Study Buddy

Study Buddy

Share

03/11/2021

ගණ දෙවි ආශිර්වාදයෙන් හීන වෙනුවෙන් වැඩ කරන හැමෝටම සාර්ථක දවසක්...❤️

Photos from Study Buddy's post 01/11/2021

හුඟක් o/l ලියපු නංගිලා මල්ලිලා මගෙන් අහපු ප්‍රශ්නයක් තමයි, අක්කෙ මොනවද a/l වලට තියෙන subject ?
ඉතිම් මට හිතුනා අපේ නංගිලා මල්ලිලව දැනුවත් කරන්න😻

01/11/2021

🌼 අපි පාඩම් කරන තැන හරියට හදාගන්නෙ කොහොමද?

අපි පාඩම් කරන තැන අපිට හුඟක් වැදගත්. ඒ නිසා අපි පාඩම් කරන තැන ගෙදර අනිත් හැමතැනකටම වඩා පිරිසිදු, පිළිවෙළ, ලස්සන තැනක් වෙන්න ඕනෙ.

ඒ වගේම පාඩම් කරන මේසෙ සද්ද බද්ද වැඩි තැනක නම් තියෙන්නෙ ඔයාට එතන පාඩම් කරන්න අවධානය රඳවගන්න බැහැ. ඒක නිසා වැඩිය සද්ද බද්ද නැති ඔයාගෙ හිතට අල්ලන තැනක ඔයාගෙ පාඩම් කරන තැන තියාගන්නවනම් හොඳයි.

🌼 පාඩම් කරන තැන හා ඒ අවට අලංකාර කිරීම.

ඔයාගෙ පාඩම් කරන තැන, ඔයාට පාඩම් කරන්න ආස හිතෙන විදිහට හදාගන්න. ඔයාට එතනට ගියහම පාඩම් කරන්න කැමැත්තක් ඇතිවෙන විදිහට ඔයාගෙ මේසෙ හදාගන්න. ඒකට ඔයාට පුලුවන් ඔයාගෙ මේසය ලඟ බිත්තියේ Sticky Notes වලින් Short Notes හදලා ඒවා අලවන්න. Motivational Quotes ටිකක් ලියලා අලවන්න. මේ වගේ දේවල්වලින් ඔයාගෙ පාඩම් කරන තැන ඔයා ආස විදිහට ලස්සන කරලා හදාගන්න ඔයාට පුලුවන්.

🌼 ඔයා පාඩම් කරන තැන තියාගන්න ඕනෙ මොනවද?

ඔයා පාඩම් කරන තැන ඔයාට පාඩම් කරද්දි ඕනෙ කරන හැමදේම තියාගන්න.
• නෝට් බුක්
• පැන්සල්
• පෑන්
• හයිලයිටර්
• අච්චු පොත්
• A4 කොල
• Sticky Notes වගේ ඔයාට පාඩම් කරද්දි ඕනෙ වෙන හැමදේම ඔයාගෙ අතේ දුරින් තියාගන්න. එතකොට ඔයාට සැරෙන් සැරේ නැගිට නැගිට ඒවා ගන්න යන්න ඕනෙ නෑ. එ වගේම පෑන්, පැන්සල්, හයිලයිටර් වගේ ඒවා ඔයාගෙ පෙන්සිල් කේස් එකේම තියන්නෙ නැතුව පාඩම් කරන වෙලාවට ඒවා කප් එකකට, පරන මග් එකකට වගේ දාලා තියාගන්න පුලුවන්. එතකොට ඔයාලට ඒව ඉක්මනින්ම අරගන්න, හොයාගන්න පුලුවන් වෙනවා.

ඔයා පාඩම් කරන වෙලාවට කටු වැඩ කොල, තුල් කුඩු වගේ දේවල් ඔයාගෙ මේසෙ උඩ එකතුවෙනවා.ඒවා විසික් කරන්න සැරෙන් සැරේ නැගිටින එක කම්මැලි වැඩක්. ඒක හින්දා ඔයාගෙ මේසෙ ගාවින් පොඩි ඩස්බින් එකක් තියාගන්න. ඒකට ඔයා කන කෑමවල ඉතුරු වෙන දේවල් දැම්මොත් එතනට කූඹි එහෙම එන්න පුලුවන්. ඒක නිසා ඒ ඩස්බින් එක ඔයාගෙ මේසෙ උඩ ඉතුරු වෙන කොල කෑලි, තුල් කුඩු වගේ දේවල් විතරක් දාන්න ඔයා වග බලාගන්න.

ඔයා පාඩම් කරන්න යන්න කලින් මතක් කරලා වතුර බෝතලේකුත් ඔයාගෙ මේසෙ උඩින් තියාගන්න.එතකොට පාඩම් කරන අතරතුරේ වතුර බොන්න යන්න නැගිටින්න ඕනෙ වෙන්නෙත් නැහැ. සැරෙන් සැරේ වතුර බොන එකෙන් ඔයාගෙ නිදිමත කම්මැලි ගතියත් අඩුවෙලා යනවා.

හිතනවා ඔයාලා මේකෙන් ඔයාලගෙ පාඩම් කරන තැන තියෙන්න ඕනෙ කොහොමද කියලා, ඔයාලාගෙ පාඩම් කරන තැනේ ෆොටෝ එකක් එවන්නත් අමතක කරන්න එපා. 😍

Want your establishment to be the top-listed Arts & Entertainment in Colombo?
Click here to claim your Sponsored Listing.

Website

Address


Kottawa
Colombo