Workfix

Workfix

Share

10/01/2024

වැඩ ලේසිකරගමු!

දවසකට අපි හැමොටම තියෙන්නේ පැය 24ක කාලයක්නේ, ඔය පැය 24 තුළ අපිට කරන්න පුලුවන් වැඩ ප්‍රමාණය ඉතාමත් සීමිතයි. අද මම කතා කරන්න හිතුවා මම වැඩ ලේසි කරගන්න පාවිච්චි කරන Productivity & AI tools වගේ දේවල් කිහිපයක් ගැන. සමහරට විට මේ දේවල් ඔයාට උපකාරී වෙයි අනාගත වැඩ සඳහා.

1. GPT 4.0 🤖
මේ Tool එක ගැන නම් ගොඩක් අය අනිවාර්යෙන් මේ වෙද්දි දන්නවා ඇති කියලා මම හිතනවා, මම එදිනෙදා කරන ගොඩක් task මේ tool එක පාවිච්චි කරලා, ඉතාමත් සුළු කාලයක් ඇතුළත කරගන්න මට පුලුවන් වෙලා තියෙනවා, හරියට assistant කෙනෙක්ගේ සහය අපේ වැඩ වලට ගන්නවා වගේ.

2. WalletApp 💸
අපිට විවිධාකරයේ විදියට income & expenses තියෙන්න පුලුවන්නේ, සමහර අය මේ ආදායම් & වියදම් පොත් වල note කරගෙන මාසේ අන්තිමට ගණන් හදලා බලන්න පුරුදු වෙලා ඉන්නවා. මම පෞද්ගලිකව මට ආදායකමක් හෝ වියදමක් සිද්ධ වුණු ගමන් ඒක WalletApp එකෙ note කරන්න මාස කිහිපයක ඉඳන් පුරුදු වෙලා ඉන්නවා. මෙතනදි අපිට ලේසියෙන්ම අවශ්‍ය වුනාම අපි වැඩියෙන්ම වියදම් කරලා තියෙන්නේ මොනවටද, වියදම් කරන දේවල් අඩු කරගන්න අවශ්‍යනම් limitation වගේ දේවලුත් මේ app එක හරහා setup කරගැනිමේ හැකියාව තිබෙනවා.

3. Notion 🗂️
Task management, project tracking, to-do list manage කරන්න වගේ බොහෝ වැඩ වලට ඉතාම සරලව සහ පහසුවෙන් කරගන්න පුලුවන් Productivity tool එකක් විදියට Notion හඳුන්වා දෙන්න පුලුවන්. අවශ්‍යනම් Notion AI භාවිතා කර සමහර කාර්යයන් තවත් කාර්යක්ෂම කර ගැනිමේ හැකියාවත් පවතිනවා.

4. Claude AI 📖
Documents වල තියෙන විස්තර summarize කරගන්න භාවිතා කරන්න පුලුවන් හොඳ tool එකක්.

5. Feedly 📊
මම interested topic වල updates බලාගන්න පාවිච්චි කරන සේවාවක් Feedly කියන්නේ, Feedly වල අපි කැමති topic ගැන කතාවෙන website, blogs වැනි දේවල් follow කිරිමට අවස්ථාව ලබාදෙනවා.

ඔයාලත් අනිවාර්යෙන් මේ වගේ වැඩ ලේසි කරගන්න විවිධාකරයේ ක්‍රම භාවිතා කරනවා ඇති, ඒවා ගැනත් විස්තරයක් commnet එකකින් දාන්න අමතක කරන්න එපා, මම ඉහත කතා කරලා තියෙන සමහර tools ඔයාට free භාවිතා කරන්නත් හැකියාව තිබෙනවා.

- Prabodha Lakshan -

Photos from Workfix's post 23/02/2023

Social media වලට හරියටම ගැලපෙන Size
ඔනේ කෙනෙක් ඉන්නවානම් Save කරලා තියාගත්තත් පඩු නෑ... 🤟🏽

Want your business to be the top-listed Advertising & Marketing Company in Colombo?
Click here to claim your Sponsored Listing.

Address


Colombo