Timpet
20/05/2026
Ima 💍 Avi
So happy to witness the beginning of your 'forever.' May your life together be even more beautiful than your wedding day
Captured by - Sonu Dulshan Rajakaruna
Weligama Bay | Moadra
Timpet SDR
05/12/2025
වියරුවට පත් වූ කාලගුණය පිටුදැක යළි අකුරු සිහිනය සැබෑ කිරීමට වෙහෙසෙන මල් කැකුළුවන් දුවා දරුවන් උදෙසා පිහිට වීමට සැවොම එක්වෙමු!
අප විසින් පසුගිය දිනයන්හි අපි දෙහිඅත්තකණ්ඩිය ප්‍රදේශයේ සහනාධාර ලබා දීමට ගිය අවස්ථාවෙි නිවාස අහිමි වූ ඇදිවත පමණක් ඉතුරු වූ දරුවන් තම තමන්ගේ පොත් පත් නිවාස ඉදිරිපිට වියලෙන්නට දමා තිබීම නෙතට කඳුළක් ගෙන දෙන සංවේදී දසුනක් විය. එම පොත් පත් මඩ සහිත ගුරු පැහැ වී තිබු අතර අකුරු පවා හඳුනාගත නොහැකි ලෙස බොදවී විනාශ වී තිබුනි.
ඒ අතර ඇතැම් දරුවන් උසස් පෙල විභාගය ලියමින් සිටියදී තම සටහන් පොත් ගංවතුරට බිලි වූ බවත්, ඔවුන්ට නැවත විභාගය සඳහා පාඩම් කිරීමට ලිවීමට පොත් පත් සහ පෑන් පැන්සල් වැනි අවම පහසුකම් වත් නොමැති පවත් හැඩු කඳුලින් අප සමග පැවසූ අතර අප ආධාර රැගෙන ගිය බක්මිදෙනිය පාසලේ විදුහල්පති තුමාද අපහට මතක් කරේ පාසලේ දරුවන් 160කට අධික ප්‍රමාණයක් ඉගෙන ගන්නා බවත් ඔවුන්ට යම්කිසි උපකාරයක් සිදු කිරීමට හැකි නම් එය මේ අහිංසක දරුවන් වෙත කෙරන මහඟු උපකාරයක් බවත්ය.
එම නිසා අපගේ Team Freedom කණ්ඩායම සහ Senehasa Communication & Book Shop ආයතනය සමග එක්ව මෙම දුවා දරුවන්ගේ පාසල් සිහිනය යථාවත් කිරීම සඳහා මානුෂීය සහෝදරත්වයේ දෙවනි දිගහැරුම සිදු කිරීමට බලාපොරොත්තු වෙමු.
පෙර පැවති මනූෂීය සහෝදරත්වය සහනාධාර බෙදා දීමේ වැඩ පිළිවෙළ පිළිබඳව අප සමග ඇති විශ්වාසය මත මේ සඳහාත් ඔබගේ හැකි පමණ දායකත්වය අපි බලාපොරොත්තු වන්නෙමු.
මේ සඳහා මුදල් ආධාර අප විසින් පිලි නොගන්නා අතර පහත සඳහන් දෑ අප වෙත ලබා දීමට හැකියාව පවතී
✅කොපි පොත්
✅CR පොත්
✅පෑන්
✅පැන්සල්
✅මකන
✅පාට පැන්සල්
✅පාට පෙට්ටි
✅අඩිරූල්, කවකටු
මෙම උපකරණ දරුවන්ගේ අවශ්‍යතා බලා අත්‍යාවශ්‍යම දරුවන් වෙත ලබා දීමට අප සැලසුම් කර ඇති අතර, මෙම ද්‍රව්‍ය
🏷️දෙනිපිටිය සෙනෙහස book shop වෙත ලබා දිය හැකියි.
අපව සම්බන්ධ කර ගැනීමට පහත දුරතකථන අංක වෙත අමතන්න
📞 076 2287 881 නිලූක
📞077 9693 002 ජනිත්
📞071 3869 597 පුබුදු
📞078 5861 817 දුල්ෂාන්
අපේම රටේ දුවා දරුවන්ගේ පාසල් සිහිනය යළි යතාවත් කරමු 🙏
Click here to claim your Sponsored Listing.
Category
Address
Weligama
81730
Opening Hours
| Monday | 18:00 - 00:00 |
| Tuesday | 18:00 - 00:00 |
| Wednesday | 18:00 - 00:00 |
| Thursday | 18:00 - 00:00 |
| Friday | 18:00 - 00:00 |
| Saturday | 18:00 - 00:00 |
| Sunday | 07:00 - 00:00 |