Ravi Connect

Ravi Connect

Share

05/03/2026

"වඳුරන් පවා ගස් වලින් බිමට වැටෙති"

කුසලතාවන්, ඔබගේ සියලුම අතපසුවීම් වලක්වන්නේ නොමත.
පලපුරුද්ද, ඔබගේ සාර්ථකත්වම සහතික කරන්නේද නොමැත.

ඇතැම් විට, පළපුරුදු/දක්ෂතම පුද්ගලයන්ගේ පවා සමබරතාව බිඳ වැටෙති.

අසමත්වීම,අසම්පූර්ණබවේ සහතිකයක් නොවේ.එය මනුෂ්‍ය ස්වභාවයයි.

යලි යලිත් උත්සාහ කරන්න.
වැරදි නිවරදි කරගන්න.
සාර්ථකත්වය කරා පිය නගන්න.ඔබගේ පරිපූර්ණත්වය වැඩි ඈතක නොවේ .

ආයුබෝවන්!සුබ දවසක්!

Ravi's Diary on 06/03/2026

31/01/2026

ජීවිතය යනු තේරුම් ගැනීමට දුෂ්කරම දෙයයි.

සුවය ලැබීමට නම් මුලින්ම වේදනා වීදිය යුතුය.
ආදරය විඳීමට නම් ඔබ විරහව අත්විඳීය යුතුය.
සාමය අත්විඳීමට නම් ව්‍යාකූලත්වය අත්විඳීය යුතුය.

ඔබේ ජීවිතයේ කිසිදු අත්දැකීමක් ගැන කිසිදා පසුතැවිලි නොවන්න.

සෑම අත්දැකීමක්ම ඔබගේ සමතුලිතභාවය නැවත සකස් කිරීමට ඉවහල්වේ.

අඳුරෙන් පසු සෑමවිටම ආලෝකය පැමිණේ.
මෙයම භාග්‍යවතුන් වහන්සේගේ
ගැඹුරු දේශනාවයි.

ආයුබෝවන් !පින්බර පොහොය දිනයක් වේව !

Ravi's Diary # 032 of 365

31/01/2026

යමෙකු සමඟ ඔබගේ මිතුදම වසර දහයකට-පහළොවකට වඩා වැඩිනම් එම මිතුදම සදාකාලික මිතුදමකි.

ඔහු ,
ඔබගේ සියලුම versions/විස්තරයන් දන්නේය.

ඔබගේ සියලුම ;
අසමත් වර්සන්ස් ඔහු දන්නේය,
දුක් වර්සන්ස් ඔහු දන්නේය,
සතුටු වර්සන්ස් ඔහු දන්නේය,
හදවත් බිඳුණු වර්සන්ස් ඔහු දන්නේය,
කාර්‍යබහුල වර්සන්ස් ඔහු දන්නේය.

ඔහු,
ඔබගේ මුලු ජීවිතයම කිසිදු විමසීමකින් තොරව දන්නේය.යාවත්කාලීනය.

ඉතින්
එම මිතුරුකම අහඹුවක් හෝ තවත් එක් මිතුදමක් නොව එය සදාකාලික මිතුදමකි.

ඔබට,
සුළඟක් සේම එම මිතුදම් ඇති තැන දැනේවි,නැති තැන හිස් වේවි.

එවැනි මිතුරන් විරලනය,හිගය.
ඔහුන් රැකගන්න.අගයන්න.

ආයුබෝවන් ! සුබ දවසක් !

Ravi's Diary # 031 of 365

22/01/2026

ශාකයක්,කුඩා බීජයක් මඟින් ඇතිවී නිසොල්මනේ වර්ධනය වී,එම ශාක මහා රූක්ෂ ගස් බවට පත්වේ.

නමුත් යම් දිනක,
එම ශාකයම විනාශවී, කඩා වැටෙන විට විශාල ශබ්දයක් පරිසරයට නගයි.

එනිසා ,
විනාශයට ,කඩා වැටීමට විශාල ශබ්දයක් ඇත .

නමුත් ,
බිහිවීම,හටගැනීම ඉතාම සන්සුන්ය.

අපගේ ජීවිතයද එලෙසමය.වර්ධනය,දියුණුව සෙමින්,නිශ්ශබ්දව සිදු වුවද ,ඔබගේ කඩා වැටීම හමුවේ සමස්ත සමාජයම ඒ ගැන කතා කරයි.ශබ්ද නගයි.

එනිසා,
වර්ධනය වන්න...
ජීවත් වන්න...
දරා ගන්න..
නිශ්ශබ්දවම,නිසොල්මන්ව..
අන් අයට නොදැනෙන්න.

අයුබෝවන්!සුබ දවසක් !

Ravi's Diary # 023 of 365

12/01/2026

නායකත්වය යනු අඛණ්ඩතාවය/ස්ථාවරත්වයයි.

නියම නායකත්වය යනු තීරණ ගැනීමෙන් ඔබ්බට ගොස් අනෙකුත් පුද්ගලයන් ප්‍රේරණය කිරිමේ ඇති හැකියාවයි.

ඔබ උසස් මට්ටමේ ප්‍රමිතීන් සමඟ ජීවත් වනවිට,
ඔබ අවට සිටින අය සවිබල ගන්වන
විශිෂ්ටත්වයෙන් පිරි සංස්කෘතියක් ඔබ විසින්ම ගොඩනඟා ගනී.

ඔබගේ නායකත්වය මඟින් නිරූපණය වන්නේ ඔබ සතු එම වටිනාකම්ය.

නිරන්තරයෙන් කැපවන්න.

එම කැපවීම මගින් ඔබගේ කණ්ඩායම අභියෝගාත්මක අවස්ථාවන්හිදී
ඉදිරියට පියවර තබමින් ජයග්‍රහණය ලබා ගනු ඇත.

ආයුබෝවන් ! සුබ දවසක් !

Ravi's Diary # 013/365

Telephone

Website