Wijeyadasa Rajapakshe
10/05/2026
ලෝක මව්වරුන්ගේ දිනය අදයි !
මැක්සිම් ගෝර්කි කියනවා මේ ලොව පවතින්නේ මවගේ කිරෙනුත් හිරුගේ ආලෝකයෙනුත් කියලා.
ඇය තමයි අපේ මිහිකතේ ජීවයේ උල්පත..ඇය තමයි අපේ පලමුවන ගුරුතුමිය.
ඒ නිසාම තමයි සතුටේදීත්, දුකේදීත්, බොහෝ විට මරණයේ දීත් අපිට ඇයගේ නම කියවෙන්නේ.
ඉතින් ඇගේ අපරිමිත ස්නේහය, සේවය එක දිනයකින් කතා කරල නිම කරන්න පුළුවන් දෙයක් නොවුනත් මුළුමහත් ලෝකයම සෑම මැයි මාසෙකම දෙවන සතියේ ඉරිදාව වෙන් කරලා තියෙන්නේ අම්මාගේ අපමණ වූ දාරක ස්නේහය වෙනුවෙන් ඈ ඇගයීමේ වටිනාකම මතක් කර දීමේ අරමුණිනුයි.
පණ ගසමින් ජීවිතය ඉල්ලද්දී යකඩ අඬු වලින් ඇදලා අරන් කළලය මරලා දාන්න දොස්තරවරු හොයාගෙන යන අම්මාවරු ගැන නෙවෙයි මේ මොහොතෙ මගේ මතකයට ආවේ. කළ හැකි සියලු කැපකිරීම් හා ආදරය මැද්දෙ දරුවන්ට ජීවිතය දුන්න අම්මාවරුන් ගැන. දරුවන්ව විසි කරලා දාන, අත්හැරලා දාන අම්මාවරුන් ගැන නෙවෙයි මගේ මතකයට ආවේ. ප්‍රාණ සම අධ්‍යාත්ම ප්‍රේමයෙන් දරුවන් සුරුකූ අම්මාවරුන් ගැන. ඉන්ද්‍රඛීලයක් සේ නොසැලී ඉන්නට ඒ අම්මාවරුන් මේ විශ්වයෙන් සාර සේ උරා ගත් ශක්තිය ආයෙත් දුන්නෙ දරුවන්ට. ඒ ශක්තියට තමා මව් කිරි කීවේ.
හැල්මට දුවන ජීවිතයේ අපිත් නොදැනම සමහර දේවල් අපිට අමතක වෙනවා. ඒ අමතක වන දේවල් අතරේ අම්මා කියන අකුරු තුනත් තියෙනවනම් ඇත්තටම අපිට අපේ මුළු ජීවිතයම අමතක වෙලා. අදටත් බෝහොමයක් අම්මලා තමන්ගේ දරුවෝ නිවාඩුවට ගෙදර එනකම් පාර දිහා බලා ගෙන ඉන්නවා. එහෙම ඉන්නේ අම්මලා දරුවෝ වෙනුවෙන් මහත් සෙනෙහසක් දක්වන නිසාමයි. ඒ මව් සෙනෙහස පිලිබදව ලෝකයේම අවධාණය යොමු කරන ලෝක මව්වරුන්ගේ දිනය සමරන දිනට පමණක් මව් ගුණ සීමා කිරීම සැබවින්ම දුකක්.
උත්තරීතර මව් සෙනෙහසේ ගුණ රුවින් මුළු ලෝකයම ලස්සන කරන මව්වරුන් සිය ජීවිතයෙන් වැඩි ඉඩක් තම ආදරණිය දරුවන් වෙනුවෙන් වෙන් කරනවා. එක්දිනකට සිමා නොවන අසීමාන්තික මව් සෙනෙහස සිහිපත් කරන්නට අද දවසේ කටයුතු කෙරුනත් උතුම් මාතෘත්වයේ අගය සිහිපත් කරන්නට අපේ ජීවිතය ද ප්‍රමාණවත් නොවන වග සිහිපත් කළ යුතුයි. බඩට තුන්වේල නොකා හරි දරුවන්ගේ කුසගිනි නිවන අම්මාලා තමයි අපේ රටේ ඉන්නේ. දෙන්න පුළුවන් හොදම දේ දීලා දරුවන්ගේ මුහුණේ හිනාවක් දකින්නයි මේ අම්මලා හින දකින්නේ. නැති බැරි කම නිසා සමහර අම්මලාට දරුවට දෙන්න ඉතුරු වෙන්නේ තමන්ගේ උණුසුම විතරයි. ලෝක මව්වරුන්ගේ දිනයේ ඉතිහාසය 1912 දක්වා ඈතට දිව යනවා. සෑම වසරකම මැයි මාසයේ දෙවන සතියේ ඉරිදාව ලෝක මව්වරුන්ගේ දිනය ලෙසින් සමරනු ලබනවා.
ඉතින් අම්මගෙ උපන්දිනේට වත් මව්වරුන්ගෙ දවසට වත් අම්මගෙ ගුණ කියනවට වඩා තමන්ට ලැබෙන පොඩි හරි වෙලාවෙදි අම්මා එක්ක වචනයක් කතා කරන්න අපට බැරිකමක් නෑ නේද ? අපි වෙනුවෙන් මුළු දිවියම කැප කරපු ආදරණීය අම්මා වෙනුවෙන් අපිට වෙලාවක් වෙන් කරන්න අමාරු නෑ. රටේ ඉහලට ගියාම අම්මා හැඩ මදිවෙන සමාජෙ අම්මා බලු කූඩුවෙ දාලා හිර කරද්දි අපිට හිතන්න පුළුවන් නේද අපි පොඩි කාලෙ වද දෙනකොට අම්මා අපිව අතේම තියාගෙන නින්දක් නැතුව එහාට මෙහාට ගිය විදිය.
අම්මගෙ ආදරේ එක දවසකට සීමා වෙන්නෙ නෑ සීමා කරන්නත් බෑ කියලා අපි හොදටම දන්නවා. එහෙම එකේ අපේ රත්තරන් අම්මා වෙනුවෙන් අපිට මොකටද එක දවසක්. ඉතින් එහෙම ආදරයක් දීපු අපේ අම්මට අවුරුද්දේ එක් දිනයක් පමණක් වෙන් නොකොට අපේ යුතුකම් වගකීම් අපිත් නොපිරිහෙලා ඉටු කරමු.
මුදල් ඇමතිකම තණ්හාවට තියාගන්න ජනාධිපතිවරු ! - හැමෝම නොදකින පැත්තක් විජයදාස කියයි
Credit : Hiru TV Salakuna - හිරු ටීවී සලකුණ | 2026.05.04 | Hiru TV
🔷 Subscribe My Social Media Channels :
📌 Subscribe on YouTube : https://www.youtube.com/
📌 Like on Facebook : https://www.facebook.com/wijeyadasarajapakshe
📌 Follow on Instagram : https://www.instagram.com/wijeyadasarajapakshe
📌 Follow on Threads : https://www.threads.net/
📌 Follow on TikTok : https://www.tiktok.com/
📌 Follow on Twitter : https://twitter.com/wijerajapakshe
📌 Follow on Whatsapp Channel :
https://whatsapp.com/channel/0029VaDfctwIN9ipVcnl202n
“හාල් නම් හාල් - DO නම් DO” - “ඔය කයිය ගහන නඩු ඔක්කොම අපේ කාලේ දාපුවා”
Credit : Hiru TV Salakuna - හිරු ටීවී සලකුණ | 2026.05.04 | Hiru TV
🔷 Subscribe My Social Media Channels :
📌 Subscribe on YouTube : https://www.youtube.com/
📌 Like on Facebook : https://www.facebook.com/wijeyadasarajapakshe
📌 Follow on Instagram : https://www.instagram.com/wijeyadasarajapakshe
📌 Follow on Threads : https://www.threads.net/
📌 Follow on TikTok : https://www.tiktok.com/
📌 Follow on Twitter : https://twitter.com/wijerajapakshe
📌 Follow on Whatsapp Channel :
https://whatsapp.com/channel/0029VaDfctwIN9ipVcnl202n
භාණ්ඩාගාරයේ නිලධාරියා මිය යාම ආන්දෝලනාත්මක ඇයි ?

Click here to claim your Sponsored Listing.