Dreams Kitchen
18/04/2026
゚viralシfypシ゚foodrecipeシ # viralreels # kitchen
මුරුංගා කාල තිබුනට බීල තියෙනවාද ?
Recipe with post - 192
මුරුංගා සුප්
අවශ්‍ය ද්‍රව්‍ය
මුරුංගා කරල් කිහිපයක්
ලුණු
පොල් කිරි/ නැවුම් කිරි
ගම්මිරිස් කුඩු
සුදු ළූනු බික් 1
බටර් ස්වල්පයක්
පලමුවෙන්ම මුරුංගා කරල් කෑලි වලට කපා සෝදා වතුර දමා හොදින් තම්බා ගන්න. ඉන් පසුව නිවුන පසුව තේ හැන්දක් උපයෝගි කරගෙන මදය හොදින් සූරා ඉවත් කර ගන්න. ඇට ටික වෙනින් අරන් තියා ගන්න. මදයට පොල් කිරි එකතු කර හොදින් බ්ලෙන්ඩර් කර ගන්න.දැන් භාජනයක් ලිපේ තබා එයට බටර් ටිකක් දමා දිය වූ පසු හීනියට කොටු කපාගත් සුදු ළූනු ටික දමා මදක් බැද ගන්න. පසුව බ්ලෙන්ඩර් කර ගත් මුරුංගා මද එක් කරන්න. පසුව අවශ්‍ය පමණට ලුණු සහ ගම්මිරිස් එකතු කරගන්න. හොදින් නටන තෙක් පිස ගෙන ලිපෙන් බිම තබා වෙන් කර තබාගත් මුරුංගා ඇට ටික එකතු කර ගන්න. මුරුංගා ඇට හැපෙද්දි හරිම රසවත්. හරිම රසවත් සුප් එකක්. ඔයාලත් හදලා බලන්නකෝ
Dreams Kitchen
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Website
Address
Tbilisi