Stronger UVA

Stronger UVA

Share

Photos from Stronger UVA's post 29/05/2023

මී උණ පිලිඹද බදුල්ල ගොවිජන සේවා වසමෙහි ගොවින් දැනුවත් කිරීමේ වැඩසටහන් මාලාවේ තෙවන වැඩසටහන ඉලුක්තැන්න ගොවිජන සේවා වසමෙහි සිදු කෙරුණි.
මේ සඳහා එම වසම භාරව කටයුතු කරන කෘ.ප.නි.ස නිලධාරී වන උපුල් ප්‍රියන්ත කුමාර මහතාගේ සංවිධානත්වයෙන් හා මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරී චානක මධුරංග මහතාගේ මෙහෙය වීමෙන්, ඉතා සාර්ථකව එම වැඩසටහන සිදු කෙරුණි.

Photos from Stronger UVA's post 27/05/2023

මී උණ පිලිඹද දැනුවත් කිරීමේ වැඩසටහන මාලාවේ තවත් ඒක වැඩසටහනක් බදුලුපිටිය හා කයිලගොඩ ගොවිජන සේවා වසම් හි ගොවි මහතුන් සඳහා සිදු කෙරුණි. මේ සඳහා එම වසම් දෙක භාරව කටයුතු කරන කෘ.ප.නි.ස නිලධාරීන් වන කාංචනා සංජිවනි හා ලක්මාලි දිසානායක මහත්මීන්ගේ සංවිධානත්වයෙන් හා මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරී ෆාමින් නිජර්දීන් හා රවින්ද්‍ර ජයවර්ධන මහත්මයන්ගේ මෙහෙය වීමෙන්, ඉතා සාර්ථකව දැනුවත් කිරීමේ වැඩසටහන සිදු කෙරුණි.

Photos from Stronger UVA's post 23/05/2023

Stronger Uva, ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව සහ බදුල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සමඟ එක්ව මිනිසාට මෙන්ම සතුන්ට ද දරුණු ලෙස බලපෑම් ඇති කළ හැකි බැක්ටීරියා ආසාදනයක් වන ලෙප්ටොස්පයිරෝසිස් රෝගය (මී උණ වසන්ගතය) පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට කටයුතු සාකච්ඡා කෙරුණි.

මෙම වැඩ සටහනේ ප්‍රමුඛතම අවධානය ලෙස ඉහත සඳහන් කළ දැනුවත් කිරීමේ වැඩසටහන්වල දී මූලික අදියරයන්හි ඵලදායිතාව ඉහළ නැංවීම මෙන්ම කෘෂිකාර්මික පර්යේෂණ සහ නිෂ්පාදන සහකාරවරුන් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සහ ගොවීන් අතර මනා සම්බන්ධීකරණයක් ස්ථාපනය කිරීම සඳහන් කළ හැක. ශක්තිමත් සම්බන්ධතාවයක් මනා ලෙස පෝෂණය කිරීම මගින් ලෙප්ටොස්පයිරෝසිස් මගින් එල්ල වන අභියෝග සඳහා සාමූහික ලෙස මුහුණ දිය හැකි වන අතරම සෞඛ්‍ය සම්පන්න කෘෂිකාර්මික පරිසරයක් ප්‍රවර්ධනය කළ හැකි වනු ඇත.

ඒමගින් සෞඛ්‍ය සම්පන්න ගොවි ප්‍රජාවක් මෙන්ම දරිද්‍රතාවයෙන් පෙළෙන ඔවුනට සාර්ථක ජීවනෝපාය මාර්ග ඵලදායි ලෙස වැඩි දියුණු කර දීම, සෞඛ්‍ය අවශ්‍යතා සඳහා දැරිය යුතු පිරිවැය අඩු කිරීම, බෝග සඳහා නිසි වෙළෙඳපොළ අවස්ථාවන්ගේ ප්‍රවේශය වැඩි කිරීම සහ ප්‍රජා සහයෝගීතාවය මනා ලෙස පවත්වා ගැනීම අපගේ විශේෂ අරමුණු ලෙස සඳහන් කරමු.

සාර්ථකව සෞඛ්‍ය අභියෝග වලට මුහුණ දීම සහ ගොවි ප්‍රජාවේ යහපැවැත්ම මනා ලෙස ප්‍රවර්ධනය කිරීම තුළින් ග්‍රාමීය ගොවියාට බාධක ජය ගනිමින් තිරසාර වූ කෘෂිකාර්මික සංවර්ධන ක්‍රමවේදයන් ඇති කරගනිමින් දරිද්‍රතාවය පිටුදැකීමට කටයුතු කළ හැකි වනු ඇත.

Had a discussion to organize an important awareness program on Leptospirosis, a bacterial infection that can have severe consequences for both humans and animals, in collaboration with the Department of Agrarian Development in Badulla and the Medical Officer of Health, Badulla.

The primary focus of this program is to enhance the productivity of our awareness initiatives and establish a sustainable coordination system between Agriculture Research and Production Assistants, Public Health Inspectors, and farmers. By fostering strong partnerships, we can collectively tackle the challenges posed by Leptospirosis and promote a healthier agricultural environment.

We believe that a healthier farming community is particularly crucial for rural farmers as it improves their livelihoods, increases productivity, reduces healthcare costs, helps break the cycle of poverty, enhances access to markets and opportunities, and fosters community support and collaboration. By addressing health challenges and promoting well-being, rural farmers can overcome barriers and work towards sustainable agricultural development and poverty alleviation.

Special Thanks : Mr. Piyal Denipitiya SPHI - MOH Badulla.
Mrs. Deepa Punchihewa DO - DAD Badulla

20/11/2022

Stronger Uva ලාභ ලැබීමේ අපේක්ෂාවෙන් බැහැර වූ පළාත් ජනතාවගේ සංවර්ධනය සහ මානුෂීය ප්‍රයත්නයන් සඳහා නායකත්වය දීමට අධ්‍යාපනික සමාජීය මෙන්ම ආර්ථීක ස්ථාවරත්වය සවිබල ගැන්වීමේ අරමුණින් ක්‍රියාත්මක වන කීර්තිමත් සංවිධානයකි. මේමගින් නොසැලෙන කැපවීම වෙහෙස මහන්සි වී වැඩ කිරීම සහ මනුෂ්‍යත්වය සඳහා ඇති ආදරය එහි මූලික අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා සාධනීය ප්‍රගතියක් ලබා ගැනීමට පහසුකම් සපයනු ලබයි.

අපගේ ස්ථිර කැපවීම ප්‍රධාන වශයෙන් යොමු වන්නේ ඉහත ප්‍රතිලාභ ලැබීමට යෝග්‍ය වන පුද්ගලයන් හා ආයතන සඳහා එම ප්‍රතිලාභ උපරිම කිරීම සහ ව්‍යාජ ගෙන හැර පෑම සහ අතිරික්ත බවෙන් තොරව සරල වූ ඉහළ වූ ප්‍රමිතීන්ට අනුගත වන සේ රඳවා තබා ගැනීම සඳහා නොසැලි සිටීමයි.

එසේම යම් අරමුදලක් භාවිතා කිරීම සහතික කිරීම මෙන්ම පරිත්‍යාග සහ වෙනත් මූල්‍යමය ආධාර යම් බෙදා හැරීමට පෙර සහ එම ආධාර බෙදා දුන් පසු දැඩි ලෙස නිරීක්ෂණය කිරීම සහ ආධාර නිසි ලෙස ස්ථානගත වූයේ ද යන්න අවධාරණය කිරීම අප සතු කාර්යයන් වේ.

Stronger Uva සංවිධානය සාධාරණත්වය සහ සමානතාව මත යම් යම් ත්‍යාගයන් ලබා දෙන බවත් එවැනි ත්‍යාග හෝ ශිෂ්‍යත්ව ලබා දීමේදී කුමන හෝ කරුණක් මත වෙනස්කොට සැලකීමක් නොකරන බවත් අවධාරණය කර සිටිමු.

Stronger UVA is a distinguished non-profit organization that spearheads provincial development and humanitarian efforts aimed at empowering the Educational, Social, and Economic stability of the people in Uva Province. The Foundation's unwavering dedication, hard work, and love for humanity have facilitated significant progress towards the achievement of its core objectives.

We remain steadfast in our commitment to maximizing benefits for deserving individuals and institutions, while adhering to the highest standards of simplicity, devoid of ostentation or extravagance. We emphasize rigorous scrutiny and verification processes before and after disbursing scholarships, donations, and other forms of financial assistance to ensure optimal utilization of such funds.

It is worth reiterating that Stronger UVA places a premium on equity and fairness, and therefore does not discriminate on the basis of any factor whatsoever in the distribution of donations or scholarships.

Want your organization to be the top-listed Non Profit Organization in Badulla?
Click here to claim your Sponsored Listing.

Website

Address


Badulla
90000