Upali Samarasinghe
15/10/2025
මන්නාරම මඩු දේවස්ථානය පිහිටි ප්‍රදේශය ආශ්‍රිත පණ්ඩිපරිච්චාන් හි පිහිටි අක්කර 76 යුත් වගා භූමිය හේතුවෙන් වසර ගණනාවක සිට ගොවි පවුල් සහ මඩු දේවස්ථානයේ පාලනාධිකාරිය අතර ඇතිව තිබෙන මතභේදාත්මක තත්වය නිරාකරණය කිරීම සඳහා පසුගිය (13) දින මන්නාරම දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී විශේෂ සාකච්ඡාවක් පැවැත්විණ.
කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාර්මාර්ග අමාත්‍ය කේ.ඩි ලාල්කාන්ත මහතා ද දැනුවත් කිරීමෙන් අනතුරුව මෙම වගා ඉඩම් ගැටළුව නිරවුල් කිරීම සඳහා දෙපාර්ශවය අතර සාකච්ඡා පැවැත්වීමට මා හට හැකි විය.
වසර ගණනාවක සිට ගොවිපවුල් 27ක් විසින් මෙම පණ්ඩිපරිච්චාන් වැව යටතේ පිහිටි වගා බිමේ වගාකටයුතු සිදුකර ඇති අතර පසුගිය රජය සමයේ එම වගාභූමිය මඩු දේවස්ථානය යටතට පත්කර තිබිණ. මේ හේතුවෙන් එම ගොවි පවුල් වලට දැඩි අසාධාරණයක් සිදුව ඇති බවට ගොවි ජනතාව පැවසූ අතර දෙපාර්ශවය අතර නිර්මාණය වූ මෙම තත්වය අධිකරණයන් හි නඩු විභාගයන් දක්වා වර්ධනයවී තිබිණ.
මෙම වගා භූමිය මඩු වනෝද්‍යාන කලාපයට අයත් ප්‍රදේශයේ පිහිටා ඇති අතර එම භූමිය නීත්‍යානුකූලව අයත් වන්නේ වන ජීවි දෙපාර්තමේන්තුවට වේ. නමුත් අදූරදර්ශි දේශපාලන තීරණ හේතුවෙන් එම භූමිය මඩු දේවස්ථානය යටතේ පවරා ඇති බවට ප්‍රකාශ කිරීමත් සමඟ දේවස්ථානයේ පාලනාධිකාරිය සහ ගොවි ජනතාව අතර මතභේදාත්මක තත්වය නිර්මාණය කොට ඇති බවට පෙනීයයි.
දෙපාර්ශවය ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව මඩු දේවස්ථානයට හෝ පණ්ඩිපරිච්චාන් ගොවි පවුල් වෙත අසාධාරණයක් සිදු නොවන අයුරින් ගැටලුව කඩිනමින් සමථයකට පත් කිරීමට අවශ්‍ය උපදෙස් නිලධාරීන් වෙත ද ලබා දුන්නෙමි.
මෙම සාකච්ඡාව සඳහා මන්නාරම දිස්ත්‍රික් ලේකම් මන්නාරම දිස්ත්‍රික් ලේකම් කනගසභාපති කනගේෂ්වරන් මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීන්, මඩු දේවස්ථානයේ පාලනාධිකාරි පියතුමන්ලා සහ අසාධාරණයට පත්වූ බව කියන ගොවි පවුල්වල සාමාජිකයින් පිරිසක් එක් වූහ.
08/10/2025
ආචාරධර්මීය ප්‍රතිපත්ති වැඩි දියුණු කිරීමට වඩාත් පිරිසිදු භෞතික පරිසරයක් සහ රට පුරා සදාචාරාත්මක කැපවීමක් සඳහා ආමන්ත්‍රණය කිරීම Clean Sri Lanka ව්‍යාපෘතියෙහි අරමුණු වේ.
දැකුම්කළු දිවයිනක්, සොම්නසින් පිරි ජනතාවක් ජාතික ප්‍රයත්නයන් සාක්ෂාත් කර ගැනීම සඳහා වෙනස් කිරීම්, ඒකා බද්ධ කිරීම් සහ සහයෝගීතාවයන් හඳුන්වා දීමෙන් ශ්‍රී ලංකාවේ සමාජ, සදාචාරාත්මක සහ පාරිසරික මුල පිරීම් නැවත ස්ථාපිත කිරීම තුළ ජල සම්පත් ආරක්ෂණය, පිරිසිදු වායුගෝලයක් සහ ඵලදායී අපද්‍රව්‍ය කළමනාකරණය කෙරෙහි අවධානය යොමු කරමින් උග්‍ර පාරිසරික අභියෝග ජය ගැනීම මගින් පොහොසත් තුළ රටක් ලස්සන ජීවීතයක් ගොඩ නැගීම අපගේ රජයේ පරමාදර්ශයයි.
ඒ අනුව ක්ලීන් ශ්‍රී ලංකා ජාතික වැඩසටහන යටතේ වන්නි දිස්ක්‍රික්කයේ වැව් රක්ෂිත සීමා මායිම් සලකුණු කිරීමේ වැඩසටහන් සමාරම්භය ඊයේ (07) දින මන්නාරම යෝධ වැව කේන්ද්‍ර කරගනිමින් සිදු කරන ලදී.
මෙහි ප්‍රථම අදියර ලෙස වවුනියාව පාවක්කුලම වැව සහ මන්නාරම යෝධ වැව ආශ්‍රිතව රක්ෂිත සීමා ලකුණු කිරීම සිදුකරන ලද අතර වැව් රක්ෂිත තුළ අනවසර ලෙස අත්පත් කර ගැනීම් සහ නීත්‍යානුකූල නොවන ඉදිකිරීම් සිදුකිරීම වැලැක්වීමටත් වැව් පෝෂක ආරක්ෂා කිරීමටත් අතිගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ මඟ පෙන්වීම යටතේ මෙම වැඩසටහන ක්‍රියාවට නංවනු ලබයි.
වැව් වල ආරක්ෂාව සඳහා මෙම වැඩසටහන මූලිකත්වයදී ක්‍රියාත්මක කරන අතර පසුගිය රජයන් විසින් ගත් අදූරදර්ශි ක්‍රියාවන් හේතුවෙන් සහ ඡන්ද ලබා ගැනීමේ අරමුණින් වැව් ආශ්‍රිත පරිසර පද්ධති විනාශකර දමමින් අනවසර පදිංචිකරුවන්ට හා ධනවතුන්ට මෙහි රක්ෂිත ඉඩම් විශාල ලෙස බෙදා දී තිබෙන අයුරු ද නිරීක්ෂණය විය.
මන්නාරම යෝධ වැව යටතේ කුඹුරු අක්කර 30000ක් වගා කරන අතර යෝධ වැවේ විශාලත්වය අක්කර 6000ක් පමණ වේ. නමුත් මේ වන විට වැව යටතේ පවතින රක්ෂිත ඉඩම්වලින් 10%ක ප්‍රමාණයක් සහ වවුනියාව පාවක්කුලම වැවේ රක්ෂිත භූමියෙන් අක්කර 150ට අධික ප්‍රමාණයක් දේශපාලන හිතවතුන් සහ රාජ්‍ය නිලධාරීන්ගේ වැරදි ක්‍රියාකලාප හේතුවෙන් අනවසරයෙන් අත්පත් කරගෙන සිටින බවට වාර්තා වන අතර මේ පිළිබඳ අගතියකට පත්වන්නන් සිටීයි නම් සාකච්ඡා සිදුකොට සාධාරණ විසඳුම් ලබාදීමටද අප බැඳී සිටියි.
අප රජය සිතන්නේ ඡන්ද ව්‍යාපාරයකටවඩා මෙම වැව් පෝෂක ප්‍රදේශ වන වැවේ ජීවය ආරක්ෂා කිරීම සහ රක්ෂිත ප්‍රදේශ ආරක්ෂා කිරීම තුළින් ප්‍රදේශයේ ගොවි ජනතාවට යල සහ මහ කන්න දෙක ම වගාකොට ආර්ථිකයට විශාල දායකත්වයක් ලබා දීම තුළින් ගොවි ජනතාවගේ ජීවනෝපාය ශක්තිමත් කිරීම ය.
කුඩා මල්වතු ඔය ව්‍යාපෘතිය මේ වන විටත් ආරම්භ කර තිබෙන අතර එමගින් යෝධ වැවේ ධාරිතාව වැඩි කිරීම අපගේ අපේක්ෂාව වේ.
වැඩසටහන් අවස්ථාව සඳහා මන්නාරම දිස්ත්‍රික් ලේකම් කනගේෂ්වරන්, උතුරු පළාත් වාරිමාර්ග අධ්‍යක්ෂ වාරි ඉංජිනේරු ටි.තිරුචෙල්වම් යන මහත්වරුන් සහ දිස්ත්‍රික් වාරිමාර්ග ඉංජිනේරුවරුන්, මිනින්දෝරු නිලධාරින් ඇතුළු ගොවි සහ මිරිදිය ධීවර සංගම් නායකයින් විශාල පිරිසක් එක්විය.
#පොහොසත්රටක්ලස්සනජීවිතයක්
ලෝක ජනාවාස දිනයට සමගාමීව වත්මන් රජයේ වැඩපිළිවෙළ අනුව සුව පහසු නිවසක් සනීපාරක්ෂක ජීවිතයක් උරුම කරලීමට ග්‍රාමීය ජනතාවගේ මූලික අවශ්‍යතා සපුරාලමින් නිවසක් ඉදිකරගැනීමට නොහැකි වවුනියාව දිස්ත්‍රික්කයේ දිළිඳු පවුල් වෙත අභිනවයෙන් ඉදිකළ නිවාස හිමිකරුවන් වෙත ලබාදීම හා හිමිකම් ප්‍රදාන පත්‍ර ප්‍රදානය කිරීමේ වැඩසටහන සඳහා ඊයේ(05) දින සහභාගී වූවෙමි.
නිවාස සංවර්ධන අධිකාරියේ මූල්‍ය දායකත්වය මත එක් නිවසක් සඳහා රුපියල් මිලියනයක යළි අයනොකරන ආධාර මුදල් යටතේ, වවුනියාව, වවුනියාව දකුණ, වෙන්ගලසෙට්ටිකුලම සහ වවුනියාව උතුර ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස තුළ දිළිඳු පවුල් වෙත ඉදිකළ නව නිවාස 20ක් ලබාදීම මෙහිදී සිදුකෙරිණ.
තමන්ගේම තැනක් - ලස්සන ජීවිතයක් ජනාධිපති අනුර කුමර දිසානායක මහතාගේ දිළිඳු පවුල් වෙත නව නිවාස ඉදිකරදීමේ වැඩසටහනට සමගාමීව නිවාස ඔප්පු ලබාදීම ප්‍රමාද වවුනියාව නිවාස ලාභීන් වෙත ඔප්පු හිමිකම් පත්‍ර 60 බෙදාදීමද මෙහිදී සිදුකෙරිණ.
යුද සමයේ අවතැන්ව යළි පදිංචියට පැමිණි සහ ආර්ථික දුෂ්කරතාවයන්ගෙන් පීඩාවිදින ජනතාව තවමත් නිශ්චිත ස්ථානයක් හෝ වාසස්ථානයක් නොමැතිව පීඩා විඳින අතර පසුගිය රජයන් විසින් විශාල නිවාස ව්‍යාපෘති වැඩ ආරම්භ කළ ද නිවාස ලැබිය යුතු ජනතාවට ඉන් කිසිඳු ප්‍රතිලාභයක් අත්නොවීය. දැනටමත් වැඩ නිම නොකළ නිවාස 2000 අධික ප්‍රමාණයක් වවුනියාව දිස්ත්‍රික්කයේ පමණක් පවතින අතර කඩිනමින් එම නිවාස ජනතාවට ඉදිකර දීමට ද වත්මන් රජය යටතේ කටයුතු ක්‍රියාත්මක වෙමින් පවතී.
මෙම වැඩසටහන් අවස්ථාවට වවුනියාව අතිරේක දිස්ත්‍රික් ලේකම් එන්.කමලදාසන් , වවුනියාව දකුණ ප්‍රාදේශිය ලේකම් කාංචන කුමාර, වවුනියාව දකුණ සිංහල ප්‍රාදේශිය සභාවේ සභාපති සුදර්ශන විරකෝන් යන මහත්වරුන් සහ වවුනියාව නිවාස සංවර්ධන අධිකාරියේ දිස්ත්‍රික් කළමණාකාර දේවිකා විජේරත්න මහත්මිය ඇතුළු නිවාස සංවර්ධන අධිකාරියේ නිලධාරීන් පළාත් පාලන ආයතන නියෝජනය කරමින් නගර සභා හා ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් ඇතුළු ප්‍රදේශවාසීන් විශාල පිරිසක් එක්ව සිටිය හ.
30/09/2025
30/09/2025
''දූෂණයට එරෙහි සටන භයානකයි.. නමුත් දූෂණයට එරෙහිව සඨන් නොකිරීම ඊටත් වඩා භයානකයි''
පහුගිය අවුරුද්ද ගැන අපිට නම් පට්ට සතුටුයි
Click here to claim your Sponsored Listing.