Be Happy
25/07/2023
Http
09/07/2023
මං මේ ඡායාරුපය ගත්තෙ නා උයන ආරණ්‍ය සේනාසනයේදී. මට අවස්ථා කීපයක්ම හම්බුනා එහි දානය ලබාදෙන්න යන්න. ඒක හරිම අමුතු අත්දැකීමක් මොකද කවදාවත් එහෙම දානයකට මං සහභාගී නොවී තිබුන නිසා. එතැනදී වුන හෝ මම මගේ ජීවිතේ පලවෙනි වතාවට දැකපු දෙයක් හැමෝටම කියන්න හිතුන.
අපි දානය සකස් කරලා ඉවර වුනාට පස්සේ හාමුදුරුවරු සිය ගානක් දානේ අරන් යන්න වැඩියා. එතන මං හිතන්නෙ ඉතා විශාල හාමුදුරුවරු ප්‍රමාණයක් වැඩ ඉන්නවා භාවනායෝගීව. විදේශ රටවල ඉදන් ඇවිත් මෙහෙ මහණ වෙලා භාවනායෝගීව හාමුදුරුවරු ගොඩක් ඉන්නවා. සාමාන්‍යයෙන් ආහාර වලදල ඉවර වුනාට පස්සෙනෙ පාන වර්ග වළදන්නේ. මේ හාමුදුරුවරු එහෙම නෑ. අපි සකස් කරලා තිබුන ආහාර, පාන වර්ග ඔක්කොම දාගත්තෙ එක පාර එකම පාත්තරෙකට. බත් දාගෙන එකටම කැඳ ටිකත් දාගත්ත. ඒක වලදන විදිය මුලින්ම දැක්කම හරිම අමුතුයි. අපි එහෙම දැකල නෑනේ.
දානේ ගන්න එද්දී හෝ දානේ බෙදා ගනිද්දීවත් ගිහියෙක් දිහා බලන්නේවත් නෑ. ආහාර ගන්නෙ ජීවිතය පවත්වාගෙන යන්න මිසක් රස නහර පිනවන්න නෙමෙයි. ඇත්තටම ඒ හාමුදුරුවරු මුදල් පරිහරණයක් නෑ, ජංගම දුරකථන ළඟ නෑ. මේ ඡායාරුපයේ දැක්වෙන ආකාරයේ සිවුරයි, පාත්තරෙයි විතරයි තියෙන්නෙ. බුදුහාමුදුරුවෝ දේශනා කරපු ධර්මය හරියටම අනුගමනය කරන සිල්වත් ස්වාමීන් වහන්සේලා.
“පින්වත් කස්සප, පඨවි ධාතුව සද්ධර්මය අතුරුදහන් කරන්නේ නෑ, ආපෝ ධාතුව සද්ධර්මය අතුරුදහන් කරන්නේ නෑ, තේජෝ ධාතුව සද්ධර්මය අතුරුදහන් කරන්නේ නෑ, වායෝ ධාතුව සද්ධර්මය අතුරුදහන් කරන්නේ නෑ, නමුත් යමෙක් මේ සද්ධර්මය අතුරුදහන් කරනවා ද අන්න ඒ හිස් පුද්ගලයා බිහි වෙන්නේ මේ සසුන තුළ ම යි.”
(සද්ධම්මපතිරූපක සූත්‍රය – සං. නි. 2)
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Colombo
10620