Hasindu Chamod

Hasindu Chamod

Share

05/04/2026

අපි මොනාහරි දෙයක් කරන්න කලින් ඒ දෙය ගැන විශ්වාස කරන්නේ නැත්නම් ඒක කරනවද ?
උදාහරණයක් විදියට කිව්වොත් ඔයා ගඟක පීනන්න යනවා කියලා හිතන්න ඔයා පීනන්න දන්න කෙනෙක්. ඔයා මොකක්ද මතද විශ්වාස කරන්නේ ඔයා ගිලෙන් නැතිව පීනයි කියලා.

ගඟ ගැන හිතලා ද ළඟ තියන ගහක් ගැන හිතලද? තව කෙනෙක් ගැන හිතලද ?
නෑ නේ
ඔයා ගේ අත් කකුල් මත විශ්වාසෙන් නෙමෙයිද ?
අත් කකුල් විශ්වාස නැත්නම් ඔයා වතුරට බහී ද ?
නෑ කොහෙත්ම වතුර ළඟට වත් යයි කියලා හිතන්න අමාරුයි.
අත් කකුල් නිසා තමයි ඔයා වතුරට බහින්නේ
ඒ ඇදහීම විශ්වාසය ඔයා සම්පූර්ණයෙන්ම ඔයාගේ අත් කකුල් මත නොතිබ්බොත් ඔයා හිතනව ද ඔයා පීනයි කියලා.

ඒක හිතන්න අමාරු දෙයක්
සහ අනිවාර්යයෙන් ඒ මත විශ්වාස නොකළොත් ඔයා ගිලෙනවා.
ඔයා පීනනවා නම් බාගෙට නෙමෙයි සම්පූර්ණයෙන්ම ඔයා විශ්වාස කල යුතුමයි
ඔයා දෑත් දෙපා ගැන.

ඇදහීම විශ්වාසය කියන්නෙ හරි පුදුම දෙයක්.
සමහරුන්ට ඒක තේරුම් ගන්නවත් බෑ.

ඔයා විශ්වාස කරන දෙය අදහන දෙය මත සම්පූර්ණයෙන්ම ඔයා කරන්න යන දේ ඒ මත තැබිය යුතුනයි.
සම්පූර්ණයෙන් ම කියන එක ගොඩක් වැදගත්.
ජීවිත ගමනත් ඒ වගේමයි.
ඔයා අදහන්නේ කාව ද විශ්වාස කරන්නේ මොනාද ඒ මත සම්පූර්ණවම ඔයාගේ ජීවිතය බාර දෙනවානම් ඔයා ඒ ගමන බය නැතුව සම්පූර්ණ කරන්න යනවා.

හරි කෙනෙක් විශ්වාස කරන්න මරණයටවත්
පරාද කරන්න බැරි වුන කෙනාව විශ්වාසකරන්න.
කිසිම දිනක දිරා නොයන නැති නොවන අත් නොහරින දේ ගැන අදහන්න.
එයා මත සම්පූර්ණ ජීවිතය තබන්න
ඔයාට එතකොට බය නැතුව
ගමන් කරන්න පුළුවන් මොකද
ඒ යේසුස් වහන්සේ ජීවමානයි ඒ යේසුස් වහන්සේ සියල්ල ජයගෙන අවසන්.
ඇදහිල්ලෙන් ඇවිදින්න
ආයෙත් කියන්නම් බය වෙන්න අවශ්‍ය නෑ.

13/08/2025

සමහර දවස් පහු කරලා ආවේ කොහොමද කියලා හිතෙන දවස් ඕන තරම් තියනවා.
හැබැයි ළඟ හිටපු අය ඒ ගැන දන්නෙත් නෑ.
ඒත් ඒ හැම තැනකම මාව ශක්තිමත් කලේ
මගේ මනස ගොඩනැගුවේ
ඒවා මැද්දෙන් ආවේ
මේ වගේ අවස්ථා ගොඩකට මුහුණ දුන්න ජේසු තමයි මගේ එකම ශක්තිය.
හැබැයි කට්ටිය බලාපොරොත්තු වෙන විදියේ මැජික් බලයක් ක්ෂණික දේවල් එක පැයෙන් සිද්ධ වෙන දේවල් නෙමෙයි.
ඒ හැම අවස්ථාවක් මැද්දෙම නොසැලී ඉන්න දරාගෙන ඉන්න ඉවසිල්ලෙන් පහු කරන්න එයා මට කියලා දීලා තියෙන නිසා.

"ඔබ ලෝකයෙන් ඔවුන් අහක්කරන පිණිස නොව,නපුරාගෙන් ඔවුන් ආරක්ෂාකරන පිණිස යාච්ඤාකරමි". (යොහන් 17:15)

මගේ ජේසු එහෙම තමයි ඒ ජේසුගෙ හැටි !

04/03/2025

Maybe you are somewhere in the world but u know ! there are two eyes that are caring about u !
Yes You are not alone ❤️
-Jesus-

Want your place of worship to be the top-listed Place Of Worship in Colombo?
Click here to claim your Sponsored Listing.

Website

Address


Colombo