Citizen X Core

Citizen X Core

Share

16/07/2025

භාතියට යුක්තිය‼️ Justice for Bhathiya ‼️

භාතිය ජීවිතය ලේසියෙන් අත්හැරියෙ නෑ
ඔහු නිහඬව දුක් වින්දා
තුවාල ලබා අතහැර දැමා සිටියදිත් ඔහු සටන් කලා
අවසානයේ එය මුලු රටක්ම සංවේදී කලා, අවදි කලා.

භාතියගේ ජීවිත පරිත්‍යාගය නිකරුනේ වැලලී යන්න නොදී, අප වෙනුවෙන්, රට ඒනුවෙන් සහ අපේ අනාගත පරපුර වෙනුවෙන් අලි ඇත් පරපුර රැක ගැනීම සදහා කරන සටනක මූලාරම්භය සනිටුහන් කිරීමක් කරගමු!

භාතියට කතා කරන්න බැරි වුණා. නමුත් අපිට පුළුවන්.

අපි ඔහු සහ අලි ඇත් පරපුර වෙනුවෙන් නැගී සිටිමු!
වගවීම සහ ප්‍රතිසංස්කරණ ඉල්ලා සිටිමු!

📍 බත්තරමුල්ල, රොබර්ට් ගුණවර්ධන මාවතේ,
පරිසර අමාත්‍ය්‍ංශය ඉදිරිපිටදී
🗓️ ජූලි 17 (බ්‍රහස්පතින්දා)
🕑 ප.ව. 2.00 සිට
✊ Be the voice he never had!

31/03/2025

All the Islam brothers and sisters
Eid Mubarak!!

20/03/2025

ඔබ ජීවිතයේ අභියෝග ජය ගනිමින් දියුණුව කරා පිය නගන්නට වෙර දරන කාන්තාවක්ද?

එසේ නම් ඔබට ශක්තියක් වීමට අප සූදානම්

EmpowHer
කාන්තා සවිබල ගැන්වීමේ දෙදින වැඩමුළුව

සෙනසුරාදා
Module 01
සමාජ මාධ්‍ය වෙළදපල භාවිතය සහ ප්‍රවර්ධනය

Module 02
මානසික ධාරිතා සංවර්ධනය, මානසික අභියෝග හදුනා ගැනීම සහ ජය ගැනීම

ඉරිදා
Module 03
කාන්තා අයිතිවාසිකම්, නීතිය සහ ව්‍යාපාර ලියාපදිංචිය

Module 04
සන්නිවේදනය, පෞරුෂ වර්ධනය සහ ව්‍යාපාරයක් ආරම්භ කිරීමේ මග

සාර්ථකව සම්පූර්ණ කරන්නන්ට ප්‍රතිලාභ:
🟣වටිනා සහතිකයක් (වැඩමුළුව සහ පසු ක්‍රියාකාරකම් සම්පූර්ණ කිරීමට යටත්ව)

🟣තෝරා ගන්නා 10 දෙනෙකුට ව්‍යාපාර දියුණුවට හෝ නව ව්‍යාපාර ආරම්භ කිරීමට උපකාර

🟣සාමූහිකව කාන්තාවන් ශක්තිමත් කිරීමට අවශ්‍ය ප්‍රතිපත්ති ප්‍රකාශක් සැදීම සහ අදාල ආයතන වලට බාරදීම

🟣දිරිය කාන්තාවන්ට ජාලගත වීමට, තම දැනුම, අත්දැකීම්, භාණ්ඩ සහ සේවාවන් හුවමාරු කර ගැනීම සදහා සහයෝගිතා සාමූහිකයක් සැදීම

කා සදහාද?
🔸කුඩා හෝ මධ්‍ය ව්‍යාපාරයන්හි නිරත කාන්තාවන්ට
🔸රැකියා හෝ ස්වයංරැකියා වල නිරත කාන්තාවන්ට
🔸රැකියාවකට යාමට හෝ ව්‍යාපාරයක් ආරභකිරීමට බලාපොරොත්තු වන කාන්තාවන්ට
🔸 විශ්ව විද්‍යාල, කාර්මික විද්‍යාල, හෝ වෘතීය පුහුණු ආයතනයන්හි අධ්‍යාපන ලබන ශිෂ්‍යාවන්ට
🔸අ.පො.ස. උසස් පෙළ විභාගයෙන් පසු නව ගමනකට සැරසෙන තරුණියන්ට
🔸ගෘහනියන්ට

♦️දිනය:
මාර්තු 22 සෙනසුරාදා සහ 23 ඉරිදා

♦️වේලාව:
උදේ 09.00 සිට සවස 4.00

♦️ස්ථානය:
හොරණ ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලීය ශ්‍රවණාගාරයේදී

අමතර පහසුකම්:
🔹උදේ කෙටි ආහාර සමග තේ, දහවල් ආහාර සහ සවස කෙටි ආහාර සමග තේ සපයනු ලැබේ.

🔹මෙය සම්පූර්ණයෙන්ම නොමිලේ පවත්වන වැඩමුළුවකි

🚨 මෙම අවස්තාව ලැබෙන්නේ කාන්තාවන් 50 දෙනෙකුට පමණක් බව කරුණාවෙන් සලකන්න.

Photos from Citizen X Core's post 20/03/2025

අප සංවිධානය කල කාන්තා සවිබල ගැන්වීමේ වැඩසටහනේ දෙවන වැඩසටහන මාර්තු 8 සහ 9 දිනයන් හි රාගම බණ්ඩාරණායක විද්‍යාල ශ්‍රවණාගාරයේදී සාර්ථකව පවත්වන ලදී.
මීලග වැඩසටහන මාර්තු මස 22 සහ 23 දිනයන්හි කළුතර දිස්ත්‍රික්කයේ දී...

Want your business to be the top-listed Media Company in Colombo?
Click here to claim your Sponsored Listing.

Address


Colombo