Damsak Monastery

Damsak Monastery

Share

26/06/2026

කාලයකට අයිති නොවන - මෙහිදිම අත්දකින්ට හැකි
සදහම් පවසාලූ මට - ලොවේ සිටීවිද කිසිවෙක්
ගෙවා දැමූ හැම තණ්හා - කෙලෙස් උවදුරුත් නැති කළ
ඒ බුදු සමිඳාණන් ගැන - පවසන්නට උපමා නැත
(පාරායනානුගීතීගාථා)

18/06/2026

මේ හිරු උදා වන විට – ඇස් ඇති එක ම රජු ලෙස
පතුරුවා රන්වන් රැස – මහ පොළොව බබුළුවන්නේ
මහ පොළොව බබුළුවන – හිරු මඬල නුඹ වඳින්නෙමි මම
නුඹ විසින් සුරකින අපි – මෙ දවස වසමු සුවසේ

හැම දහම් පරතෙර වැඩි – යම් රහත් මුනිවරු සිටිත් නම්
ඒ උතුම් මුනිවරු හට – මාගේ වැඳුම වේවා
ඒ උතුම් මුනිවරු ද – මගේ දිවි සුරකිත්වා
සම්බුදුවරුන් හට – මාගේ වැඳුම වේවා
සතර මඟ ඵල නුවණට – මාගේ වැඳුම වේවා
උතුම් රහතුන් හට – මාගේ වැඳුම වේවා
ඒ රහත් ඵලයට – මාගේ වැඳුම වේවා

(මෝර පිරිත)

16/06/2026

අහස පැලෙන්නේ නමුදු, පොළොව සැලෙන්නේ නමුදු, එසේ ම සියලු ප්‍රාණීහු තැතිගන්නාහු නමුදු, ඉදින් මුනිහුගේ ළයෙහි තියුණු උල් ගසන්නාහු නමුදු බුදුවරයන් වහන්සේලා කෙලෙස් තුළ රැකවරණය නොකරත්.
(සප්ප සූත්‍රය)

Want your place of worship to be the top-listed Place Of Worship in Nittambuwa?
Click here to claim your Sponsored Listing.

Telephone

Website

Address

Gonagaldeniya
Nittambuwa