Life in Japan
20/03/2026
රාජ්‍ය තාන්ත්‍රික හමුවේදි ට්‍රම්ප් ගෙන් ජපන් අගමැතිට කින්ඩියක්
ඉරානයට එල්ල කළ ප්‍රහාරය ගැන ජපානයට කලින් දැනුම් නොදුන්නේ ඇයි කියලා ජපන් මාධ්‍යවේදියෙක් අහපු "Serious" ප්‍රශ්නෙට ට්‍රම්ප් දුන්නේ හිතාගන්නවත් බැරි 'Savage' උත්තරයක්.
කැමරා දෙස බලා ට්‍රම්ප් මෙසේ පැවසුවා:
"හදිසි ප්‍රහාර (Surprise) ගැන ජපානයට වඩා හොඳින් දන්නේ කවුද? ඇයි ඔබ මට පර්ල් හාබර් ගැන කලින් කිව්වේ නැත්තේ?" 💀
දහස් ගණනක් ජීවිත අහිමි වුණු, ඉතිහාසයේ අතිශය සංවේදී පරිච්ඡේදයක් වන පර්ල් හාබර් ප්‍රහාරය, ජපාන අගමැතිනි සනායේ ටකායිචි (Sanae Takaichi) ඉදිරිපිටදීම මෙලෙස සරදමකට ලක් කිරීම නිසා මුළු සභාවම මොහොතකට ගල් ගැසුණු බවයි ආරංචිය. 🤫✨
17/03/2026
🚨 ජපානය සහ ඇමරිකාව අතර මැදපෙරදිග අර්බුදය: ඇත්තටම මොකක්ද මේ වෙන්නේ? 🚢🇯🇵🇺🇸
ලෝක දේශපාලනය ඇතුළේ මේ දවස්වල වැඩිපුරම කතා වෙන මාතෘකාවක් තමයි හෝමුස් සමුද්‍ර සන්ධියේ (Strait of Hormuz) ආරක්ෂාව ගැන ඇමරිකාවෙන් ජපානයට එල්ල වෙලා තියෙන පීඩනය. විශේෂයෙන්ම ඉරානයත් එක්ක තියෙන නොසන්සුන්කාරී තත්ත්වය නිසා මේ මුහුදු මාර්ගය සෑහෙන අවදානමක තියෙන්නේ.
ඇත්තටම සිද්ධ වෙන්නේ, ඩොනල්ඩ් ට්‍රම්ප් ජපානයට බලපෑම් කරනවා මේ මාර්ගය ආරක්ෂා කරන්න සහය වෙන්න කියලා. හැබැයි මේක ජපානයට ලොකු අර්බුදයක් වෙලා තියෙන්නේ මොකද ජපානය හැමතිස්සෙම සාමය අගය කරන, තමන්ගේ ව්‍යවස්ථාවෙන්ම යුධ කටයුතු සීමා කරලා තියෙන රටක් නිසා.
මේ ගැන අගමැතිනී සානේ ටකායිචි පාර්ලිමේන්තුවේදී කිව්වේ, දැනට ජපාන ස්වයං ආරක්ෂක බලකායේ (SDF) නැව් එහෙට යවන්න සෘජු සැලසුමක් නැති වුණත්, ජපානයේ නීතිමය රාමුව ඇතුළේ ඉඳගෙන මේකට සහය දෙන්න පුළුවන් ක්‍රම ගැන රජය හොයලා බලනවා කියලා. ඇමරිකාව කියන්නේ ජපානයේ ප්‍රධානම ආරක්ෂක සහකරුවා නිසා ට්‍රම්ප්ගේ ඉල්ලීම අහක දාන්නත් බැහැ, ඒ වගේම තමන්ගේ රටේ නීති උල්ලංඝනය කරන්නත් බැහැ. ඉතින් ජපානය දැන් ඉන්නේ හරිම මැදක.
ඉදිරියේදී අගමැතිනිය වොෂින්ටන් ගිහින් ට්‍රම්ප් එක්ක මේ ගැන මුහුණට මුහුණ සාකච්ඡා කරන්න නියමිතයි. ඇමරිකාව එක්ක තියෙන මිත්‍රත්වයත්, තමන්ගේ රටේ ප්‍රතිපත්තිත් දෙකම රැකගෙන ජපානය මේ ප්‍රශ්නය කොහොම විසඳගනීද කියලා ලෝකයම බලාගෙන ඉන්නවා.
මේ වගේ ලෝක දේශපාලනික වෙනස්කම් ජපානයේ ඉන්න අපිටත් නොදැනීම බලපාන්න පුළුවන්. ඉතින් මේ ගැන ඔයාලට මොකද හිතෙන්නේ? පල්ලෙහයින් කමෙන්ට් එකක් දාගෙන යන්න. 👇
🇯🇵🇺🇸⚓
14/03/2026
ජපානයේ සකුරා 🌸🌸🌸
12/03/2026
🇯🇵 අහසයි පොළොවයි නිල් පාටින් එකතු වෙන ඉබරාකි වල හිටාචි පාර්ක් (Hitachi Seaside Park)
අප්‍රේල් අග වෙද්දී ජපානයට එනවා නම් අනිවාර්යයෙන්ම බලන්න ඕනේ තැනක් තමයි ඉබරාකි ප්‍රාන්තයේ තියෙන මේ හිටාචි සීසයිඩ් පාර්ක් එක. මේ දවස්වල ලෝකෙම අවධානය මෙතනට යොමු වෙන්නේ මිලියන 5කට වඩා පිපෙන "Nemophila" කියන පුංචි නිල් පාට මල් නිසා.
මොකක්ද මෙතන තියෙන විශේෂත්වය?
මෙහි තියෙන "Miharashi Hill" කියන කන්ද මුළුමනින්ම මේ නිල් පාට මල් වලින් වැහිලා යද්දී, ඒක නිල් අහසත් එක්ක එකතු වෙලා පේන්නේ හරියට පාරාදීසයක් වගේ. මල් බලනවාට අමතරව කිලෝමීටර් 11ක් දිග බයිසිකල් පථවල රවුමක් දාන්න, Amusement park එකේ සෙල්ලම් කරන්න වගේම ෆැමිලි එකත් එක්ක නිදහසේ කාලය ගත කරන්නත් මේක මරු තැනක්.
ගාස්තු සහ වෙලාවල්:
• සාමාන්‍ය ගාස්තුව යෙන් 450ක් වුණාට, මේ මල් පිපෙන කාලෙට (Peak Season) ඒක යෙන් 800 - 1000 වගේ වෙන්න පුළුවන්.
• අවුරුදු 15ට අඩු අයට ඇතුළුවීම සම්පූර්ණයෙන්ම නොමිලේ.
• උදේ 9:30 සිට සවස 5:00 වෙනකම් පාර්ක් එක විවෘතයි.
යන්නේ කොහොමද?
ටෝකියෝ වල ඉඳන් එනවා නම් JR Joban Line එකේ Katsuta Station එකට ඇවිත්, එතනින් බස් එකේ විනාඩි 15කින් විතර පාර්ක් එකට යන්න පුළුවන්.
මේ දවස්වල ජපානයේ ඉන්නවා නම් හෝ නිවාඩුවකට එන්න ප්ලෑන් කරනවා නම්, මේ ලස්සන අත්දැකීම මගහැරගන්න එපා. 🌸🌊
12/03/2026
ඊයේ, මාර්තු 11, ජපානයට මාරම විශේෂ දවසක් වුණා. හරියටම මීට අවුරුදු 15කට කලින් (2011) සිද්ධ වුණු ඒ මහා භූමිකම්පාවට සහ සුනාමියට වසර 15ක් පිරුණු සැමරුම තමයි ඊයේ තිබුණේ.
සිද්ධිය වුණේ 2011 මාර්තු 11 හවස 2:46ට. රිච්ටර් මාපකයේ 9.1 ක ප්‍රබලත්වයකින් ආපු ඒ භූමිකම්පාව විනාඩි 6ක් තිස්සේ මුළු ජපානයම හොලවලා දැම්මා. ඒක කොච්චර ප්‍රබලද කියනවා නම්, මුළු පෘථිවියේ අක්ෂය පවා සෙන්ටිමීටර් කිහිපයකින් වෙනස් වුණා කියලා තමයි කියන්නේ. භූමිකම්පාවෙන් පස්සේ ආපු අඩි 130කට වඩා උස සුනාමි රළ පහරවල් ටොහොකු (Tohoku) පැත්තේ වෙරළබඩ නගර සේරම සෝදාගෙන ගියා.
මේ විනාශයෙන් මිනිස්සු 18,000කට වඩා මියගියා වගේම, ෆුකුෂීමා වල න්‍යෂ්ටික බලාගාරයටත් හානි වෙලා ලොකු අර්බුදයක් ඇති වුණා. ඊයේ හවස 2:46 වෙද්දී මුළු ජපානය පුරාම සයිරන් නාද කරලා, මිනිස්සු තමන් ඉන්න තැන්වලම නැවතිලා ඒ මියගිය අය වෙනුවෙන් නිහඬතාවයක් පෑවා. අද වෙද්දී ඒ නගර ගොඩක් දුරට යථා තත්ත්වයට පත් කරලා තිබුණත්, ඊයේ දවස පුරාම ඒ ප්‍රදේශ වල තිබුණු ස්මාරක ළඟ මිනිස්සු මල් තියලා තමුන්ගේ අතීතය මතක් කරනවා දකින්න ලැබුණා.
ඇත්තටම ඊයේ ඒ දවස ගෙවුණේ සෑහෙන බැරෑරුම් විදියට. සොබාදහම ඉදිරියේ තාක්ෂණය කොච්චර දියුණු වුණත් අපි තාමත් පුංචි මිනිස්සු විතරයි කියන එක ඊයේ ආයෙත් මතක් වුණා. 🕯️🇯🇵
Click here to claim your Sponsored Listing.
Category
Culinary Team
Attire
Contact the public figure
Telephone
Website
Address
Colombo