Shammi
30/09/2024
සත්‍ය වශයෙන්ම ප්‍රේමණීය මිනිසුන්ට අපගේ ජීවිත කාලය දිගු කල හැක.ඔවුන් සමඟ ගත කරන තත්පරයන් ඉතාමත් අර්ථාන්විත හා සංවේදනීය ය. අපට ජීවිතය දැනෙන්නට ගන්නේ ඔවුන් සමඟ ගත කරන කාලයට අනුලෝමව ය. අපට ජීවත් වෙනවා යැයි හැඟෙන්නේ ද ඒවිට ය.... 🖤
📖 No regrets, let's love | Nadiv Dulnith
28/09/2024
මිනිස්සු සම්බන්ධතා නඩත්තු කිරීමට ජීවිත කාළය පුරාම පුදුම පුදුම වෙහෙසක් ගන්නවා!
කථා නොකලොත් තරහ වෙයි
හම්බුනේ නැති උනොත් දුක හිතෙයි
තෑග්ගක් නොදුන්නොත් හිත නරක් වෙයි
වරදක් කලොත් මාව අමතක කරයි
වගේ දේවල් ගැන හිතලා පවතින සම්බන්ධතා ලස්සනට පවත්වා ගෙන යන්න උපරිම ආයාසයක් ගන්නවා .ඒ ආයාසය තමන්ව මොන තරමට පීඩාවට පත් කරත් ,ඒ බැඳීමට තියන ලෝභකම නිසාවෙන් මිනිස්සු මොන තරම් අමාරුවෙන් හරි බැඳීම් නඩත්තු කරනවා.
බහුතර මානව සම්බන්ධතා ඒ තරම් බර වෙද්දි, ඉඳල හිටලා නඩත්තු කල යුතු නැති හරි අමුතු සබඳතා මිනිස්සුන්ගේ ඇස් ඉස්සරහට එනවා.
එහෙම සම්බන්ධතා වලදී, දවස ගානෙ කතා කරන්න ඕනෙ නැහැ, තෑගී දෙන්න ඕනෙ නැහැ, කෑවද බිව්වද නෑවද කියල අහන්න ඕනෙ නැහැ, ගන්න හැම කෝල් එක්කම ආන්සර් කරන්න ඕනෙ නැහැ, මෙහෙම කිව්වොත් හිත රිදෙයි, එහෙම කලොත් එයා මන් ගැන වැරදියට හිතයි කියලා හිතන්න දෙයක් නැහැ!
කොටින්ම කිව්වොත්, එයාල ඉස්සරහට යද්දී අලුතෙන් ලෑස්ති වෙලා එක එක චරිත වලට අනුගත වෙන්න ඕනෙත් නැහැ, හිතෙන දෙයක් කියල තමන්ට ලේසි විදිහට හැසිරිලා දැනෙන දේ කියල ඕනෙනම් කථා කරල නැත්තන් නිකන් ඉඳල තමන්ගෙ අව්‍යාජ කළාපයේ හැසිරෙන්න පුළුවන්.
එකට කාලා එකට බීලා රණ්ඩු වෙලා හිනා වෙලා මේ ඔක්කොටම පස්සේ ආයෙ අවුරුදු ගානක් කථා නොකර ඉඳලා ,එක දවසක නිකන් කථා කලත් මොකක්හරි උවමනාවකට කථා කලත් අන්තිමට නැවතුන තැනින්ම ඒ හැඟීමෙන්ම ඒ ලව් එකෙන්ම ආයෙ හලෝ කියවෙන්නේ ඕනේ. මිනිස්සුන්ට ජීවිතේ ඉඳල හිටලා හරි එහෙම සම්බන්ධයක් තියෙන්නේ ඕනේ. ජීවිතේ එක සැරයක් එහෙම යාළුවෙක් ඉන්න ඕනේ. අපි කාට උනත් ,නඩත්තු කරන බැඳීම් සිය ගානක් අස්සෙ කිසිම නඩත්තුවක් අවශ්‍ය නැති එකම එක බැඳීමක් හරි තියෙන්නම ඕනේ!
- Credit goes to the respective owner
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Malabe
Colombo
10100