Wadan

Wadan

Share

23/07/2024

තාත්තෙ..සල්ලි ඉවරයි තව මෙච්චරයි තියන්නෙ කිව්වම
එදා හවස් වෙද්දි කොහොම හරි තාත්තා සල්ලි දානවා
කෝල් කරලා "පුතේ සල්ලි දැම්මා මදි උනොත් කියන්න ආයෙ දාන්නම්'" කියනව..
උපාදි හීනෙට පිටිපස්සෙ අම්මයි තාත්තයි දරාගෙන ඉන්න බර මම නොදන්නවා නෙවෙයි!
හැබැයි මගෙ හීන,මම ඉස්සරහ රුපියල් කියන්නෙ හරි සුලු දෙයක් කියලා තාත්තා පෙන්නනව!
අඩුපාඩුවක් කියපු ගමන් දේවාලවල දෙවියො නෙවෙයි ඕන එපාකම් පුරවලා දුන්නෙ.
අම්මයි තාත්තයි.❤
මේ හීන දමලා ගහල ගෙදර එන්න හිතෙන වෙලාවට
සේරම එපා වෙලා පොත් විසිකරල නිදාගන්න හිතෙන වෙලාවට..
මං ආයෙත් නවතිනවා,නැගිටිනවා
මොකද මට මතක් වෙනවා
ජීවිතේම මට කැප කරපු මිනිස්සු දෙන්නෙක්ට මම ණයයි කියලා !
මං දන්නවා මේ සේරම කරලා එයාලා බලාපොරොත්තු වෙන්නෙ දවසක මං හොදින් ඉන්නව දකින එක ඇරෙන්න ආපස්සට මොකුත් නෙවෙ කියලා !

නෑ බෑ නොකිව්ව
ලෝබ නැතුව දීලා දාපු ආදරේ
තාත්තා !

-sonali

කිරණ with sona

Copied

13/07/2024

ජීවිතේ බර හොදටම දැනුනෙ
හොස්ටල් එකට ගියාට පස්සෙ
හැම හවසම බැල්කනියට වෙලා හිතුවේ
මේ වෙලාවට ගෙදර කොහොම ඇති ද?

කන ගානෙ හිතුවෙ අම්ම උයපු බත් කොච්චර රසද?
වැඩ ගොඩක හිර වෙද්දි හිතුනෙ
අම්මගෙ උකුලෙ ඔලුව තියන් සැනසිල්ලෙ හිටපු කාලෙ කොච්චර හොදද?

යාලුවො දාහක් හිටියත් හැමදාම හවස් වෙනකොට
හොදටම දැනුනා ගෙදර නැති අඩුව!

දැනුමක් තිබ්බ කාලෙ ඉදලා මවපු කැම්පස් ජීවිතෙ !
පිට ඉන්න මිනිස්සු හිතනව" ඒක හරි නිදහස් ජීවිතෙ "
නිකන් හිටියත් ඩිග්‍රිය හම්බෙනවද?

සමහර වෙලාවල් තියෙනවා..තටු ලැබුනත්..ඉගිල්ලෙන්නවත් වෙලාවක් නෑ!

මං දන්නව, මොන දේ උනත් තාත්තා කොහොම හරි සල්ලි දානව..මං දන්නව අම්ම මග බලන් ඉන්නව දිනනකන් අත්පොඩි ගහන්න.

ඉතිං කොච්චර වෙහෙසකර උනත් මෙ ගමන මමත් යනව හැමදේම දරාගෙන!

06/07/2024

❤️🥺❤️

17/06/2023

රතු උනු ඇස්
බිදුනු හදවත්
මැරුනු හිත්
හදවතින් මැරුනු මිනිස්සු
කොහෙන්ද මෙච්චර මිනිස්සූ
දුන්න
පොරොන්දු ඉටු කලා නම්❤

Want your establishment to be the top-listed Arts & Entertainment in Badulla?
Click here to claim your Sponsored Listing.

Category

Art

Website

Address


Badulla