Toy World
02/06/2023
08/30/2021
Educational Toys
පොඩිත්තන් දවසේ වැඩි කාලයක් කරන්නේ සෙල්ලම් කරන එක. සෙල්ලම් බඩු කියන්නේ නිකම්ම නිකම් සෙල්ලම් කරන මාධ්‍යක් පමණක් නෙමෙයි. දරුවන්ට ලෝකය දකින්න, තම වටපිටාව සමග ගැටෙන්න, අත්දැකීම් ලබන්න, අභියෝගයන්ට මුහුණ දෙන්න, අභියෝග වලින් ජය ගන්න, හැඟීම් බෙදා හදා ගන්න, විනෝද වෙන්න තියෙන අධ්‍යාපනික මාධ්‍යක්.
නමුත් ඉහතින් කියපු ප්‍රතිලාභ දරුවන්ට ලබා දෙන්න නම් ඒ ප්‍රතිලාභ ලැබෙන සෙල්ලම් බඩු තෝර ගන්න සහ ඒ පිලිබඳ හොඳ අවබෝධයක් දෙමවුපියන්ට තියෙන්න ඕනි. දරුවන්ගේ කෑම බිම ගැන සැලකිලිමත් වෙනවා වගේම දරුවාගේ සෙල්ලම් බඩු ගැනත් දෙමවුපියෝ සැලකිලිමත් වෙන්න ඕනේ. සෙල්ලම් බඩුවක් ගන්නකොට ඒකට පෙර සූදානමකුත් තියෙන්න ඕනේ.දරුවන්ගේ වයස සහ ඔවුන්ගේ වැඩිම පිළිබද හොඳම අවබෝධය තියෙන්නෙ දෙමව්පියන්ට. ඉතින් දරුවන්ගේ ක්‍රියාකාරකම් හොඳින් නිරීක්ෂණය කරල ඔවුන්ගේ හැකියාවන්, ආකල්ප, දැනුම වර්ධනය වෙන සෙල්ලම් බඩු නිතරම ඔවුන්ට තෝරලා දෙන වගකීම පැවරෙන්නේ දෙමවුපියන්ට.
ඒ වගේම කොච්චර හොඳ සෙල්ලම් බඩු අරන් දුන්නත් වැඩක් නෑ ඒවා හරියට දරුවන් ලවා භාවිතා කරවන්න ඕනේ. අපිට දෙමවුපියන්ගෙන් අහන්න ලැබෙන මැසිවිල්ලක් තමයි “කොච්චර සෙල්ලම් බඩු අරන් දුන්නත් වැඩක් නෑ දවසයි දෙකයි සෙල්ලම් කරන්නේ. කෑලි හැම තැනම. සෙල්ලම් බඩු කූඩෙට තවත් කෑලි ගොඩක් එකතු වෙන එක තමයි වෙන්න...” ආදී දේවල්. බොහෝ ගෙවල්වල සිදු වෙන්නේ උදේට බිමට හලන සෙල්ලම් බඩු කූඩේ තියෙන සෙල්ලම් බඩු රෑට දරුවා නිදා ගත්තම ආයෙමත් සෙල්ලම් බඩු කුඩෙට යන එක. සෙල්ලම් බඩු ගොඩක් තියෙන එකත් දරුවට හිතකර නැහැ. එකෙන් වෙන්නේ දරුවාගේ මනස ව්‍යාකුල වෙන එක. මේකෙන් දරුවට එක සෙල්ලමක යම් කාලයක් නිරත වෙන්න, නිර්මාණ කරන්න, ජය ලබන්න තියෙන ඉඩකඩ අහිමි වෙනවා. දරුවා නිතර ගැවසෙන, නිතර සෙල්ලම් කරන තැන ඔය සෙල්ලම් බඩු කුඩෙ තියන්න එපා. ඔවුන්ට ගැලපෙන සෙල්ලම් බඩු මාරුවෙන් මාරුවට ලබා දෙන්න ඕනේ. කූඩෙ මාරුවෙලා තියෙන කෑලි එකතු කරල දරුවන්ට සෙල්ලම් කරන්න දෙමවුපියෝ සහයෝගය ලබා දෙන්න ඕනේ. මේකෙන් දරුවන්ගේ හැකියාව, දැනුම, ආකල්ප වර්ධනය වෙනවා වගේම දරුවන් හා දෙමවුපියන් අතර බැඳීමත් ශක්තිමත් වෙනවා. මෙහෙම දෙමවුපියෝ සහයෝගය දෙනකොට දරුවෝ සෙල්ලම් කරන්න ඉගෙන ගන්නවා. ඔවුන් තනියෙන් හිතන්න පුරුදු වෙනවා. නව නිර්මාණ කරන්න පෙළඹෙනවා. එසේම ඒක ඔවුන්ගේ ආරක්ෂාවටත් හොඳයි.
ඉතින් දෙමාපියණි, “TOY WORLD” කියන අපේ පිටුව නිකම්ම නිකන් සෙල්ලම් බඩු විකුණන පිටුවක් නෙමෙයි. ඊට එහා ගිය සමාජ වගකීමක් දරණ දැයේ දුවා දරුවන්ට හොඳම දේ තිලිණ කරන්න ලොකු උත්සාහයක නිරත වෙන පිටුවක්. ආදරණිය දෙමාපියණි, කාර්ය බහුල ජීවන රටාවක් එක්ක අරගල කරන ඔබට අත්වැලක් වෙමින් ඔබේ වගකීමට සහය වෙන්න තමයි අපේ මේ ප්‍රයත්නය. දරුවන්ට ඉතා උසස් මට්ටමකින් යුතු අධ්‍යාපනික වටිනාකමක් සමග විනෝදය ගෙනදෙන සෙල්ලම් බඩු මොනවද කියල අධ්‍යනය කරල අපි ඔබට ගෙන එනවා.
ඉතින් මේ ලිපිය ඔයාලට වැදගත් කියල හිතුනනම් like කරල තව කෙනෙකුටත් බලන්න share කරන්න. ඒ වගේම අපේ “TOY WORLD” page එකට like කරල අලුත් සෙල්ලම් බඩු ගැන දැනගන්න වගේම වගේම පොඩ්ඩන්ගේ ලෝකය හැඩ කරන්න අපිත් එක්ක දිගටම රැඳිල ඉන්න.
ඔයාලගේ අදහස්, යෝජනා comment එකකින් දැනගන්න අපිත් කැමතියි.
වැඩි විස්තර සඳහා අමතන්න - 0715435459
Island wide cash on delivery available.
Rs 250 delivery charge for each order.
Rs 300 for north eastern province.
Click here to claim your Sponsored Listing.
Category
Telephone
Website
Address
Edmonton, AB
10100