Dr. Seneth Gajasinghe

Dr. Seneth Gajasinghe

Share

16/01/2023

මහජන සේවය පිණිසයි.......
අපි දැන් පොඩ්ඩක් බහුලව බාවිතා වන බෙහෙත් වර්ග ගැන ඉගෙන ගනිමු.
steroid / ස්ටීරොයිඩ්
මෙය බෙහෙතක් නොව බෙහෙත් ගෘප් එකකි. මෙම ගෘප් එකටද බෙහෙත් වර්ග කීපයක් අයත් වේ.
මෙම බෙහෙත් ගෘප් එක බෙහෙත් ශාලා තුල වැඩියෙන්ම අවබාවිතා වන බෙහෙත් කාණ්ඩයයි.
අපි මුලින්ම මෙම බෙහෙත් කාණ්ඩයේ බහුලව බාවිතා වන බෙහෙත් කිහිපයක් හදුනා ගනිමු; Prednisolon/ ප්‍රෙඩ්නිසොලෝන්, Dexamethasone / ඩෙක්සාමෙතසෝන්, Methylprednisolone / මීතයිල් ප්‍රෙඩ්නිසොලෝන්.
මෙම බෙහෙත් කාණ්ඩය ගැන ඔබ දැන ගත යුතු දෑ :-
1. වෛද්‍ය විද්‍යාව තුල මිරැකල් බෙහෙත් ලෙස මෙම ගෘප් එක හැදින්වේ. එයට හේතුව මෙම බෙහෙත් වලට රෝගීන්ගේ බොහෝ රෝග ලක්ෂණ / අපහසුතා නැති කිරීමේ හැකියාවක් තිබීමයි. මෙහිදී සිදුවන්නේ රෝගය හැන්ගීමක් මිස සුව වීමක් නොවේ.
2. මෙම බෙහෙත් ශරීරයේ ප්‍රතිශක්තිය අඩු කරන බැවින් මෙම කාණ්ඩයේ බෙහෙත් අධි ප්‍රමාණ බාවිතා කිරීම හෝ මෙම කාණ්ඩයේ ප්‍රබල බෙහෙත් අනිසි ලෙස බාවිතය රෝගය ශරීරය ඇතුලේ ඔබට අමාරුවක් නොදැනී රහසේ වර්ධනය වීමට හේතු විය හැක. එනිසා ප්‍රෙඩ්නිසොලෝන් සහ ඩෙක්සාමෙතසෝන් අධි ප්‍රමාණ හෝ මීතයිල් ප්‍රෙඩ්නිසොලෝන් වැනි ප්‍රබල බෙහෙත් සරල රෝග සදහා අනවශ්‍ය ලෙස බාවිතයේදී මේ පිලිබදව ඔබ දැනුවත් විය යුතුය.
3. මෙම බෙහෙත් විශාල සංකුලතා ප්‍රමාණයක් සහිත බෙහෙත් කාණ්ඩයක් නිසා දිගු කාලීන බාවිතය අත්‍යාවශ්‍ය අවස්ථාවලට පමණක් සිමා කල යුතුය.
4. ඇතැම් බටහිර නොවන වෛද්‍යවරු මෙම බෙහෙත් ගැන නිවැරදි අවබෝදයක් නොමැතිව මෙම බෙහෙත් තම බෙහෙත් වලට මිශ්‍ර කර දෙන බව ප්‍රකට මතයකි. එහිදී බාවිතා වන්නේ මෙම බෙහෙත් වල රෝග ලක්ෂණ / අමාරු හන්ගීමේ ගුණයයි.
5. ඇතැම් වන් ෂොට් ලාද තම ප්‍රයිවට් ප්‍රැක්ටිස් එක පවත්වාගන්නේ මෙම බෙහෙත් වල අධි මාත්‍රා වලට පිං සිදු වන්නටය.

16/01/2023

මහජන සේවය පිණිසයි..........
දොස්තරලා මතකෙන්ම බෙහෙත් දෙන්න ඕනද?
පොතක් බලල නැත්නම් තව ඩොක්ටර් කෙනෙක් එක්ක කතා කරලා බෙහෙත් දෙන්නේ දන්නේ නැති ඩොක්ටර්ලද?
මුලින්ම මම කථා දෙකක් කියල ඉන්නම්...........
1)
දියුණු බටහිර රටක සේවය කරන මාගේ මිතුරෙක් දිනක් ප්‍රතිකාර ගැනීමට වෛද්‍යවරයෙක් හමු වුනා. ඔහුගෙන් විස්තර ඇසූ වෛද්‍යවරයා ඔහු ඉදිරියේම ලැප් ටොප් එක දිග හැර ගත්තේය. ඔහුට පෙනෙන්නට ඔහු ඉදිරියේම අදාල රෝගය ගැන කියවූ ඔහු මා මිතුරාව ඔහුගේ රෝගය පිලිබදව දැනුවත් කර ඔහුට අවශ්‍ය ප්‍රතිකාරද ලියා දුන්නේය.
2)
මෙම සිදුවීම එංගලන්තයේ ප්‍රධාන රෝහලකය.
අදාළ වාට්ටුවේ ප්‍රධාන වෛද්‍යවරයා පැමිණි ගමන් වාට්ටුවේ සියළු වෛද්‍යවරු එක කාමරයකට රැස් වෙයි. ඉන් පසු සියළු දෙනා වාට්ටුවේ රෝගීන්ගේ විස්තර කියවයි. ඉන් පසු එම රෝගීන්ගේ රෝග පිළිබදව අවශ්‍ය අදාල පොත් සහ සගරා කියවයි. ඉන් පසු ඔවුන් අදාළ රෝගීන් ගැන සාකච්චා කරයි. රෝගීන් බැලීමට ඔවුන් පිටත් වන්නේ ඉන් පසුවයි........
මෙම කතා දෙකේම හරය කුමක්ද?
අතීතයේ මෙන් නොව. වර්තමානයේ පවතින රෝග ප්‍රමාණය වැඩිය. නව රෝග නොනවත්වා ලෝකයේ සොයා ගනී. එමෙන්ම එම රෝග ගැන අප දන්නා දැනුම දිනපතා වර්දනය වේ. රෝග සදහා ඇති ප්‍රතිකාර ක්‍රම දිනෙන් දින වැඩි වේ. වෛද්‍යවරුන් බාවිතා කරන බෙහෙත් ප්‍රමාණය විශාල ලෙස වැඩි වී ඇත.
ඉතින් අතීතයේ වෛද්‍යවරයෙක්ට මතකයෙන් පමණක් සියළු රෝගීන්ට ප්‍රතිකාර කිරීමට හැකි උවත් තව දුරටත් එය ප්‍රායෝගික නැත. නමුත් අපගේ රෝගීන් මෙම නව ක්‍රම වෛද්‍යවරයාගේ අඩුපාඩුවක් ලෙස දැකීම නිසා අප වෛද්‍යවරු තම මතකයෙන් පමණක් ප්‍රතිකාර කිරීමට තව දුරටත් උත්සහ කරයි. මෙහි අනිසි ප්‍රථිපල වන්නේ,
1. රෝගය සදහා හොදම ප්‍රතිකාරය රෝගියාට නොලැබීම. (සෑම රෝගයක් සදහා සියළු බෙහෙත් මතක තබා ගැනීම අපහසු නිසා එක් රෝග සදහා තෝරාගත් බෙහෙත් කීපයක් පමණක් බාවිතා කිරීම වෛද්යව්ව්රුන් හුරු වීම.)
2. රෝග විනිශ්චය වැරදීම. (සියළුම රෝග ගැන මතකයේ තබා ගැනීම කිසිවෙකුටත් කල හැක්කක් නොවේ. )
3. බෙහෙත් වැරදි මාත්‍රාවෙන් නිර්දේශ කිරීම.
මේ සියල්ලෙන්ම පාඩු වන්නේ ඔබටමය. එනිසා ඒ පිලිබදව ඔබේ අවදානය යොමු කරන්න. යම් වෛද්‍යවරයෙක් ඔබගේ රෝගය පිලිබදව තව විමසීමට අවශ්‍ය යැයි කිවහොත් හෝ වෙනත් වෛද්‍යවරයෙකු හා කතා කිරීමට අවශ්‍ය යැයි කිවහොත් හෝ ප්‍රතිකාර ලබාදීමට ඉදිරි දිනයක් දී එදිනට පැමිණීමට කීව හොත් හෝ ඔබ ඉදිරියේ යම් කියවීමක් සිදු කළහොත් ඒ ගැන සතුටුවන්න. මිනිසකුගේ මතකයෙන් පමණක් කටයුතු කිරීමේදී විය හැකි සිය ගණනක් වැරදි වලින් ඔබ ආරක්ෂා වී ඇත......
තම මතකයේ ප්‍රතිකාර ක්‍රම කිහිපයක් තබා ගනිමින් එය කරකවමින් ලියන අයෙකුට වඩා තම රෝගියාට වඩා ගැලපෙන ප්‍රතිකාර ක්‍රමයක් ලබා දීමට වෙහෙසෙන වෛද්‍යවරයෙක් ඔබට ලැබී ඇත.

Want your practice to be the top-listed Clinic in Colombo?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Website

Address


Boralasgamuwa
Colombo