Mr. Dimple
26/03/2024
මේවා තේරුම් ගන්න පුලුවන් නම් පරිණතයි. නැත්නම් මෝඩයි😀
27/02/2024
✨මේක මිල අධික හීනයක්....
A/ L ප්‍රතිඑල එනකන් ඉන්න අපේ නංගිලා මල්ලිලා ටිකක් දැනුවත් කරන්න හිතුනා ජීවිතේ ජය ගන්න පුලුවන් මාවතක් ගැන... ඔබේ දක්ශතාවය සහ A/L ප්‍රතිඑල මත යන්න පුලුවන් පාරක් මේක. කැමති කෙනෙක්ට හොයල බලන්න පුලුවන් marine eng or nautical කියන field වල course fee pvt campus වල කීයද කියල. මේ කියන්න යන්නේ ඉතාම සුලු වියදමකින් හො නොමිලේ නැවක Captain කෙනෙක් හො Chief Engineer කෙනෙක් වෙන්න ලංකාවෙ අපිට තියෙන පහසුම ක්‍රමයක් ගැන.
IET Maritime Division....⚓♥️
IET එකේ විශේශිත division එකක් තමා maritime division එක. මේකට ලමයි තෝරගන්න තියන පටිපාටියත් අනිත් field වලට වඩා වෙනස්.
ඒ වගේම මේ division එකටම අවුරුද්දට ගන්නෙ ලමයි 25ක් පමනයි. නමුත් දැන් ඒක පොඩි ප්‍රමාණයක් මෙවර බඳවා ගත් batch එකෙ ඉඳලා වැඩි කරලා තියෙනවා, ඉතින් හරිම තරගකාරියි. ඒ වගේම කියන්න ඕන කොල්ලොන්ට වගේම ඔන්න දැන් නැව් පිස්සුව තියෙන, කට්ට කන්න පුලුවන් ගටක් තියෙන කෙල්ලොන්ටත් පුලුවන් මේ ක්ශේත්‍රයට එකතු වෙන්න.
මේකෙ Marine Engineering (Engine Cadet) කෝස් එක විතරයි දැනට තියෙන්නෙ නමුත් NDES electrical engineering කෝස් එක කරපු අයටත් ETO(Electrical Technician Officer) විදියට නැව් නගින්නත් පුලුවන් විදියක් හදාගෙන යනවා සහ එහෙම නැව් නැගපු අයත් දැන් ඉන්නවා.
ඒවගේම TTI එක මගින් කලින් පැවැත්වූ පවත්වන appitute test දැන් කරන්නේ රජය මැදිහත් වෙලා එක pass වෙලා z එක ඇති උනාටම Marine engineering වලට ලමයෙක්ට එන්න බැ. මොකද
මේ සදහා විශේශිත වූ medical test එකක් වගේම interview එකක් තියනව TTI එකේ maritime divison එකෙන් පවත්වන. ඉතින් මේ දෙකෙන්ම ඉහල දක්ශතා පෙන්නන 35ක් දෙනාට විතරයි මේ course එකට ඇතුල් වෙන්න පුලුවන්.
කියන්න දෙයක් නැහැ ඉතින් මෙවරත් 150+ ඉල්ලුම් කරලා තිබුනා එන්න එන්නම තරගකාරී Field එකක් කියල අමුතුවෙන් කියන්න ඕනි නැහැනේ ඉතින්.
තව කියන්න ඕන දෙයක් තමයි TTI කියන්නෙ කලින් free දීපු courses, එත් අවාසනාවකට දැන් යම්කිසි මුදලක් අය කරනවා මේකට ඇතුලත් වෙන්න.
නමුත් IET එකේ හොයලා බලන්න ඉතාම සුලු මුදලකට ඒ තරම් වටිනා කියන කෝස් එකක් ඔයාලට අවුරුදු 4කින් කරගන්න පුලුවන්. ඉතින් මම ඔයාලට ආරාධනා කරනවා ඔයා කැමතිම Field එක මේක නම් එන්න අපිත් එක්ක එකතු වෙන්න.
TTI වගේම තමා NDT ත්
NDT maritime Division⚓♥️
NDT maritime division එකට අවුරුද්දට ගන්නෙ ලමයි 40ක් පමනයි. ඒකත් හරිම තරගකාරියි.
Field දෙකක් තියනව.
1. Nautical studies - Captain
2. Marine engineering - Chief Engineer
මෙයින් එකකට ලමයි 20 ගානෙ ලමයි 40ක් ගන්නව අවුරුද්දට මේ division එකට. ඒවගේම ndt එක මගින් පවත්වන appitute test එක pass වෙලා z එක ඇති උනාටම maritime වලට ලමයෙක්ට එන්න බැ.
මේ සදහාත් විශේශිත වූ medical test එකක් වගේම interview එකක් තියනව ndt එකේ maritime divison එකෙන් පවත්වන. ඉතින් මේ දෙකෙන්ම ඉහල දක්ශතා පෙන්නන 40ස් දෙනාට විතරයි මේ course එකට ඇතුල් වෙන්න පුලුවන්. NDT ඔයා select උනොත් ඔයාට course fees නැහැ මොකුත්ම full free.
ඉතින් marine engineering කරන්න ආස නම්, AL results (Maths stream) එකෙන් කරල S3 තියේ නම් gazzete උනාම apply කරල බලන්න
CINEC, SMTI වගේ Private කරන්න උනොත් ඔයාලට ලක්ශ 50-60ත් අතර ප්‍රමාණයක් යනවා මේක කරගන්න, ශිෂ්‍යයාවන් සදහා අලුතින් Private Campus වලත් දැන් Female Cadets ලා බදවා ගන්නවා... 100% Scholarship වලට. ඔබ කට්ට කන්න, අභියෝග වලට මුහුන දෙන්න, අවු. 15 ක්වත් මේ ක්ශ්ත්‍රයේ එක දිගට රැදී ඉන්න පුලුවන් ගැහැනු ලමයෙක්නම් බය නැතුව කරන්න.
Marine engineering වලට select වෙන කෙනෙක්ට අනාගතයේදි නැවක chief engineer කෙනෙක් වෙන්න පුලුවන්.
ඒ වගේම nautical studies කරන කෙනෙක්ට අනාගතයෙ නැවක කපිතාන්වරයෙකු වීමෙ හැකියාව තියනව. මුදල් වියදමකින් තොරව ලංකාව තුල කපිතාන්වරයෙකු වීමට තිබෙන එකම පාඨමාලාව මෙය වෙනව.
සටහන | Dimuthu Amarakoon / Mr.SAILOR 💙💙
ඔබ Sail කරන Ships Category එක අනුව ලැබෙන පඩිය වෙනස් වෙනවා. දැනට ලෝකයේ වැඩිපුරම දකින්න ලැබෙන Container Ships වල CE / Captain කෙනෙක්ට average 10,000$ පමන පඩියක් ලැබෙනවා... මේ මට්ටමට එන්න ඔයාට ගත වෙන්නේ අවුරුදු 12-15ක පමන කාලයක්... ඔයා අ20 දි පටන් අරගෙන Plan එකකට කැපවීමෙන් වැඩ කලොත් අ32 වෙනකොට මෙවැනි වේතනයක් ලබන ලෝකේ වටේ යන Top ranking නාවිකයෙක්. ඔය වර්තමානයේ තත්ත්වය. තව අ10කින් ඔය පඩිය Double වෙන්නත් පුලුවන් මේ රැකියාවන් සදහා ලොකේ පවතින අදික ඉල්ලුම නිසා. හේතුව මේ රැකියාවෙ රැදී ඉන්න හැමෝටම බැ... ඒකට ලොකු කැපකිරීම් කරන්න ඔනේ නිසා.
වැදගත්ම දෙයක් කියන්න ඔනේ... ඔයා NDT, TTI, CINEC, SMTI හො කුමන ආයතනක train උනත් අවසානයේ මුහුන දෙන්නේ Shipping Ministry එකෙන් පවත්වන Exam එකට. එය සමත් වු විට ලැබෙන COC (Certificate of Competency) එක මොනම ක්‍රමයකින්වත් මුදලට ලබාගන්න බැ. අනිවාර්යෙන්ම ඒ අදාල පරීක්ෂණයන් සමත් විය යුතුයි. ඉන් ඉදිරියට ඔයාගේ Promotion වලටත් ඒ හා සමානවම නිතීගත වුනු IMO (Internation Maritime Organization) regulations තියෙනවා. එවට යටත්ව සියලුම Company වල නියමිත ක්‍රියා පටිපාටියක් තියෙනවා... ඔයාගේ විනය කැපවීම දක්ශතාවය මත මිස කිසිම විටක මුදලට මේ දෙවල් මේ field ලබාගන්න බැ... කෙටියෙන්ම ඔයා ඇතුලත් වෙන්නේ වැඩ කලොත් ගොඩ යන්න පුලුවන් Curruption අවම field එකකට.
පොඩි ඉල්ලීමක්... රටින් පැන ගන්න මාර්ගයක් විදිහට මේ field එකටනම් එන්න එපා.... මොකද
මේ රැකියාවේ ඉන්න අය ඒකට ඉතාමත් ගරු කරනවා.... එක්කෙනෙක්ගේ දෙන්නෙග්ගේ වැරදි නිසා සිය ගානකට රැකියා අහිම උන අවස්ථා තියෙනවා... දැනට ලාංකිකයන්ට ඉතා ඉහල පිලිගැනීමක් ලෝකය පුරා තියෙනවා මේ field එකේ.... පැරනි හා දැනට sail කරන නාවිකයන්ගේ කැපවීම, දක්ශතාවය හා විනය නිසා... ඒක රැක ගැනීම අපි කාගෙත් වගකීමක්
මෙ ගැන Interesting නම් තවත් තොරතුරු දැනගැනීමට අවශ්‍ය නම් උදව් කරන්න පුලුවන්.
ඔබට ජය 💙🙏💙 Credit : Inspire Editz
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Telephone
Website
Address
Pioneer Building
Dubai
000000