The Sporting Pen by Chathura Ranasinghe

The Sporting Pen by Chathura Ranasinghe

Share

15/06/2026

ක්‍රීඩකයෙක් හරි ක්‍රීඩිකාවක් හරි විදිහට.. තමන්ට අසාධාරණයක් වුණා නම් ඒ වෙනුවෙන් පෙනී ඉන්න ලංකාවේ මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට අයිතියක් තියනවා ...

ඒකට තමන්ට කොන්දක් තියෙන්න ඕනේ...

අනිත් හැම රටකම Commonwealth යන Squad දාල... මෙහෙ හොරෙන් යවල්.. පස්සේ ලිස්ට් එක දානවා...

ඔය මිෂන් ඔලිම්පික් එක කියන්නෙ කෝච් ට ලක්ෂයයි.. ඇත්ලීට් ට ලක්ෂ දෙකයි.. දෙන එක නෙමෙයි බං.. .. ඊට වඩා හොයලා බලපල්ලා... Qualification methods මොනවද.. කවුද එන්නෙ කවුද කැපෙන්නේ..ඇයි එහෙම වෙන්නේ.. කියලා...

අද ඊයේ නෙමෙයි හැමදාම ඔහොමයි..

දින්නොත් මිසොන් ඔලිම්පික් ... කරප්ෂන් ..නම්... අනේ අපි බබලා..සංගම් තමා වැරදි

චාටර්...

15/06/2026

#මිසොන්ඔලිම්පික්

අතේ රුපියල් 30,000ක් තිබේ නම්

ලංකාවේ රිලේ එකක් දුවන්න ඔබටත් අවස්ථාවක් ...!!!

Photos from The Sporting Pen by Chathura Ranasinghe's post 15/06/2026

Curacao හි සන්නාමය චුරැන්ඩි මාටිනා සහ මාතෘභූමියේ නොබිඳුණු සබැඳියාව 🇨🇼

මේ දවස් වල පාපන්දු ලෝක කුසලානය සඳහා සුදුසුකම් ලැබූ කුඩාම රාජ්‍යය වූ Curacao ගැන බොහෝ දෙනෙකු කතා වෙනවා… ඔවුන්ගේ ක්‍රීඩා වංශකතාවේ ඔවුන් බිහිකළ විශිෂ්ටතම ක්‍රීඩකයා කෙටිදුර ධාවන ශූරයෙකු බව දන්නවද?

නමින් ඔහු චරන්දේ මාටිනා… කිව් සැණින් මලල ක්‍රීඩාව ගැන දන්නා ඕනෑම කෙනෙකු මේ දඩබ්බර කෙටිදුර ධාවකයා ගැන දන්නේය.

කැරිබියන් මුහුදේ පිහිටි සුන්දර කුරෙකාඕ (Curaçao) දූපත ලෝක ක්‍රීඩා සිතියම තුළ රන් අකුරින් සනිටුහන් කළ අසමසම වීරයා වන්නේ සුපිරි කෙටි දුර ධාවන ශූර චුරැන්ඩි මාටිනා ය.

මීටර් 100 සහ 200 ඉසව්වලින් ජාත්‍යන්තරය ජයගත් ඔහු, කුරෙකාඕ වැසියන්ට හුදෙක් වේගවත් ක්‍රීඩකයෙකු පමණක් නොව සමස්ත දූපතේම අනන්‍යතාවය සහ ජාතික අභිමානය ලෝකය හමුවේ තැබූ සන්නාම තානාපතිවරයා ද වේ. සිය මලල ක්‍රීඩා ජීවිතයේ මුල් භාගයේදී නෙදර්ලන්ත ඇන්ටිලස් කොඩිය යටතේ උපන් බිමට කීර්තියක් අත්කර දුන් මාටිනා, එතැන් පටන් කුඩා දූපත් රාජ්‍යයකට ලෝකයම දිනිය හැකි බව තාරුණ්‍යයට පසක් කර දුන් සැබෑ ආදර්ශයකි.

ඔහු සහ කුරෙකාඕ වැසියන් අතර ඇති බැඳීමේ වඩාත්ම හැඟීම්බර හැරවුම් ලක්ෂ්‍යය සනිටුහන් වන්නේ 2008 බීජිං ඔලිම්පික් උළෙලේදීය. එහිදී මීටර් 200 ඉසව්වෙන් උසේන් බෝල්ට්ට පමණක් දෙවැනි වෙමින් මාටිනා රිදී පදක්කම දිනාගත්තේ මුළු මහත් කුරෙකාඕ දූපතම ප්‍රීති සාගරයක ගිල්වමිනි.ඒ 19.82s කාලයක් වාර්තා කරමිනි. පසුව සිදු වූ තාක්ෂණික දෝෂයක් හේතුවෙන් (ධාවන තීරුවෙන් පිටතට පියවර තැබීම නිසා) එම පදක්කම ඔහුට අහිමි වුවද, තම රට වෙනුවෙන් උපරිමය කළ ඒ වීරයාව කුරෙකාඕ වැසියන් වැළඳගත්තේ දෑස්වල පිරුණු කඳුළු සහ හදපිරි ගෞරවය පෙරදැරි කරගෙනය.
දේශපාලනික වෙනස්වීම් නිසා පසුව ඔහුට නෙදර්ලන්ත රාජ්‍යය නියෝජනය කිරීමට සිදු වුවද, සෑම ජයග්‍රහණයකදීම ඔහු තම මව්බිමේ නාමය සිහිපත් කිරීමට කිසිවිටකත් අමතක කළේ නැත.
චුරැන්ඩි මාටිනා ලෝකයා අතර වඩාත්ම ආදරයට පාත්‍ර වූයේ ඔහුගේ අතිවිශිෂ්ට දක්ෂතාවයටත් වඩා, ජය පරාජය හමුවේ නොසැලී ඔහුගේ මුහුණේ නිරන්තරයෙන් රැඳුණු අව්‍යාජ, විශාල සිනහව සහ ධනාත්මක ආකල්පය නිසාය.

කැරිබියන් දූපත් සංස්කෘතියට ආවේණික වූ ඒ නිදහස්, සතුටුදායක සහ මිත්‍රශීලී ගුණය ඔහු ධාවන පථය පුරා විදහා දැක්වූයේ ලෝක මලල ක්‍රීඩා ක්ෂේත්‍රයේ "සිනහවෙන් පිරි මිනිසා" බවට පත් වෙමිනි. අදටත් කුරෙකාඕ හි වීදිවල මෙන්ම ක්‍රීඩා පිටිවලද ඔහුගේ නාමය රැඳී පවතින්නේ, දූපතක සීමාවන්ගෙන් එපිටට ගොස් ලෝකයම දිනාගත හැකි බව පෙන්වා දුන්, මාතෘභූමියේ නොමැකෙන සලකුණ ලෙසයි.

- චතුර රණසිංහ -

Churandy Martina - Official

14/06/2026

🫵🇱🇰🥺🔥

Photos from The Sporting Pen by Chathura Ranasinghe's post 14/06/2026

ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ඉතිහාසයේ මහද්වීපික රන් තරගාවලියක ක්‍රීඩක මාධ්‍ය සාකච්ඡාවක් සඳහා ප්‍රධාන ආරාධිතයා ලෙසින් ඉදිරිපත් වූ පළමු ශ්‍රී ලාංකික ක්‍රීඩකයා ලෙසින් රුමේෂ් තරංග ඉතිහාසයට එක්වෙයි. 🇱🇰🥺🇨🇿

Rumesh Tharanga Pathirage

14/06/2026

දින්නොත් = මිසොන් ඔලිම්පික්
වීසා කේස් වුණොත් = සංගමේ අවුලක්...

අපිට අදාළ නෑ... 🫵

🚨 ආසියානු සහාය දීවිමේ තරගාවලියට ශ්‍රී ලංකාවේ සහභාගිත්වය වැට උඩ - සංගමය වීසාවලට සල්ලි දෙන්න බැහැ කියයි

2 වැනි වරට පැවැත්වෙන ආසියානු සහාය දිවීමේ ශුරතා තරගාවලිය ජුනි 20 -21 චීනයේදී පැවැත්වීමට නියමිතව තිබෙනවා.

මෙම තරගාවලිය සඳහා ශ්‍රී ලංකාවෙන් මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් 16 දෙනෙකු සහභාගිවිමට නියමිතව තිබුණත් ඔවුන්ට තනිවම වීසා ගාස්තු දැරිමට සිදුවීම හේතුවෙන් ක්‍රිඩක ක්‍රීඩිකාවන් රැසකගේ සහභාගිත්වය අවිනිශ්චිතව තිබෙනවා.

ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය වීසා සඳහා මුදල් ලබා නොදන බව ප්‍රකාශ කිරීමත් සමග මෑත කාලයේ දක්ෂතා අතර සිටි ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසක් මෙම තරගාවලියට සහභාගිවීම ප්‍රතික්ෂේප කර ඇති බවයි වාර්තා වන්නේ.

මෙම ක්‍රියාව සම්බන්ධයෙන් මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් දැඩි කනස්සල්ලෙන් පසුවන බවද වාර්තා වනවා.

Want your public figure to be the top-listed Public Figure in Adelaide?
Click here to claim your Sponsored Listing.

Category

Address


Level 1, Regent Arcade Grenfell Street
Adelaide, SA
5000