන්නත් ගුණදායක බව පැවසෙනවා.
මහළු අයට වගේම ඝණ ආහාර දිරවීම අපහසු රෝගීන්ට ලබා දෙන්න පුළුවන් විශිෂ්ඨ පෝෂණීය පානයක් තමයි තැඹිලි වතුර කියන්නේ.
මවු කිරි වල තිබෙන ලෝරික් අම්ලය පොල් සහ තැඹිලි වතුරෙහි ද අඩංගු වන නිසා සකස් කළ ළදරු කිරිපිටි වර්ග වලට වඩා තැඹිලි වතුර ගුණදායක බව කියනවා. ගර්භනී මවුවරුන්ද පොල් තැඹිලි වතුර පානය කිරීම ගුණදායකයි.
ශරීරය අධිකව වෙහෙසට පත්වන අවස්ථා වලදී හා විජලන තත්ත්වයන් වලදී තැඹිලි හෝ කුරුම්බා වතුර පානය කිරීමෙන් විශිෂ්ඨ ගුණ ලැබෙනවා.
දිනපතා උදෑසන පොල්/කුරුම්බා/තැඹිලි පානය කිරීම මඟින් ලැබෙන ප්‍රතිලාබ ඔබත් අත්විඳින්න.
ඔබේ දරුවන්ට පුංචි කාලයේ ඉඳලා කෘතීම රසකාරක, කල්තබා ගන්නා ද්‍රව්‍ය, වර්ණක, DCD, මෙලමයින්, ලුණු, තෙල්, සීනි අධික ආහාර වලට හුරු නොකර ස්වභාවික රසයට හුරු කරන්න..
ශ්‍රී ලංකාවේ දිනකට පොල් වතුර ලීටර් 6500000 පමණ විසි කරනවා..
ඇමරිකාවේ පොල් වතුර ලීටරයක් ඩොලර් 5ක් පමණ මුදලකට මිලට ගත හැකියි.
එක්සත් රාජධානියේ එය පවුම් 3ක් පමණ මිලකට අලෙවි වනවා.
ඇමරිකාවේ පමණක් 2013 වසරේ ඩොලර් මිලියන 395ක පොල් වතුර අලෙවියක් වාර්තා කර තිබෙනවා.
2004 මෙට්‍රික් ටොන් 10 000ක්ව පැවැති පොල් වතුර ආනයනය 2013 වන විට මෙට්‍රික් ටොන් 100 000 දක්වා වර්ධනය වන තරමට ඇමරිකානුවන් මෙම ස්වභාවික පෝෂ්‍යදායී පානයට හුරු වෙලා.
සම වියපත් වීම අවම කිරීමට පොල් වතුර සැලකිය යුතු බලපෑමක් කිරීමට සමත්.
ප්‍රති පිළිකා කාරක ගුණය , සිරුරේ පී.එච් අගය සමබරව පවත්වා ගැනීමට අවශ්‍ය සංඝටක සහ නව සෛල උත්පාදනයට අවශ්‍ය සයිටොකයින්ස් හා ලෝරික් අම්ලයත් පොල් වතුරේ අඩංගුයි.
පොල් වතුර මැග්නීසියම් සහ පොටෑසියම් බහුලයි.අඩු රුධිර පීඩනය වැනි රෝග වලින් පෙලෙන අය සදහා ඉතා ගුණදායකයි. එය හෘදයාබාධ අවදානම අඩු කරයි. රුධිර සංසරණය පාලනය කරයි.
පොල් වතුර නිතිපතා පානය පිළිකා සහ හෘද රෝග ශරීරය තුළ ඉන්සියුලින් මට්ටම පාලනය කරයි. පොල් වතුර පොටෑසියම් වලින් පොහොසත් බැවින් වකුගඩු සහ මුත්‍රාශය අාශ්‍රිතව ගල් ඇතිවීම වළක්වා වකුගඩු ගල් දියකර හැරීමට උපකාරී වෙනවා..
පොල් වතුරෙහි ෆෝලික් අම්ලය, පොස්පටේස්, කැටලේස්, ඩිහයිඩ්රොපජෙනේස්, ඩයස්ටේස්, පෙරොක්සිඩේස් හා RNA පොලිමරේස් වැනි එන්සයිම වලින් සමන්විතයි..
මේ එන්සයිම ආහාර ජීරණය පහසු කර පරිවෘත්තීයට මහෝපකාරී වේ. ඇතැම් පලතුරු වර්ග වලට වඩා කැල්සියම්, මැග්නීසියම් සහ සින්ක් තියන
පොල් වතුර අපූරු ශක්තිජනක පානයක්.
පොල් වතුර, අතීසාරය, කොලරාව, පාචනය සහ උණ හේතුවෙන් ඇතිවන විජලනය සඳහා හොඳ ප්‍රතිකාරකයක්.
පොල් වතුර මඟින් රුධිර සෛල අනුපාතය(බ්ලඩ් කවුන්ට්) නිසි පරිදි පවත්වා ගන්නා බව සොයා ගෙන තියනවා..
පොල් වතුර කෝප්ප දෙකක කිරි වීදුරුවක අඩංගු කැල්සියම් ප්‍රමාණය අඩංගුයි. එමගින්අස්ථි, මාංස පේශී සහ පටක ශක්තිමත් කරයි.
මානසික පීඩනය, විෂාදියට අඩු කිරීමට සහාය වන විටමින් බී ව්‍යුත්පන්න සහ වෙනත් ස්වභාවික පෝෂක වලින් සමන්විත යි.
පොල් වතුර මුත්‍රා පද්ධතිය පවිත්‍ර කරමින් ලේ පිරිසිදු කිරීම කාර්යක්ෂම කරයි. දෙහි යුෂ සමඟ පොල් වතුර පානය විජලනය සහ දරුවන්ගේ පණු රෝග සුව කිරීමටද උපකාරී වී තිබෙනවා..
බඩ පිපීම අවම කර සිරුරට සැහැල්ලු බවක් ගෙන දෙන එකම ස්වභාවික ප්‍රතිකාරකය පොල් වතුර බව සොයාගෙන තියනවා.
පොල් වතුර සිරුරේ බර අඞු කිරීමට සඳහා ලොව පුරා සියවස් සඳහා භාවිතා කර ඇති අතර ධනාත්මක ප්‍රතිඵල පෙන්නුම් කර තිබෙනවා...
කුරුම්බා වතුර මළබද්ධය, අජීර්ණ, විෂ නැසීමට, ඩෙංගු උණ, අතීසාරය වැනි රෝග සඳහා හොඳම ඖෂධයක්. පහසුවෙන් ඖෂධ අවශෝෂණය කර ගැනීමට උපකාරී වෙනවා.
අධි රුධිර පීඩන රෝගීන් සඳහා වෛද්යීවරු විසින් නිර්දේශ කරනු ලබනවා. එය නීරෝගී හා අලංකාර සමක් උරුම කරනවා.. සමේ තෙත් බව සහ මෘදු බව ඇති කර තෙල් මට්ටම පාලනය කරන අතර සම කාන්තිමත් කරනවා.. තරුණ පෙනුමක් සඳහා, නැවුම්, සෞඛ්ය සම්පන්න සහ දිප්තීමත්ව සම තබා ගැනීමට නිතර පොල් වතුර පානය මඟින් උපකාර වෙනවා.
සන් බර්න් හෙවත් සම හිරු එළියෙන් පිලිස්සීම සැමටම පොදු ගැටළුවක්. පොල් වතුර මඟින් නිති පතා මුහුණ සේදීමෙන් සමෙහි පිළිස්සුම් සුව කරනවා.
පොල් වතුර සමග සිහින්ව කුඩු කර ගත් කස්තුරි කහ, කොකුම් පොතු, කහ, වෙනිවැල්,සඳුන් , multani mitti වැනි ද්‍රව්‍ය මුසු කර ෆේස් මාස්ක්/සුක්‍රබ් කිරීම මඟින් මුහුණ සුන්දර කරවන බව පිළිගන්නවා.
කෘතීම රූපලාවන්‍ය සත්කාරක මඟින් සමට වන හානිය ඉතා ඉහළ බව මතක තබා ගත යුතුයි.
අප බොහෝ පීඩා විඳින බව තවත් ගැටළුවක් චර්ම රෝග. පොල් වතුර ආසාදන වලින් සම ආරක්ෂා කරන දිලීර නාශක ගුණ සහිතයි.
පොල් වතුරින් නිතිපතා මුහුණ සෝදන සම මත ඇති කුරුලෑ, කළු ලප, රැලි සහ
කැළැල්වලට තුරන් වෙනවා.
පොල් වතුර, කෙස්වල ශක්තිමත් හා කොණ්ඩය ඝනත්වය වැඩි කරන්න සමත්.
ස්නානය කිරීමට පෙර පොල් වතුර සමඟ ඔබේ හිසකෙස් සම්භාහනය ඔබ රළු සහ නොහික්මුණු කෙස් කළඹකින් මිදෙන්නට හා ඔබේ හිසකෙස්, මෘදු, සුමටව හැසිරවීමට උපකාරී වනවා.. පොල් වතුරෙහි අඩංගු ලෝරික් අම්ලය හිසකෙස් වැටීම වළක්වා කේශ මූල ආරක්ෂා කර කෙස් දීප්තිමත් කරනවා..
ගර්භනී සමයේ පොල් වතුර පානය අතිශයින් ප්‍රයෝජනවත්. පොල් වතුර ප්‍රතිශක්තිය හා මව සහ දරුවා යන දෙදෙනාගේම සෞඛ්‍ය තත්ත්වය වැඩි දියුණු කිරීම සදහා උපකාරී වෙනවා. බැක්ටීරියා නාශක, දිලීර නාශක ගුණ ගර්භනී සමයේ ආසාදන හා රෝගී තත්ව වැළැක්වීමට සුදුසු පානයක්.
කුංකුම(Saffron) හා කහ පොල් වතුරට මිශ්‍ර කර පානය කිරීම ගර්භනී කාන්තාවන්ට නිර්දේශ කරනවා.. ගර්භනී කාන්තාවන් වැඩි වශයෙන් ආම්ලිකතාවය ගැටළු වලින් පෙළෙනවා. මෙම අදියරේ දී කෘතිම ඖෂධ හැකි තරම් මඟ හැරිය යුතුයි. ඒ නිසා පොල් වතුර ආම්ලිකතාවය හා හෘදය සඳහා හොඳම ස්වාභාවික පිළියමක්. ගර්භනී කාන්තාවන් තුළ ලේ පිරිසිදු කර මුත්‍රා ආසාදන වලකනවා..
පොල් වතුර කෘතිම රසකාරක සහ වර්ණ, අස්වාභාවික සීනි, ෆෲක්ටෝස් සිරප් හෝ වෙනත් රසායනික වලින් තොර යි.
ඉතින් ....අද ඉඳලා.. පොල් ගෙඩිය බිඳපු ගමන්, ඒ අමෘතය සින්ක් එකට හලලා සෝදලා දාන්නෙ නැතුව... පිරිසිදු නැවුම් පොල් වතුර වීදුරුවක් දිනපතාම බොන්න බලන්න.
- උපුටාගැනීමකි -
11/03/2022
ජීවිතේ කියන්නෙ වැටි වැටි යන ගමනක්...ඒ ගමන රෝස මල් අතුරපු ,දැක්කම ලස්සනට පිටට පේන හිනා වෙවී ආතල් එකේ යන්න පුලුවන් ගමනක් කියලද උඹලා හිතන්නෙ...ඒකද එකපාරක් වැටුනු ගමන් මුලු ලෝකෙම නැති උනා වගේ මැරෙන්න හදන්නෙ..
මං දන්නවා උඹලා කියයි "තුවාලේ තියෙන එකාටනෙ බං වේදනාව.අනිත් උන්ට කියන්න පුලුවන් ඔනෙ දෙයක්"ඇත්ත. ඔව් ප්‍රශ්නෙ තියෙන්නෙ උඹලා තුවාලෙ හිඟන්නගෙ තුවාලෙ කරගෙන,නැත්තන් විෂබීජ උඩු දුවනකම්ම අඬඅඬා බලන් ඉන්න එකනෙ.
උඹ කියන විදියට එකම ප්‍රශ්නෙ උඩු දුවනකන් බලන් ඉන්නැතුව කකුලෙ නම් ප්‍රශ්නෙ කකුල කපලා දැම්මනම් හරි.නැත්තන් වෙන්නෙ ජීවිතෙන්ම වන්දි ගෙවන්න.
ප්‍රශ්නෙ තියෙන්නෙ ආදරේද?ඉවර කරපන්.දාලා ගියා කියලා හොටු පෙරන් ඇඬුවා කියලා ගියපු එකා එයිද?මතක තියාගනින් දාලා ගියපු එකෙක් ආපහු ආවොත් එන්නෙ ඉතුරැ වෙලා තියෙන ටිකත් උඹෙන් අරගන්න මිසක් උඹට ආදරේට නෙවෙයි.මතක තියාගනින් එකම වැරද්ද දෙපාරක් කරන්න තරම් මීහරකෙක්/හරකියක් වෙන්න එපා.යන උන්ට යන්න දියන් .උන් අද නැත්තන් හෙට යනවා.උඹ ගෙවන්න තියෙන පරන පව් ගෙවුවට පස්සෙ යන එක නවත්තන්න බෑ.හැබයි එහෙමයි කියලා උඹේ,හීන ,බලාපොරොත්තු විනාශ කරගන්න උඹට මට බෑ.අයිතියකුත් නෑ.මොකද උඹේ ඔය හීන ඇතුලෙ උඹට නොපෙනුනු අහිංසක මුණු දෙකක් තියෙනවා.මතක් කරපන් උඹට අමතක නම් උඹ වෙනුවෙන් උඹේ අම්මා මොනවද නොකලේ.කී දවසක් හොදම ටික උඹට දීලා ඒ මනුස්සයා බඩගින්නෙ ඉන්න ඇත්ද?උඹව රැක්කෙ බඩේ බැදන් නෙමෙයිද?කොචිිචර නම් දවසක් උඹ වෙනුවෙන් නිදි මරන්න ඇද්ද?ඉතින් උඹට අයිතියක් තියෙනවද රත්තරන් ඒ මුණ දිහා බලන් අවුරැද්දක් දෙකක් තුනක් උඹ එක්ක හිටපු එකෙක් වෙනුවෙන් ඒ අම්මාගෙ හීන බිදලා දාන්න.එපා එහෙම කරන්න ඒ පව ආත්ම ගානකට ගෙවන්න බැරි වෙයි උඹට .
තාත්තාගෙ ආදරේ පෙනුණේ නෑ තමා.හැබයි තාත්තා උඹට පනටත් වඩා ආදරේ කලා.එ්කයි ඒ මනුස්සයා බඩගින්නෙ ඉදන් උඹේ බඩ පිරෙව්වෙ.ඒ මනුස්සයා තමයි උඹ ඉල්ලන ඉල්ලන දේ අම්මට හොරෙන් හරි ගෙනල්ලා දුන්නෙ.ඒ මනුස්සයා තමයි බං උඹව නොපෙනී ඉදන් රැක්කෙ.මතක තියා ගනින් තාත්තෙක් කවදාවත් තමන්ගෙ අමාරැකම් කාටවත් පෙන්නන්නෙ නෑ.තනියම විදගන්නවා මිසක්.එහෙම කරලා බලාපොරොත්තු උනේ එකම එක දෙයයි.ඒ දරැවන්ගෙ සතුට .එහෙම මනුස්සයෙක්ගෙ හීන උඹ කුඩු කරලා දැම්මොත් හිතන්නෙපා උඹට ස්වභාව ධර්මයෙන් වත් සමාවක් තියෙයි කියලා.
ඒ නිසා දාලා යන උන්ට දාලා යන්න දීලා උඹේ ගමන උඹ පලයන්.දවසක දැනෙන්න දීපන් උන් විසිකලේ නිකන් මැනිකක් නෙමෙයි නිල් මැනිකක් කියලා.
දවසක උඹ දිහා බලලා විදවන තැනට උඹ වැඩ කරපන්.අංක 1 උඹේ ඉගෙනීම නම් ඒකට මුල් තැන දියන්.මොනම හේතුවකට ඒක විනාශ කරගන්න එපා.ඉගෙනගෙන ඉහළටම ගිහින් පෙන්නපන් උඹත් එක්ක ලේසි නෑ කියලා.
අංක 1උඹේ ජොබ් එක නම් ඒක කරපන්.ඒකෙ යන්න පුලුවන් ඉහලටම පලයන්.ගිහින් පෙන්නපන් එදා තිරිවාන උනාට දැන් මැනික් ඉල්ලමක් කියලා.
ජීවිතේ දිනපන්.මේ හැමදේටම විසදුම එතනයි තියෙන්නෙ.ඒක උඹට කරන්න පුලුවන් .අනිවා පුලුවන් .උඹලට බැරි නම් කාටද පුලුවන් රත්තරනේ.
ජය වේවා...!
තෙරැවන් සරණයි !
මං,
උඹලගෙ හදවතේ ගැස්ම ,
#රංගයා
--------------------------------------------------------------------------
උපුටාගැනීමකි !
29/11/2021
තම ආදරනීයන්ගේ ආරක්ෂාව වෙනුවෙන් කැපවෙන්න.
28/11/2021
*දරුවන්, අධ්‍යාපනය සහ කොවිඩ් මාර්ගගත වැඩමුළු මාලාව* දෙමාපියන්, ගුරුවරුන් සහ සෞඛ්‍ය සේවකයන් උදෙසා *දෙවන දිනය - 29.10.2021 සිකුරාදා – උදෑසන 10.30 සිට 11.30 දක්වා* මෙම සජීවී online වැඩමුළුව සමග සහභාගී වීමට ඉහත වේලාවේදී Health Promotion Bureau - YouTube නාලිකාව සමග පහත දිගුවෙන් සම්බන්ධ වන්න. https://www.youtube.com/channel/UC6XsnLgVVzNkjTCpRVJ6u3w
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Colombo