SATA Biz - Elite

SATA Biz - Elite

Share

06/04/2023

ව්‍යාපාරයක් තෝරා ගැනීමේදී සලකා බැලිය යුතු කරුණු මොනවාද?

අද ව්‍යාපාර ලෝකයේ විවිධ ව්‍යාපාර දැකගත හැකිය. නමුත් වැදගත්ම කරුණ වන්නේ ඒවා සාර්ථක මට්ටමේ ඇති ලාභ ලබන ව්‍යාපාරයක්ද නැද්ද යන්න වීමයි. ව්‍යාපාරයක් ආරම්භ කල පමණින්ම එය සාර්ථක ව්‍යාපාරයක් වන්නේ නැත. ව්‍යාපාරයක් සාර්ථක වීමට නම් එය පාරිභෝගික අවශ්‍යතා ඉටු කරන පාරිභෝගිකයා තෘප්තිමත් කරවන ව්‍යාපාරයක් විය යුතුය. ඒ හේතුවෙන් අද අපි බලමු ව්‍යාපාරයක් තෝරා ගැනීමේදී සලකා බැලිය යුතු කරුණු කිහිපයක්.

1. පුද්ගල අවශ්‍යතාවයන් හා උවමනාවන්

යම් පාරිභෝගික අවශ්‍යතා ඉටු කරගැනීමට නොයෙකුත් ක්‍රම හා විධි තිබෙන්නට පුළුවන. ආහාර යනු මූලික මිනිස් අවශ්‍යතාවයකි. මේ අවශ්‍යතාවය සපුරාලීමට වෙළදපලේ බොහෝ ව්‍යාපාරිකයන් ඇත. නමුත් මෙම අවශ්‍යතාවය පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙයි. මෙහිදී ඔබ කල යුත්තේ ඒ විවිධ වූ උවමනාවන් හරි හැටි අවබෝධ කරගෙන පාරිභෝගිකයා උපරිම අයුරින් තෘප්තිමත් කල හැකි භාණ්ඩය හෝ සේවාව නිෂ්පාදනය කරන පිණිස සුදුසු ව්‍යාපාර අවස්ථාව තෝරාගැනීමයි.

2.පාරිභෝගික රුචිය

මෙයින් අදහස් වන්නේ භාණ්ඩ හෝ සේවා වලට ඇති පාරිභෝගික කැමැත්තයි. නිතර වෙනස්වීම් වලට ලක් වන පාරිභෝගික අවශ්‍යතා තෘප්තිමත් කල හැකි ව්‍යාපාර අවස්තාවන් ඔබ විසින් තෝරා ගත යුතුය. දැනට පවතින ව්‍යාපාරයක වුවද භාණ්ඩ හා සේවාවන් වලට තිබෙන පාරිභෝගික කැමැත්ත කාලයෙන් කාලයට වෙනස් වෙයි. එමෙන්ම අලුතින් ඇතිවන පාරිභෝගික අවශ්‍යතාද ඇත. මෙතැනදී ඔබ ලක යුත්තේ ඒ වෙනස් වන පාරිභෝගික අවශ්‍යතා පිළිබදව නිරීක්ෂණය කරමින් ඒ අනුව ඔබගේ ව්‍යාපාරය සැලසුම් කිරීමයි.

3.වෙළදපොල හදුනා ගැනීම

තමන් නිපදවිමට බලාපොරොත්තු වන භාණ්ඩයට හෝ සේවාවට තිබෙන / තිබිය හැකි වෙළදපොල නිවැරදිව හදුනා ගැනීම ඉතාමත්ම වැදගත් වෙයි. ඔබගේ පාරිභෝගික පිරිස කවුරුන්ද යන්න ඔබ දැනසිටීමත් ඉතාමත්ම වැදගත්ය. කුඩා දරුවන්ද, කාන්තාවන්ද, පුරුෂයන්ද, නැත්නම් කවුරුන්ද යන්න ආදී වශයෙන් ඔබ නිශ්චිතවම දැන සිටිය යුතුය. එවිට ඔබට ඒ අදාල පාර්ශවයන් වෙනුවෙන් ඔබගේ භාණ්ඩය හෝ සේවාව නිර්මාණශිලිව ඉදිරිපත් කල හැකිය.

4. තරගකාරීත්වය

තම නිෂ්පාදනයට වෙළදපොලේදී මුහුණ දීමට සිදු විය හැකි තරගකාරිත්වය කල් ඇතිව වටහා ගත යුතුය. නව තාක්ෂණය යොදා ගෙන නිෂ්පාදන වියදම අඩු කර ගනිමින්, නිර්මාණශිලී ලෙස ගුණාත්මක නිෂ්පාදනයක් වෙළදපොලට ඉදිරිපත් කල හැකිය.ඇතැම් විට දැනටමත් ඔබගේ භාණ්ඩයම වෙළදපලට ඉදිරිපත් කරන එක් අයෙක් හෝ කිහිප දෙනෙක් සිටිය හැක. එවැනි තත්වයකදී තරගකරුවන් කවුද? ඔවුන්ගේ නිෂ්පාදනවල තත්වය කුමක්ද? මිල කීයද? ආදී වශයෙන් කරුණු සොයා බලා ඒවාට ගැළපෙන පරිදි තම භාණ්ඩය ඉදිරිපත් කළ යුතුය.

5. තම දැනුම හා පළපුරුද්ද

ව්‍යාපාර අවස්ථාවක් තෝරා ගැනීමේදී ඒ පිළිබදව තමන්ට ඇති දැනුම හා පළපුරුද්ද අතිශය ප්‍රයෝජනවත් වෙයි. ලෝකයේ බොහොමයක් සාර්ථක ව්‍යවසායකයන් සාර්ථකත්වයට පත් වී ඇත්තේ ඔවුන්ට ඔවුන්ගේ නිෂ්පාදනයන් පිළිබදව ඔවුන්ට තිබුණු අද්විතීය දැනුම හා පළපුරුද්ද නිසාවෙනි.

මෙම කරුණු සැලකිල්ලට ගනිමින් ඔබට ඔබට සාර්ථක ව්‍යාපාර අවස්ථාවක් තෝරා ගැනීමට හැකියාව ඇත. තවදුරටත් මේ කරුණු පිළිබදව ගැබුරින් අධ්‍යනයක් ඔබට සිදු කළ හැකිය.

06/09/2022

අපනයනය - අපේ රටින් පිටරටට

අද පවතින Covid 19 තත්වය යටතේ බොහෝ ව්‍යවසායකයන් අපනයනය පිළිබදව උනන්දුවක් දක්වයි. නමුත් අපනයනය කිරීම සදහා යම්කිසි සුදුසුකම් කිහිපයක් ඔබ විසින් සපුරාලිය යුතුය. නිසි තත්ව පාලනය, ප්‍රමිති සහතික ලබාගැනීම් වැනි දේවල් ඒ අතර ප්‍රධාන වෙයි. එමෙන්ම අපනයනය කරනු ලබන රටවල් අනුව ඒ ඒ රටට අදාළ නීති රෙගුලාසි ඔබ විසින් පිළිපැදිය යුතුය. ඔබ අපනයනය කරනු ලබන භාණ්ඩ නිසි ලෙස සකසා ගැනීමට නම් ඔබ සපුරාලිය යුතු සුදුසුකම් මොනවාදැයි අපි බලමු.

1. ප්‍රමිතිය ඉතාමත් වැදගත්.

ඇමෙරිකාව, නවසීලන්තය, ඕස්ට්‍රේලියාව, එක්සත් රාජධානිය වැනි දියුණු රටවල් වලට භාණ්ඩ අපනයනය කිරීමට ඔබ බලාපොරොත්තු වන්නේ නම් ඒ රටවල් විසින් පනවා ඇති නීති රීති ඔබ විසින් ඉටු කළ යුතුය. භාණ්ඩ නිසි ප්‍රමිතියෙන් යුතුව නිෂ්පාදනය කිරීමට ඔබ වග බලාගත යුතුය.

2. තත්තවය ඉහළ විය යුතුය.

ඔබගේ භාණ්ඩ ඉහළම තත්ව පාලනයකින් තිබීම මෙහිදී ඉතාමත්ම වැදගත් වෙයි. ISO (ජාත්‍යන්තර තත්ත්ව පාලන සංවිධානය) ,GMP (Good Manufacturing Practice) වැනි තත්ත්ව පාලන සහතික ඔබගේ භාණ්ඩ වෙත ලබා ගැනීම ඔබට බෙහෙවින් උපකාරී වනු ඇත.

3. තිරසාර පදනමක් හා පරිසර හිතකාමී භාණ්ඩ වලට අපනයන ඉල්ලුමක් තිබීම

අපනයනය සදහා විශේෂයෙන්ම දියුණු රටවල් තිරසාර පදනම (Sustainable) හා පරිසර හිතකාමී භාණ්ඩ වලට ඉතා හොද ඉල්ලුමක් ඇත. ප්‍රතිචක්‍රීකරණය කළ හැකි පරිසර හිතකාමී දේ නිෂ්පාදනය කිරීමට ඔබට හැකියාවක් තිබිය යුතුය. උදාහරණයක් ලෙස ප්ලාස්ටික් භාවිතා කරමින් ඔබගේ භාණ්ඩ ඒ තුළ ඇසිරීමට වඩා පරිසර හිතකාමී ප්‍රතිචක්‍රීකරණය කළ හැකි දේවල් තුල භාණ්ඩ ඇසිරීමට නිතරම වග බලාගන්න.

4. අපනයනයට අවශ්‍ය විධි විධාන ක්‍රියාවලි

අපනයන ක්‍රියාවලිය පිළිබදව යම්කිසි දැනුමක් තිබීම ඔබට වාසි සහගත වෙයි. මේ පිළිබදව ජාතික අපනයන සංවර්ධන මණ්ඩලයෙන් ඔබට උපදෙස් ලබා ගැනීමට හැකියාවක් ඇත. ඔබට අවශ්‍ය ලියකියවිලි හා උපදෙස් ලබාගෙන ඒවා පිළිපැදීමෙන් ඔබට පහසුවෙන්ම භාණ්ඩ අපනයනය කළ හැකිය.

5. Online අළෙවිය

වෙබ් අඩවියක් හරහා ඔබට අපනයන වෙළදපොලට දැන් පහසුවෙන්ම පිවිසිය හැකිය. ඔබ කළ යුත්තේ ඔබගේ භාණ්ඩ පිළිබදව විස්තර එම වෙබ් අඩවිය මගින් ඔබේ පාරිභෝගිකයාට ළගා කරදීමයි. ජාත්‍යන්තර මට්ටමින් ඔබ පවත්වාගෙන යන්නේ නම් ඔබට මෙයින් සාර්ථක වීමට හැකියාවක් ඇත.

04/08/2022

ව්‍යාපාරයක් ආරම්භ කරන ඔබ මේ දේවල් දන්නවාද?

ව්‍යාපාරයක් ආරම්භ කිරීම සිතා සිටින ඔබ ඊට ප්‍රථමව බොහොමයක් කරුණු කාරණා අධ්‍යනය කරනු ලබයි. සමහරවිට එවිට ඔබට මෙවැනි දේවල් අතපසු විය හැකියි. අද අපි බලමු ඒ මොනවද කියලා.

1. ඔබේ ආතතිය වැඩි විය හැකිය.

ඔබගේ ව්‍යාපාරයේ හැම කාර්යක්ම ඔබ විසින්ම සිදු කරන්නට යාමේදී ඉන් ඇතිව අධික කාර්ය බහුලත්වය නිසාම ඔබට ආතතිය ඇති විය හැකිය. එමනිසා මෙවැනි කාරණා ගැන ඔබ වඩාත් සැලකිලිමත් වන්න. හැම කාර්යක්ම ඔබ මතම පටවාගෙන අනවශ්‍ය ලෙස වෙහෙස වීමෙන් වලකින්න. හැමවිටම සැලැස්මකට අනුව දවසේ වැඩ කටයුතු සිදු කරන්න.

2. ඔබේ මුල්‍ය අවශ්‍යතා නිසිපරිදි කළමණාකරණය කරන්න.

ව්‍යාපාරයක් ආරම්භයේදී මෙය ඉතාමත්ම වැදගත් දෙයකි. අනවශ්‍ය ලෙස මුදල් පරිභෝජනය කිරීමෙන් ඔබ වැළකෙන්නේ නම් එය ඔබට ඉතාමත්ම යහපත් දෙයක් වනු ඇත. එවිට අනවශ්‍ය දේවල් වලට මුදල් නාස්ති වීම ඔබට අවම කරගත හැකිය. මුදල් පාලනයටද සැලසුමක් සකස් කරගන්නවා නම් වඩාත් හොද දෙයකි.

3. ඔබගේ ජීවන රටාවේ සිදුවන වෙනස්කම් කළමණාකරණය කරගන්න.

මෙය පුද්ගලයෙකු ලෙසට ඔබට ඉතාමත්ම වටිනා දෙයකි. ව්‍යාපාරයේ වැඩ කටයුතු සමග සිටින ඔබට ඔබගේ ජිවන රටාවේ යම් යම් වෙනස්කම් සිදු වන බව දැනෙනවද? ඔබ පවුලේ අය සමග ගත කල කාලය අඩු වීම, ඔවුන් සමග ඇති සම්බන්දතාවයේ ඇති දුරස් බව වැනි දේවල් ඔබේ ජීවිතයෙන් වෙනස් විය හැකිය. එය ඉතාමත්ම අයහපත් දෙයකි. එමනිසා එය එසේ නොවන්නට ඔබ වග බලාගත යුතුය.

4. ව්‍යාපාරය රකිමු කූඩා දරුවෙකු මෙන්.

ඔබේ ව්‍යාපාරය පොඩි දරුවෙකු රක බලාගන්නවා වගේ පරිස්සමෙන් හා ආරක්ෂිතව සිදු කළ යුතු දෙයකි. බොහෝවිට ඔබ විසින් ප්‍රායෝගික තීන්දු තීරණ ඔබ විසින් ගත යුතුය.

13/07/2022

ව්‍යාපාරයට මුදල් අපිම ආයෝජනය කරමුද?

ව්‍යාපාරයක් ආරම්භ කරන විට මුදල් ආයෝජනයක් සිදු කළ යුතු බව අපි හැමදෙනෙක්ම හොදින් දන්නා කරුණකි. ව්‍යාපාරයක් ආරම්භ කිරීමේදීම ණයක් සමග ආරම්භ කිරීමට වඩා තමන්ගේම මුදල් ආයෝජනය කිරීම මගින් ලැබෙන වාසි කිහිපයක් ගැන අද අපි කතා කරමු.

1. වගකීම් අඩුවීම.

බැංකුවක් හෝ මූල්‍ය ආයතනයකින් ණය ලබාගත් විට ඔඅබට ඒ සදහා වගකීමක් ඇත.නමුත් ඔබ ඔබේම මුදල් මේ සදහා ආයෝජනය කරන්නේ නම් ඔබට එම වගකීමෙන් නිදහස් වීමේ හැකියාවක් ඇත. ඔබගේ ව්‍යාපාරය මුල් අවස්තාවේ සිටම ලාභ ලැබුවත් පාඩු ලැබුවත් ඔබ වගකීම් වලට යටත් නොමැති නිසා ඔබට ඒ පිළිබදව ගැටළුවක් පැන නගින්නේ නැත.

2. එය කළමනාකරණයට රුකුලක් වනු ඇත.

මුල්‍ය කළමනාකරණය පහසු දෙයක් නොවේ. ඔනාම් ව්‍යාපාරයක් ආරම්භ කරන විට ඒ සදහා යම්කිසි පිරිවැයක් දැරීමට සිදු වීම අනිවාර්ය දෙයකි. එමනිසා එවැනි අවස්තාවක තමන්ගේම මුදල් මේ සදහා ආයෝජනය කර තිබීම මුල්‍ය කළමනාකරණයේදී ඔබට පහසුවක් වනු ඇත.

3. අවධානම අවම වීම.

තමන්ගේම මුදල් ආයෝජනය කිරීමෙන් ඔබට ඇතිවිය හැකි අවධානම් තත්වය ඉතාමත් අඩු වීමට ඉඩකඩ වැඩිය. ඔබගේ ව්‍යාපාරය අසාර්ථක මට්ටමට ගමන් කළහොත් ඔබට තුන්වන පාර්ශවයක් සදහා වගකීම් නොමැති නිසාවෙන් ඔබගේ අවධානම් තත්වය බොහෝ දුරට අවම වනු ඇත.

4. ආයෝජනයන් ලබාගත යුත්තේ වර්ධනයෙන් පසුවය.

ඔබ ඔබගේ ව්‍යාපාරයට යම්කිසි ආයෝජනයක් ලබාගත යුත්තේ ඔබගේ ව්‍යාපාර යම්තාක් දුරකට වර්ධනය වූ පසුවය. වර්ධනය වූ පසුව ලබාගන්නා ආයෝජනය ඔබට මෙනම් ඔබගේ වයාපාරයටද ඉතාමත්ම හිතකර වනු ඇත.

Want your business to be the top-listed Business in Colombo?
Click here to claim your Sponsored Listing.

Website

Address


Colombo