Praana Yathraa

Praana Yathraa

Share

10/11/2022

ඔබ නොදත් Multivitamin ගහ

ජපන් බටු, සිංගප්පූරු කොළ, වැල් මුරුංගා ,ආඩි කොල , තවුසි කොළ ආදි ලෙස අපේ රටේ අය විවිධ නම් වලින් හඳුන්වනු ලබන මෙම ශාකය ශ්‍රී ලංකාව පුරා ව්‍යාප්තව ඇති ඉබේ වැවෙන ශාකයකි. Sauropus androgynus යනුවෙන් විද්‍යාත්මකවත්, Sweet Leaf ලෙස ඉංග්‍රීසි භාෂාවෙනුත්, දෙමළ භාෂාවෙන් "තවසි මුරුංගායි" ලෙසත් හඳුන්වනු ලබන මෙම ශාකය මීටර් 2-3ක් පමණ උසට වැඩෙන සදාහරිත බහුවාර්ෂික පඳුරකි. එහි තද කොළ පැහැති, සංයුක්ත, ඔවාලාකාර පත්‍ර හට ගන්නා අතර, ගස කුඩා කාලයේ පත්‍ර මධ්‍යයට වන්නට අලංකාරවත් සුදු පැහැති පැල්ලමක් පිහිටයි. ඉතාමත් අලංකාර රතු පැහැති මලක් සහ පුංචි ගෙඩියක් හටගනී .

මෙම ශාකයේ ලා රිකිලි, නොමේරූ පත්‍ර සහ ඇට ඉවත් කළ ගෙඩි ද ආහාරයට ගනී. දඩු කැබලි සහ බීජ මගින් ප්‍රචාරණය කළ හැකිය. අලංකාරවත්, නඩත්තු කිරීමට පහසු, ආක්‍රමණශීලී නොවන, අනිකුත් ශාකවලට බාධා නොකර පාඩුවෙි වැඩෙන ශාකයකි.ජපන් බටු යනු ආහාරයට මෙන්ම භූමි අලංකරණයට ද ගැළපෙන, කාබනික පොහොර සකස් කර ගැනීමට මෙන්ම සත්ත්ව ආහාර සඳහා ද වැදගත්වේ . බොහෝ ජනයා ජපන් බටු කොළ මැල්ළුමක් ලෙස ආහාරයට ගනී.

ජපන් බටු සතු පෝශක
ඛණිජ ලවන
ප්‍රෝටීන්
විටමින් A
විටමින් B
විටමින් C
විටමින් E
යකඩ
කැල්සියම්
පොස්පරස් සහ සින්ක්

ජපන් බටු නිසා ඔබට ලැබෙන ප්‍රතිලාභ
ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කිරිම
පරිවෘත්තීය ක්‍රියාකාරිත්වය පහසු කිරිම
තුවාල සුව කිරීමට
රසය සහ ගඳ සුවඳ දැනීමට
අක්මාවේ විස හරණය කිරීම
ලිංගික සරුභාවය ඇති කිරීම
පිළිකා වැළැක්වීම
හෘදරෝග
ආතරයිටීස්
වැනි ඇතැම් බෝ නොවන රෝග කිහිපයක්ම වැළැක්වීමට ඉවහල් විය හැකි ප්‍රබල ජෛව ඖෂධීය රසායනික වර්ග රාශියක්ම හඳුනා ගැනීමට අධ්‍යයනවලදී හැකිව තිබේ.

ජපන් බටු ආහාරයට ගතහැකි විදි...

ජපන් බටු කොල මැල්ලුම, කලවම් මැල්ලුමට, කොල කැද සදහා,තෙලට දමා. ජපන් බටු ගෙඩියේ ඇට ඉවත් කර ව්‍යංජනයක් ආකාරයට .
කොහොම සකස් කර ගත්ත ද ආහාරයට ගන්නා තෙල් සමග පිස ගැනීමෙන් පෝෂණ අගය ඉහළ යන බව ද සදහන් කළ යුතුව තිබේ.හොඳින් පිසූ ජපන් බටු වෑන්ජනයක් සතියකට වරක් දෙවරක් ආහාරයට ගැනීම සුදුසුය.ආහාරවල අගය වැඩි කිරීම සහ පෝෂණයෙන් ශක්තිමත් කිරීම සදහා ජපන් බටු කදිමයි.
ඉතිම් ඔබේ ගෙවත්තේ ජපන් බටු පැලයක් සිටුවා නීරෝගී ජීවිතයක් ගත කරන්න..


#ආයුර්වේද #හෙළ_ඔසු
#ප්‍රාණ_යාත්‍රා #සිංහලබෙහෙත් #ජපන්_බටු

https://www.facebook.com/PraanaYathraa

24/10/2022
Want your practice to be the top-listed Clinic in Biyagama?
Click here to claim your Sponsored Listing.

Category

Website

Address


New Kandy Road
Biyagama