Lanka Fundamental Rights Organization
20/11/2025
A program for Children with awareness and Gifts were conducted in Kuruwita by National Director Dr.Nadeeka Kumari.
20/11/2025
An awareness program conducted by our National Director Dr. Nadeeka Kumari for the Children of Devipaha Daham Pasala in Kuruwita.
08/08/2025
The daughter of our National Director – Mr. A.A.Sumanasiri Amarasinghe ( School Principal) committed su***de due to unbearable harassment by her teachers , mainly a Buddhist Monk.
She is Ruchika Induma Children’s Safety Initiative, a fifteen year old girl from a leading School in Homagama.
Here is the story
ආදරණීය ඔබට
-------------
මගේ චූටි මැණික,
මගේ සෝස මල,
සදහටම මිලින විය.
මගේ පවුලට මැණිකක්වී
එළිය දුන් මගේ මැණික,
නොමැති බැවින් ඔප දමන තැන තෙත බරිත ම්යැදුණු
මැණිකක් සේ උන්ට දිස්වූ,
ඒත් අප දිවිය තුරා මැණිකක් ලෙස මිනිසුන්ට
ආදරය බෙදන අයුරු කියාදුන් මගෙ චූටි මැණික
අවසන් මොහොතේ පැමිණ නොපැමිණ මාලගින්ම සිට ඒමැණික හැඩකළ මගේ සහෝදර ඔබ සැමට මගේ
හදපිරි ප්‍රණාමය පුදදෙමි.
මගේ මැණිකට සාදාරණය
ඉටු කිරීමට පොරොන්දු වෙමි.
ඇගේ ආත්මීය සුවය පිණිස
සුමදුර දෙසුමට 2025-08-04 එක්වෙමු අප සමග පසුදා සඝ ගත දක්ෂිනාවද සමගින්,
මගේ මැණික ගේ ආත්මීය සුවයට දිරි දෙන්න
ආරාධනා ඔබ සැමට
මගේ පවුලෙන්ම දන නමා,
හිසනමා
සුමනසිරි අමරසිංහ විදුහල්පති සුනීත ජාතික පාසල .
ආදරණීය විදුහල්පති තුමනි, ගුරු භවතුනි,දෙමාපියනි
--------=--------
මගේ චුටි මැණික රුචිකා ඉන්දුමා ඔබ අප අතරින් සමුගෙන අවසන් ඒත් තවත් මවකට පියෙකුට
මෙම ශෝචනීය තත්ත්වයට පත් නොවීමට අපි වගබලා ගත යුතුයි.පසුගිය 90දශකයේ මුල සිටම මේදක්වා ලංකාවේ සෑම ප්‍රදේශයකම පොලීසිය දරුවන්ට පහර දීමට එරෙහිව මා සමාජ ක්‍රියාකාරිකයකු ලෙස පෙනීසිට ඒවෙනුවෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු පවා ගොනුකර දරුවන්ට සාධාරණය ඉටු කළා ආරම්භ කළේ සාලියවැව රන්මාල සිදුවීමෙන් විශේෂයෙන් පානදුර ජනසංසදය නුවර පදවි මාධ්‍ය කේන්ද්‍රය මට ඊට සහය දුන්නා.අපි දරුවන් ජිනීවා මානව හිමිකම් කොමිෂමට පවා ගෙනගියා.
ඒ දරුවො වෙනුවෙන් පොලීසියේ පහර දීමට එරෙහිව ලංකාවේ ප්‍රසිද්ධ නඩු තීන්දුවක් වන පද්මා ක්‍රිස්ටි නඩු තීන්දුව අගවිනිසුරු සරත් එන් සිල්වා .විසින් ලබාදුන් කොටි කලබල වෙලාවෙ මාර්ග බාධක ඉවත් කලේ එම තීන්දුවෙන් .මානව හිමිකම් කොමිසම මානව හිමිකම් කඩ වීමක් නොවේ කියල දුන්නු තීන්දුව අපි ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියෝගයට ලක්කළා .ජනසංසදය මට උදව් කළා.අපි එදා සිටිම කොයිම මිනිසෙකුවත් කාගෙන්වත් ශාරීරික මානසික දණ්ඩනයට යටත් විය යුතු නෑ විශේෂයෙන් 2005 අංක 23දරණ ශාරීරික දඩුවම් ඉවත් කිරීමේ පනතින් ළමයින්ට ශාරීරික මානසික දඩුවම් ලබාදිය නොහැකි බව දක්වා ඇත.මාමීට පෙර නීතිමය කටයුතු වලට මැදිහත් උනේ පොලීසිය අනීතික ලෙස දරුවන්ට පහර දුනහොත් ඊට විරුද්ධවයි.අද සිට ලංකාවේ කොතනක හෝ කවරුන් හෝ දරුවන්ට පහර දීම් සිදුවුවහොත් එය ශාරීරික හෝ මානසික ඊට එරෙහිව ලංකාවේ මේ සම්බන්ධ නීතිය ක්‍රියාත්මක කරන ආයතන සමග හා රාජ්‍ය නොවන ආයතන සමග ඒකාබද්ධව කටයුතු කිරීම අද සිට ආරම්භ කළා එම සංවිධානය රුචිකා ඉන්දුමා ළමා අයිතිවාසිකම් සුරැකීමේ සංවිධානය නමින් ඉතා ඉක්මනින් ලියාපදිංචි කර වැඩ ආරම්භ කිරීමට කටයුතු කරනව ඔබටත් මෙහි සාමාජිකයකු ලෙස ලෝකයේ ඕනාම තැනක සිට සම්බන්ධ විය හැකියි.
මෙය පුලුවන් තරම් ශෙයා කර අපේ දරුවන් ශාරීරික මානසික පීඩාවලින් බේරාගැනීමට කටයුතු කරමු.එවැනි .සත්‍ය තොරතුරු 0725262202 මගේ අංකයට දැනුම් දෙන්න.ඔබ්ට නීතිමය කටයුතු සදහා මූල්‍යමය දායකත්වය වුවද අපි ලබා දීමට සූදානම් මගේ දියණියට සාධාරණය ඉටුකර ගැනීමෙන් මෙය ආරම්භ කරන අතර මීට සම්බන්ධ කිසිවෙකුටත් සමස්ත දරු පරපුර වෙනුවෙන් සමාව දීමට මාසූදානම් නොමැත.පරීක්ෂණ හෝ වෙනත් කටයුතු පක්ෂ ග්‍රාහී වන්නේ නම් ලෝකයේ ඕනාම තැනකට ගොස් මගේ දුවට හා දරුපරපුරට යුක්තිය ඉටුකරමි.
සුමනසිරි අමරසිංහ රුචිකා ඉන්දුමාගේ පියා.
https://youtu.be/_wkVXLzqZKg?si=b5hz7SADOLzzUTmu
Click here to claim your Sponsored Listing.