Chooty

Chooty

Share

12/05/2026

අපේ හෙද පරපුර - අපේ අනාගතයයි! 🫶

2026 ජාත්‍යන්තර හෙද දිනය අදයි. රෝගී ජීවිත සුවපත් කරන්නට, නිදි වරාගෙන කැපවන ලොව පුරා විසිරී සිටින සියලුම හෙද හෙදියන්ට උපහාරයක්ම වේවා! 🩺✨

28/04/2026

රෝහලේ නතරවෙලා ඉන්නකොට නිතර ඔයාලට ඇහෙන දෙයක් තමයි ඩොක්ටර්ස්ලා, නර්ස්ලා ඇවිත් "බීපු වතුර ප්‍රමාණයි පිට කරපු මුත්‍රා ප්‍රමාණයයි මනින්න" කියනවා. සමහරුන්ට ඒක අනවශ්‍ය කරදරයක් වගේ දැනෙන්නත් පුළුවන්. 😖

ඒත් ඒ පුංචි සටහන පිටුපස විද්‍යාත්මකව ඉතා වැදගත් හේතු කිහිපයක් තියෙනවා.අද අපි ඒ ගැන බලමු.👇

🔬 ඇයි මේක මෙච්චර වැදගත්?

1. වකුගඩු වල "කාර්යක්ෂමතාව" මැනීමට.⚡

අපේ ශරීරයේ වකුගඩු කියන්නේ පෙරනයක් වගේ දෙයක්. වකුගඩු වලට රුධිරය ගලායන ප්‍රමාණය අඩු වුණොත් මුත්‍රා පිටවීම අඩු වෙනවා. ඔබ ඇතුළට ගන්නා දියර ප්‍රමාණයට සාපේක්ෂව මුත්‍රා පිටවෙන්නේ නැත්නම්, එයින් කියවෙන්නේ ඔබේ වකුගඩු අනතුරුදායක මට්ටමක පවතින බව.

2. ශරීරයේ දියර සමතුලිතතාවට.⚖️ (Fluid Balance)
අපේ සෛල නිසි ලෙස ක්‍රියා කිරීමට නම් ශරීරයේ දියර මට්ටම එක සමානව තියෙන්න ඕනේ. දියර වැඩි වුණොත් හදවතට සහ පෙනහළු වලට අනවශ්‍ය බරක් (Fluid Overload) ඇති වෙන්න පුළුවන්. පිටවන ප්‍රමාණය මැනීමෙන් මේ අවදානම කල්තියා හඳුනාගන්න පුළුවන්.

3. හෘදයේ ශක්තිමත්භාවය හඳුනාගැනීමට.🫀

හදවත දුර්වල වූ විට රුධිරය පොම්ප කිරීමේ වේගය අඩු වෙනවා. එවිට වකුගඩු වලට ලැබෙන රුධිරය අඩු වී මුත්‍රා පිටවීම සීමා වෙනවා. මේ දත්ත දෙස බලලා ඔබේ හදවතේ ක්‍රියාකාරිත්වය ගැන නිගමනයකට එන්න පුළුවන්.

4. ඖෂධ මාත්‍රාවන් තීරණය කිරීමට.💊

සමහර ප්‍රබල ඖෂධ වගේම (විශේෂයෙන්ම සේලයින් සහ වකුගඩු සම්බන්ධ ඖෂධ) ශරීරයට දෙන ප්‍රමාණය තීරණය කරන්නේ ඔබ පිට කරන මුත්‍රා ප්‍රමාණය මතයි. වැරදි දත්තයක් ලැබුණොත් ලැබෙන ඖෂධ මාත්‍රාවත් වැරදි වෙන්න පුළුවන්.

ඇත්තටම මේ මැනීම ප්‍රතිකාර වලම කොටසක් මිසක් අමතර වැඩක් නෙවෙයි. ඒ නිසා මේ ඔබේ පුංචි සටහන ඔබේ ජීවිතය බේරා ගැනීමට අපිට දෙන ලොකූ සහයෝගයක්. ✅

මේ සම්බන්ධයෙන් ඔබට ඇති ගැටලු හෝ සැක සහිත තැන් පහතින් Comment කරන්න.👇

"දැනුවත් වෙමු - ජීවිතය රැකගනිමු!"❤️

අනිත් අයටත් බලන්න Share කරන්න! 🔗

✍️මිලූකා මාන්නප්පෙරුම

#චූටි_page

Want your business to be the top-listed Beauty Salon in Colombo?
Click here to claim your Sponsored Listing.

Category

Website

Address


Colombo