DocMed

DocMed

Share

31/08/2023

මෙනින්ගොකොකල් මෙනින්ජයිටිස් (Meningococcal meningitis) පිලිබද ඔබ දැනුවත් ද?

මෙනින්ගොකොකල් මෙනින්ජයිටිස් (Meningococcal meningitis) යනු බරපතල බැක්ටීරියා ආසාදනයක් වන අතර එය මොළය හා සුෂුම්නාව අවට ආරක්ෂිත පටල (meninges) ආසාදනය කරයි. එය ඇතිවන්නේ Neisseria meningitidis නම් බැක්ටීරියාව නිසා වන අතර එය දරුණු රෝගාබාධවලට තුඩු දිය හැකි ඉක්මනින් ප්‍රතිකාර නොකළහොත් මාරාන්තික විය හැකි රෝගයකි.

🛑රෝගය පැතිරීම

🤧කැස්ස, කිවිසුම් යාම, කතා කිරීම හෝ සමීප සම්බන්ධතා වලින් කෙල බිදිති (respiratory droplets) හරහා පැතිරීම සිදුවේ.

🦠බැක්ටීරියාව (Neisseria meningitidis) වාහකයන්ගේ සහ ආසාදිත පුද්ගලයන්ගේ උගුරේ සහ නාසයේ සිටිය හැක.

😷විශේෂයෙන් ජනාකීර්ණ ස්ථානවල දිගු කාලයක් සිටීමෙන් සම්ප්‍රේෂණ අවදානම වැඩි කරයි.

💋සිපගැනීම, භාජන ආදිය බෙදා ගැනීම සහ respiratory droplets වලට නිරාවරණය වීම වැනි ක්‍රියාකාරකම් වලින් පැතිරීම සිදුවිය හැක.

• නිරාවරණය වූ සෑම කෙනෙකුම අසනීප නොවේ. සමහර අය රෝග ලක්ෂණ නොමැතිව වාහකයන් ලෙස ද සිටිය හැකි අතර, තවත් කෙනෙක්ට එය මාරාන්තික විය හැක.

🩺පොදු රෝග ලක්ෂණ

👉🏻අධික උණ: හදිසියේ ඇතිවන අධික උණ බොහෝ විට මුල්ම රෝග ලක්ෂණයයි. 🤒

👉🏻දැඩි හිසේ කැක්කුම: දැඩි සහ නොනැසී පවතින හිසරදය යනු කැපී පෙනෙන රෝග ලක්ෂණයකි. 🤕

👉🏻බෙල්ලෙ තද ගතිය සහ අපහසුතාවය: විශේෂයෙන්ම නිකට පපුවට ස්පර්ශ කිරීමට උත්සාහ කරන විට ඇති වේ

👉🏻Photophobia: ආලෝකයට අධිකව සංවේදී වීම

👉🏻අගේ පලු මතු වීම ( Rash): කුඩා, රතු-දම් පැහැති ලප සමේ ඇති වීම. මෙය මෙනින්ගොකොකල් ආසාදනයේ තීරණාත්මක ලකුණක් විය හැකි නමුත්, සෑම අවස්ථාවකදීම ඇති නොවේ.

👉🏻ඔක්කාරය සහ වමනය:ඔක්කාරය හා වමනය පොදු රෝග ලක්ෂණ වේ.🤢

👉🏻ව්‍යාකූලත්වය / මානසික තත්වයේ වෙනස්කම් ඇති වීම :මානසික තත්ත්වය වෙනස් වීම, ව්‍යාකූලත්වය, කේන්ති යාම සහ අවදියෙන් සිටීමට අපහසු වීම වැනි තත්ත්ව 😖

👉🏻සමහර අවස්ථාවලදී වලිප්පුව රෝග වැනි ලක්ෂණ ද ඇති විය හැක.

මෙනින්ගොකොකල් මෙනින්ජයිටිස් යනු හදිසි අවස්ථාවක් (medical emergency) වන අතර, ඔබ හෝ ඔබ දන්නා කෙනෙකු මෙම රෝග ලක්ෂණ පෙන්නුම් කරන්නේ නම්, ක්ෂණික වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු වීම ඉතා වැදගත් වේ. ඉක්මනින් ප්‍රතිකාර නොකළහොත්, septicemia (රුධිරය ආසාදනය වීම), මොළයට හානි වීම, ශ්‍රවණාබාධ හෝ මරණය ඇතුළු බරපතල සංකූලතා ඇති විය හැක.

High blood pressure (hypertension): Controlling this common health problem-High blood pressure (hypertension) - Symptoms & causes - Mayo Clinic 06/08/2023

High blood pressure (hypertension): Controlling this common health problem-High blood pressure (hypertension) - Symptoms & causes - Mayo Clinic Learn the symptoms and treatment of this condition — which raises the risk of heart attack and stroke — and the lifestyle changes that can lower the risk.

08/07/2023

ඇඟ අඩු කිරීමට හැමදාම කන පොල් සම්බෝල මේ තරම් ගුණදායකයි කියලා ඔයාලා දැන සිටියාද ?

😲😲😲

අපේ රටේ ජනප්‍රියම පොල් සම්බෝලය දේශීය වගේම විදේශීය පර්යේෂකයන් පවා විස්මයට පත් කරවපු ගුණයකින් සමන්විත ආහාරයක්. අපේ ශරීරය නිරෝගීව පවත්වා ගන්නට තෙල් (මේදය) අවශ්‍යයි.

මේ පවසන්නේ පොල් සම්බෝලයේ ඇති ගුණ පිළිබඳවයි.

🔴 සම්බෝල හදන්න ගන්නා අමු ද්‍රව්‍ය වල අඩංගු ගුණ 🔴

'පොල්'

✅ මේදය
✅ තන්තු
✅ ප්‍රෝටීන
✅ කාබෝහයිඩ්‍රේට්
✅ ජලය
✅ විටමින්: B1, B2, B3, B6, C, E, K,
✅ කැල්සියම්, මැංගනීස්
✅ ඇමයිනෝ අම්ලය
✅ මොනෝ සහ ඩයිසැකරයිඩ
✅ ප්‍රතිඔක්සිකාරක

'රතු ළූණු'

✅ විටමින් A, B, C, ප්‍රෝටීන, මේද, කැල්සියම්, යකඩ, මැග්නීසියම්, පොස්පරස්, පොටෑසියම්, සෝඩියම්, සින්ක්, සෙලේනියම්, මැංගනීස් අඩංගුයි.
✅ රතුළුණු හදවතේ නිරෝගී බව රැකගන්න උදව් කරනවා.
✅ දියවැඩියාවෙන් ආරක්ෂා කරනවා.
✅ බැක්ටීරියා ඇතිවීම වළක්වනවා.
✅ පිළිකා නාශක ගුණයෙන් ඉහළයි.

'සුදු ළූණු'

✅ විටමින් A, B1, B2, B3, B5, B6, E අඩංගුයි.
✅ කාබෝහයිඩ්‍රේට්, ෆයිබර්, සෙලේනියම්, මැංගනීස්, කැල්සියම්, කොපර්, මැග්නීසියම්, අයන්, සල්ෆර් සින්ක්, පොස්පරස්, පොටෑසියම් අඩංගුයි.
✅ සුදු ළූණු, රුධිර සීනි මට්ටම අඩුකරනවා. කොලෙස්ටරෝල් පාලනය කරනවා.
✅ රුධිර පීඩනය අඩු කරනවා.
✅ වයසට යාම පාලනය කරනවා.
✅ හදවත් රෝග සුව කරන ගුණයෙන් ඉහළයි.
✅ පිළිකා නාශක ගුණයෙන් ඉහළයි.
✅ ආතතිය දුරලනවා.
✅ සිරුරේ ප්‍රතිශක්තිය වඩනවා.

'ගම්මිරිස්'

✅ විටමින් B6, C, K, අඩංගුයි.
✅ සල්ෆර්, කැරොටිනොයිඩ (පිළිකා නාශකයකි)
✅ මැග්නීසියම්
✅ ගම්මිරිස් හදවත නිරෝගී කරනවා.
✅ වේදනා නාශකයකි.
✅ කොලෙස්ටරෝල් අඩු කරනවා.
✅ ශරීරයේ බර පාලනය කරනවා.
✅ ප්‍රතිශක්තිය වඩනවා.

'වියලි මිරිස්'

✅ විටමින් A, B, C බහුලව ඇත.
✅ කොලෙස්ටරෝල් පාලනය කරනවා.
✅ හදවතේ සෞඛ්‍යමත් බව රකිනවා.
✅ ශරීරයේ බර අඩු කරනවා.
✅ ග්ලුකෝස් යාමනය කරන්නට පුදුම හැකියාවක් ඇත.

'දෙහි'

✅ විටමින් C, B6, A, E
✅ මැග්නීසියම්, පොටෑසියම්, සින්ක්, පොස්පරස්, පැන්තෝතෙනික් අම්ලය, තයමින්, කොපර්, කැල්සියම්, යකඩ, ප්‍රෝටීන අඩංගුයි.
✅ සිරුරේ බර අඩු කරනවා.
✅ ආහාර දිරවීම පහසු කරනවා.
✅ මල බද්ධය දුරු කරනවා.
✅ කෑම රුචිය ඇති කරනවා.
✅ පණු රෝග නැති කරනවා.

'උම්බලකඩ'

✅ යකඩ බෙහෙවින් ඇත.

දැන් ඔබට තේරුම් යනවා නේද පොල් සම්බෝල වල තියෙන වටිනාකම.
පොල් සම්බෝල වල විටමින් ගබඩාවක් තියෙනවා.

පොල් සම්බෝල කනවා නම් දියවැඩියාව පාලනය කරගන්න පුළුවන්, ශරීරයේ බර අඩුකර ගන්න පුළුවන්. කොලෙස්ටරෝල් පාලනය කරගන්න පුළුවන්. තවත් බෝ නොවන රෝග රැසකට ගුණදායකයි.

(උපුටා ගැනීමකි)
ජායාරූප අයිතිය මුල් අයිතිකරු සතුය

Want your business to be the top-listed Health & Beauty Business in Bokundara?
Click here to claim your Sponsored Listing.

Category

Website

Address


Colombo Road
Bokundara