Lakshan Hewage

Lakshan Hewage

Share

04/05/2026

කිසිම දරුවෙක් මහණ කරන්න එපා. ළමා කාලය අම්ම තාත්ත ගාව සිටිය යුතුමයි.හයක් හතරක් තේරෙන්නෙ නැති දරුවන් මොනවා තේරිලද මහණ කරන්නෙ. කඩෙන් සෙල්ලම් බඩුවක් ඉල්ලනවා වගේ සමහර දරුවො මහණ වෙන්න ඕනි කියුවම සමහර මෝඩ දෙමව්පියන් මේ වැඩේ කරනවා.දරුවෙක්ට තනියම තීරණයක් ගන්න පුලුවන් වයසක් එනකන් මහණ කරන එක නවත්තන්න ඕනි.තමන්ට දෙයක් තේරුම් ගන්න වයස ආවම කැමති නම් මහණ වෙන්න දෙන එක කිසිම ගැටලුවක් නෑ.
නැත්නම් මේ පුංච් දරුවො බොහොමයකට පන්සල් වල දුක් කන්දරාවකට මූණ දෙන්න වෙනවා. මෙහම මහණ කරන බොහෝමයක් දෙනා මහණකම අතාරිනවා ලොකු වෙලා. ඉතින් කුඩ දරුවන් වෙනුවෙන් මේ තීරණය ගන්න කාලෙ ඇවිත්.

30/04/2026

එරාන් වික්‍රමරත්න කියන්නේ කවුද ?

පාස්ටර් කෝල්ටන් වික්‍රමරත්න.

ශ්‍රී ලංකාවේ බෝර්න් අගේන් නිකායක් වූ 'ඇසෙම්බ්ලීස් ඔෆ් ගොඩ්' සභාවේ වැඩිම කාලයක් සභාපති සහ නායකයා ලෙස කටයුතු කළේ පාදිලි කෝල්ටන් වික්‍රමරත්න.

කොටින්ම මෙරට බෝර්න් අගේන් නිකායන් හි නූතන ආරම්භක පියා කෝල්ටන් වික්‍රමරත්න. (අධිරාජ්‍යවාදීන්ගෙන් පසුව ස්වදේශිකයන් අතර)

ඉන්පස්සේ පාදිලි කෝල්ටන් වික්‍රමරත්න ඔහුගේම පල්ලියක් ආරම්භ කළා. " පීපල්ස් චර්ච් ".

කෝල්ටන් වික්‍රමරත්න මෙරට බෝර්න් අගේන් නිකායේ පළමු සහ ප්‍රධානම නායකයා.

ඔය ජෙරම් ප්‍රනාන්දු ලා, චම්පි ප්‍රනාන්දු ලා සියලූම දෙනා අනුගමනය කළේ කෝල්ටන් වික්‍රමරත්නගේ මොඩලය.

මේ සාම්ප්‍රදායික ක්‍රිස්තියානි, කතෝලික පල්ලිය නොවෙයි. ඔවුන් කාදිනල්තුමාත් ප්‍රතික්ෂේප කරන වෙනම නිකායක්.

ඔවුන් පිළිගන්නේ ඔවුන්ගේ නිකාය පමණයි.

කෝල්ටන් සාම්ප්‍රදායික පල්ලියෙන් ක්‍රිස්තියානි බැතිමතුන් කඩා ගත්තා. ඉන්පසුව ඇමෙරිකානු සහ ඊශ්‍රායල ආගමික සංවිධාන වල ආධාර දුෂ්කර බොදු ගම්මාන වලට බෙදා දෙමින් අන්‍යාගමීකරනය ආරම්භ කළා.

කොටින්ම අන්‍යාගමීකරන පනත ගෙන ඒමට ප්‍රධානම හේතුව කෝල්ටන් වික්‍රමරත්න.

පාස්ටර් කෝල්ටන් වික්‍රමරත්නගේ පුතුන් දෙදෙනෙක් ඔහු පාදිලිවරුන් බවට පත් කළා.

1) පාස්ටර් එරාන් වික්‍රමරත්න. ඔහුගේ වැඩිමහල් පුතා.

2) ඩිෂාන් වික්‍රමරත්න. ඔහුගේ බාල පුතා.

මේ දෙදෙනාම සිය පියා මෙන්ම දැඩි මතධාරී බෝර්න් අගේන් පාදිලිවරුන්.

පාස්ටර් එරාන් පසුව දේශපාලනයට ආවා. නමුත් ඔහු අදටත් කෝල්ටන්ගේ 'People's church හි වැඩ කරනවා.

කොළඹ සමාජයේ ව්‍යාපාරික පිරිස් ගණනාවක් ඔහුගේ බැතිමතුන් සහ බැතිමතියන්.

ඩිෂාන් වික්‍රමරත්න දැන් People's church හි ප්‍රධාන පාදිලිවරයා.

ආ!

පාදිලි එරාන් වික්‍රමරත්න අද සිට ශ්‍රී ලංකා ක්‍රිකට් හි සභාපතිවරයා ලෙසත් වැඩ කරනවා.

අද චම්පි ප්‍රනාන්දු ලා, ජෙරම් ප්‍රනාන්දු ලා අනුගමනය කරන මියුසික් දාලා, සිංදු කියලා, විජ්ජා පෙන්නලා, මිනිස්සු කන්වර්ට් කරන කල්ට් බෝර්න් අගේන් නිකාය රටට හඳුන්වා දෙන්නේ එරාන් වික්‍රමරත්න , ඔහුගේ පියා සහ සහෝදරයා

2010 දශකයේ මුල් කාලයේ ඉඳලා ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව අත්පත් කර ගැනීමේ - ක්‍රිස්තියානි බෝර්න් අගේන් මෙහෙයුම අද සාර්ථකව අවසන් වුණා.

මේ ගොල්ලො තමන්ගේ ආගමික නිකාය කල්ට් එකක් වගේ අදහන, වෙනත් ඇදහිල්ලක්, විශ්වාසයක් තියෙන මිනිස්සු දිහා රකුසො වගේ බලන කණ්ඩායමක්.

මම ඉතාම අවංකව අහනවා මාලිමාවට ඡන්දය දීපු අපේ මිත්‍රයන්ගෙන්.

ඔබලා ප්‍රාර්ථනා කරපු වෙනස මේකද ?

අඩුම තරමේ එරාන් ජීවිත කාලයම එජාප / සජබ කඳවුර නියෝජනය කළ මිනිහෙක්.

ශම්මි වෙනුවට පත් කරන්න අඩුම තරමේ වෙනත් මාලිමාවේ පිරිසිඳු මනුස්සයෙක් හිටියේ නැත්ද ?

දේශපාලන මතය නොතකා අර්ජුන රණතුංග මේ තනතුරට පත් කිරීමට බැරි වුණේ ඇයි ?

අරවින්ද / සිදත් / මහානාම අයගෙන් අයෙක් මේ තනතුරට පත් කිරීමට බැරි වුණේ ඇයි ?

අනුර කියන්නේ දේශපාලනයේදී තමන්ගෙන් නාම යෝජනා ඉල්ලා පැමිණි ඩලස්, පාටලී, රන්ජන්, ෆොන්සේකා වැනි චරිත පවා ප්‍රතික්ෂේප කිරීමට තරම් ඉවක් තිබූ මිනිහෙක්.

අද ඔහු සජබයෙ හිටපු බෝර්න් අගේන් පුද්ගලයෙකුට ශ්‍රී ලංකාවේ ධනවත්ම සහ බලවත්ම ආයතනය භාර කරනවා.

එරාන් විතරක් නෙවෙයි.

අලුත් ක්‍රිකට් පාලක මණ්ඩලයේ අති බහුතරය බෝර්න් අගේන් මිනිස්සු.

කුමාර් සංගක්කාර එළිපිටම ජෙරම් ප්‍රනාන්දුගේ පල්ලියට යන බෝර්න් අගේන් බැතිමතෙක්.

ප්‍රකාෂ් ශාෆ්ටර් බෝර්න් අගේන්.

අවම වශයෙන් ශම්මිගේ කාලයේ ඕනෑම ක්‍රීඩකයෙකුට දක්ෂ නම් තවමත් ජාතික කණ්ඩායම නියෝජනය කිරීමේ අවස්ථාවක් තිබුණා.

යාපනයේ හින්දු ක්‍රීඩකයෙකුට වගේම කුරුණෑගල බෞද්ධ ක්‍රීඩකයෙකුටත් ඔහුගේ ඇදහිලි විශ්වාස නොතකා අවස්ථාවක් ලැබුණා.

නමුත් එරාන් වික්‍රමරත්න ලා, ප්‍රකාශ් ෂාෆ්ටර් ලා යටතේ ඒ සෙල්ලම් බැහැ.

කුමාර් සංගක්කාර ලා අවුරුද්දෙන් බාගයක් එංගලන්තයේත්, ඉතිරි කාලය ඉන්දියාවෙත් ජීවත් වෙන මිනිස්සු.

ඔහුට ශ්‍රී ලංකා ක්‍රිකට් පාලනය වෙනුවෙන් යෙදවීමට කාලයක් නැහැ.

ඉතින් මිත්‍රවරුණි!

ගාමිණි දිසානායක යටතේ 1981 ටෙස්ට් වරම් දිනා, අර්ජුන රණතුංග යටතේ 1996 ලෝක කුසලානය දිනා, උස් පහත්වීම් මැද ලෝකයේ ඉහළ තැනක තිබූ ලාංකේය ක්‍රිකට් ක්‍රීඩාව, මේ එක්තරා කල්ලියක් විසින් අවසන් ගමන් යවනවා.

අනිච්ඡාවත සංඛාරා..

නෑ වැරදුණා!

අද සිට එය 'සාමදානයේ සැතපේවා'!

Copied from Sachin ratwatte

Want your business to be the top-listed Media Company in Colombo?
Click here to claim your Sponsored Listing.

Category

Website

Address


Colombo