SmileWave
😂
17/06/2026
😂😂😂
23/05/2026
2026 වසරේ ලෝකය මුහුණ දිය හැකි විශාලතම දේශගුණික අර්බුදයක් ලෙස “සුපර් එල් නිනෝ” තත්ත්වය පිළිබඳව විද්‍යාඥයින් දැඩි අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ. දේශගුණ ආකෘතිකරණයන් අනුව, මෙවර ඇතිවිය හැකි එල් නිනෝ තත්ත්වය 1877 වසරේ සිදුවූ ඉතිහාසයේ භයානකම එල් නිනෝ අවස්ථාවට සමාන විය හැකි බව සඳහන් වේ. එම අවස්ථාවේදී ලෝකයේ විවිධ ප්‍රදේශවල දරුණු නියඟ, අහාර හිඟය සහ රෝග ව්‍යාප්තිය හේතුවෙන් මිලියන 50කට අධික ජනතාවක් මියගොස් ඇති බව ඉතිහාසය සඳහන් කරයි.
විශේෂඥයන් පවසන්නේ පැසිෆික් සාගරයේ ජල උෂ්ණත්වය සාමාන්‍ය මට්ටමට වඩා සෙල්සියස් අංශක 2 සිට 3 දක්වා ඉහළ යා හැකි බවයි. මෙවැනි උෂ්ණත්ව වෙනස්වීම් ලෝකයේ කාලගුණ පද්ධතිවලට දැඩි බලපෑමක් ඇති කරයි. සමහර රටවල් විනාශකාරී ගංවතුරවලට මුහුණ දෙන අතර තවත් රටවල් දරුණු නියඟ සහ අධික උෂ්ණත්ව තත්ත්වයන්ට ගොදුරු විය හැකිය.
විශේෂයෙන් ආසියානු සහ අප්‍රිකානු දුප්පත් රටවල් මෙම තත්ත්වයෙන් වැඩිම බලපෑමට ලක්විය හැකි බවට අනතුරු අඟවා තිබේ. කෘෂිකර්මාන්තය කඩා වැටීම, ජල හිඟය, ආහාර මිල ඉහළ යාම සහ ජන ජීවිත අර්බුදයට පත්වීම වැනි තත්ත්වයන් ඇතිවිය හැකි බව විද්‍යාඥයන් පෙන්වා දෙයි.
ශ්‍රී ලංකාවටද මෙහි බලපෑම් ඇතිවිය හැකි අතර, අසාමාන්‍ය වැසි, දිගු නියඟ කාලයන් සහ කෘෂිකාර්මික හානි වැනි ගැටලු මතුවිය හැකිය. විශේෂඥයන් ජනතාවට සහ රජයන්ට ඉදිරි කාලය සඳහා සූදානම් වන ලෙස උපදෙස් ලබාදී තිබේ.
දේශගුණික විපර්යාසයන් මේ වනවිටත් ලෝකයට දැඩි බලපෑම් එල්ල කරමින් සිටින අතර, 2026 “සුපර් එල් නිනෝ” තත්ත්වය එහි තවත් භයානක අවස්ථාවක් විය හැකි බවට ලෝකයම අවධානය යොමු කර තිබේ.
02/05/2026
🥰
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Colombo