Ephphatha
03/11/2021
ශු. මහා ගර්ට්රූඩ් තුමිය 1263 ජර්මනියේ උපත ලැබුවාය. එතුමි බෙනදියානු තාපසිකාව වූවාය. එතුමි ක්‍රිස්තුස් වහන්සේගේ දුක්ප්‍රාප්තිය ගැන නිතර භාවනා කළාය. බොහෝවර එතුමි කඳුළු ගංගාවල ගිලී සිටියාය. තවද එතුම් බොහෝ මර්ධන ක්‍රියා ඉටු කළාය. අප අප ස්වාමින් වහන්සේ කීපවරක් එතුමියට දර්ශනය වූ සේක. 1334 දී එතුමිය මොලොවින් වියෝ විය. එතුමියගේ සංවත්සරික මංගල්‍යය නො. 16 වනදාය.
අප ස්වාමින් වහන්සේ ශු. ගර්ට්රූඩ් තුමියට වදාළේ මේ යාච්ඤාව බැතියෙන් උච්චාරණය කරන සෑම අවස්ථාවකදීම ශුද්ධගිනිස්ථානයේ ආත්ම දහසක් මිදීම ලබන බවයි.
--------------------
(මේ යාච්ඥාව දිනකට බොහෝ වරක් කියවන්න.)
ශුද්ධගිනි ස්ථානයේ ආත්ම 1000 මුදවාගැනීම සඳහා යාච්ඤාව
අනන්ත පියාණෙනි,
ඔබ වහන්සේ දිව්‍යමය පුත‍්‍රයාණන් වන ජේසු සමිදුන්ගේ අති අම්ල රුධිරයද, අද දින ලෝකය පුරා ඔප්පු කරන දිව්‍ය පූජාවන් සියල්ල ශුද්ධගිනි ස්ථානයේ
ආත්මයන් සඳහා ද, එසේම සෑම තැනම සිටින පව්කාරයන් සඳහා ද, මගේම නිවසේ හා මා පවුල තුල අය සඳහා ද, ඔබ වහන්සේට පූජා කර සිටිමි. ආමෙන්.
11/10/2021
ශු. ඇල්ෆොන්සස් ද ලිගෝරේගේ සහ වෙනත් සාන්තුවරුන්ගේ ලේඛන වලට අනුව ක්‍රිස්තුස් වහන්සේගේ පිටුපසට නිවැරදි නිරූපණයක්. මෙම පින්තූරය බැලීමට ඉතා අසීරුය.
ක්‍රිස්තුස් වහන්සේගේ සැබෑ දුක්ප්‍රාප්තිය හා සමඟ සැසඳීමේ දී මෙම රූපයට ද සමාන නොවේ.
ඔබ ඊළඟ වතාවේ මුල් අගුණ පව් වන උඩඟුව, ලෝභය, මෝහය, ක්‍රෝධය, රාගය, කෑදරකම, කෝපය සහ අලසකම සමඟ පොරබදින විට ක්‍රිස්තුස් වහන්සේ දුක් වේදනා වින්දේ ඔබේ පව් වලට වන්දි වශයෙන් බව සැමවිටම මතක තබා ගන්න.
“දෙවියන් වහන්සේ ලෝකයාට කොතරම් ප්‍රේම කළ සේක් ද කීවොත්, ස්වකීය ඒක ජාතක පුත්‍රයාණන් වුව ද ලොවට දෙවා වදාළ සේක. එසේ කෙළේ, උන් වහන්සේ කෙරෙහි අදහන සියලු දෙනා ම විනාශ නොවී සදාතන ජීවනය ලබන පිණිස ය. දෙවියන් වහන්සේ ස්වකීය පුත්‍රයාණන් ලොවට එවා වදාළේ, ලෝකයා විනිශ්චය කරන පිණිස නොව, උන් වහන්සේ කරණකොටගෙන ලෝකයා ගළවනු ලබන පිණිස ය. උන් වහන්සේ අදහාගන්නා විනිශ්චය කරනු නො ලැබේ. අදහා නොගන්නා දෙවියන් වහන්සේගේ ඒක ජාතක පුත්‍රයාණන් අදහා නොගන්නා බැවින් දැනට ම විනිශ්චය ලබා ඇත.
“විනිශ්චය නම් මේ ය: ලෝකයට ආලෝකය පැමිණ තිබේ; එහෙත්, තමන්ගේ ක්‍රියා නපුරු බැවින් මනුෂ්‍යයෝ ආලෝකයට වඩා අන්ධකාරයට ප්‍රිය කළහ. නපුරු ක්‍රියා කරන හැම දෙන ම ආලෝකයට ද්වේෂ කරති; ඔවුන්ගේ ක්‍රියා එළි වන බැවින් ඔව්හු ආලෝකයට නොපැමිණෙති. එහෙත්, සත්‍ය දේ කරන තැනැත්තා තමාගේ ක්‍රියා දෙවියන් වහන්සේට කීකරු ව කරන ලද බව පෙනෙන පිණිස ආලෝකයට පැමිණේ ය”යි වදාළ සේක. ( ජොහන් 3:16-21 )
24/09/2021
“ නිහතමානී ආත්මයක් තමා කෙරෙහි විශ්වාසය තබන්නේ නැත, නමුත් දෙවියන් වහන්සේ කෙරෙහි සියලු විශ්වාසය තබයි. ” ( දින පොත 593 )
- ශු. ෆවුස්තිනා මුනිවරිය -
23/09/2021
“ අඳුරු කාලවලදී, ජපමාලය අතැතිව සිටීම ඔබේ ආශීර්වාදලත් මාතාවන්ගේ අත අල්ලා ගැනීම හා සමානය. සෑම දිනකම ජපමාලය උච්චාරණය කරන්න. දේවමාතාවන්ගේ අතට ඔබව බාරකරන්න. ඇය ඔබව බලා ගනීවි. ”
ශු. පියෝ මුනිතුමා ( මංගල්‍යය දිනය - සැප්තැම්බර් 23 )
22/09/2021
St. Padre Pio incorrupt body ( Feast day - September 23 )
ශු. පියෝ මුනිතුමන්ගේ නොදිරූ සිරුර ( මංගල්‍යය දිනය - සැප්තැම්බර් 23 )
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Colombo
10250