Ceylon Tea Culture
24/06/2026
කැලෑ තේ,
එහෙමත් නැත්නම් Forest Tea / Wild Tea 🍂
අද අපේ කතාව අපි පටන් ගන්නේ හරි සුවිශේෂි තැනකින්..
තවමත් අඩි 30,40ක් උස තේ ගස් වලින් තේ දලු නෙලනවා කිව්වොත් ඔබ පිලිගන්නවා ද?
ඔව් ඒක එහෙමයි..
අද අපි කියන්නේ අපේ රටේ තේ සන්නාමය ජාත්‍යන්තරයට ගෙන ගිය කතාවක්..
ඒ Forest Hill Tea factory එක ගැනයී..
මුලින්ම කියන්නම් මේ factory එකට තේ ලැබෙන්නේ මීට වසර 150කට පමන ඈත ඉතිහාසයක් තියෙන ඉපැරණි තේ වත්තකින්..
මේ තේ වත්ත සංචාරකයන්ට නම් විවෘත නම් නෑ...
ඉස්සර සුදු මහත්තුරුන්ගේ කාලේ ආරම්භ කරපූ මේ තේවත්ත ශ්‍රී පාද අඩවියට මායිම්ව තමා පිහිටලා තියෙන්නේ..
මේ තේවත්ත මැදින් සිත ගගුලේ පහස ලැබූ නමුත් මිනිස්සු පහස නොලබපූ ලස්සන දියඇල්ලකුත් ගලා බසිනවා...
වස විසකින් තොරව හරි අපූරුවට සශ්‍රීකව වැඩෙන මේ තේ ගස් තේ කැලෑවක් වගේ...
ඇත්තටම අද අපි බොන්නේ නියම තේද?
තේ වල ඉපැරණි තේ රසය යළි විදින්න අපිට මෙහිදි අවස්ථාව ලැබෙනවා..
ජාත්‍යන්තර වෙළදපළට පමණක් මුල්කාලයේ දී සිමා වූ මේ තේ වර්තමානය වන විට දේශීය වෙළෙඳපොළටත් ලබා දෙන්න තීරණය කරලා තියෙනවා...
තේ වල තියෙන ගුණාත්මකභාවයට කිසිදු හානියක් නොකර නිෂ්පාදනය වන මේ තේ කොප්පයක රස බලන්නම ඕනේ..
සොබාදහම විසින් පෝෂණය කරන ලද, මේ තේ කැලෑව වනාන්තරයේ උල්පත් වලින් මෙන්ම නැවුම් වාතයෙන් අනූනයි...
ඒ වගේම වඩාත් වැදගත් වන්නේ සරුසාර පොහොසත් පසෙන් ප්‍රයෝජන ලබා ගෙන හරි අපූරුවට මේ තේ කැලෑව වැඩෙනවා...
තේ පදුරු වගේ නෙමේ මේ විශාල තේ ගස් වල මුල් බහුල ලෙස වර්ධනය වී ඇති අතර වැඩි පෝෂ්‍ය පදාර්ථ හා ඉහළ ඛනිජ අවශෝෂණය ලබා ගැනීමට හැකියාව පවතිනවා...
මේ සැගවුණු තේ වත්තේ සුන්දරත්වය බලන්න යන්න නම් හැමෝටම අවසර නෑ..
හැබැයි මිනිස් පහසින් සැගවී තිබෙන මේ පරිසරය හරිම සුන්දරයි.
මේ කර්මාන්තශාලාව හරහා නිර්මාණය වන තේ Ceylon Pink Tea, Wanagala Wild Tea සහ ඔවුන්ටම ආවේනික Tea Rods, Tea Pebbles විදියට තමයි වෙළදපොළට එන්නේ.
මේ තේ වල නිශ්පාදන ක්‍රියාවලියේ විශේශතා මෙන්ම තේ වගාවට ආවේනික වූ සුවිශේශිතා අනුව විවිධ වර්ගයන් තියෙනවා. ඒ අතරිනුත් විශේෂයෙන් රෝස තේ ඔබට නැවුම් අත්දැකීමක් වෙන බව නොඅනුමානයි..
විශේෂ ස්තුතිය,
Forest Hill Tea & Mr.Buddika Dissanayake
අපි Ceylon Tea Culture
තේ එක්ක බැදුනු හැම හදකම තියෙන්නේ ආදරය!
Click here to claim your Sponsored Listing.
Category
Contact the restaurant
Telephone
Website
Address
46, 3rd Floor, Thennekumbura, Kandy
Kundasale
Opening Hours
| Monday | 08:00 - 16:00 |
| Tuesday | 08:00 - 16:00 |
| Wednesday | 08:00 - 16:00 |
| Thursday | 08:00 - 16:00 |
| Friday | 08:00 - 16:00 |
| Saturday | 08:00 - 16:00 |