Monkey Munch
ක්‍රීම් ගාලා මූණ නාස්ති කරගත්තා කිව්ව අයට... මෙන්න ඇත්ත!
පිටින් පේන දේවල් දිහා බලලා මිනිස්සු ලේසියෙන්ම අපිට දොස් කියනවා. මගේ මූණේ කුරුලෑ එද්දී ගොඩක් අය කිව්වේ මං Whitening Cream එකක් ගාලා මූණ පාට කරගන්න ගිහින් කරගත්ත විනාශයක් කියලා.
හැබැයි ඇත්ත ඒක නෙවෙයි. මේක මගේ සිරුර ඇතුළේ හෝමෝන ක්‍රියාකාරීත්වයේ වෙනසක් නිසා ඇතිවුණ **PCOS** කියන තත්ත්වය. ලංකාවේ ගොඩක් සහෝදරියන් මේ රෝග ලක්ෂණ වලින් පීඩා විඳිනවා.
ඔයාලටත් මේ වගේ රෝග ලක්ෂණ අක්‍රමවත් ඔසප් වීම්, අධික කුරුලෑ, අනවශ්‍ය රෝම තියෙනවා නම්, බය වෙන්න එපා. කාගේවත් කතා අහන්නේ නැතුව වෛද්‍යවරයෙක් හමුවෙන්න. ❤️
පිටින් පේන දේට වඩා සිරුර ඇතුළේ වෙන දේ ගොඩක් වෙනස්. මේ වගේ කතා අහලා මානසිකව වැටෙන්න එපා. ඔයාලත් මේ වගේ දේකට මුහුණ දීලා තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න. අපි එකතුවෙලා මේ ගැන හැමෝම දැනුවත් කරමු! 👇❤️
නිදහසේ..
Cliquez ici pour réclamer votre Listage Commercial.
Type
Contacter l'entreprise
Site Web
Adresse
.
Paris
..