The dancing kitchen
09/05/2026
මම ඉපදුන දා ඉදන් මුහුදයි කළපුවෙනුයි වට වෙලා උන්නේ. ඒ හින්දා වෙන්න ඇති සමහර අය මුහුදට ආසා කලාට, මුහුද දිහා බලාගෙන ඉන්න ආසා උනාට මට නම් ඒ ආසාව මගේ කැමතිම ලිස්ට් එකේ අන්තීමටම තියෙන්නේ.
මුහුදට ආදරේ කියන අය ගැන මම මුකුත් කියන්නේ නෑ. ඒ ඒ අයට විවිධ හේතු ඇති මුහුදට ආදරේ කරන්න. අර තියෙන එකාට අගේ නෑ කියන සීන් එක තමා මට තියෙන්නේත්. ලංකාවේ ගෙවල් තියෙන්නේ මුහුදයි කළපුවයි එක්ක. අපේ තාත්තාට පිං සිද්ද වෙන්න කියලා ඉතාලි ආවා ඒ ආවා දා ඉදන් ජීවත් උනේම මුහුද ඇස් ඉස්සරහ තියාගෙන. 2016-2018 වෙනකම් අපි දෙන්නා මිලානෝ උන්නා. ඒ අවුරුදු දෙක විතරයි මගේ ඉතාලි ජීවිතේ අවුරුදු දාසයටම මුහුද නැතුව උන්නේ..
මම හරි ආසයි කඳුකර පරිසර වලට. කඳු දිහා බලාගෙන ඉන්න. හැම වෙලේම වහින චුරු චුරු වැස්සට, කොළම කොළ පාට පරිසරයට. උදේට තියෙන මන්දාරම් අඳුරට. කැලෑ මල් පිරුණු පාළු වතු වලට. ඒ දිහා බලාගෙන හවස් වරු ගෙවන්න. පොතක් කියවන්න. කෝපි කෝප්පයක් තොල ගාන්න.
කොටින්ම මම මුහුදුකරේ ඉපදුණ කඳුකර ජීවිතේට ලෝබකම් කරන වැල්ලේ කෙල්ලෙක්.
ඉතිං දැන් කියලාත් වෙනසක් නෑ. ගේ පිටිපස්සේ තියෙන්නේ මුහුද. හූවේ දුර. දැන් ඉතිං ටික ටික රස්නේ එන කාලෙනේ. අපි දැන් වැඩිපුරම කෝපි කෝප්පයක් බොන්න යන්නේ මේ පැත්තේ. ඒ උනාට මට තාමත් රිලෑක්ස් වෙන්න, සංසුන් වෙන්න බෑ මුහුද දිහා බලාගෙන. මාව නිවෙන තැනක් නෙමේ මුහුද. මේ මොහොත විඳින්න තව ගොඩාක් අය සල්ලි වියදම් කරන් මේ පැත්තේ එද්දි කොටින්ම කිව්වොත් ගේ පිටිපස්සේ, ඇස් ඉස්සරහා තියෙන දේ ගැන අගයක් නෑ මට නම්.
මට නම් ඕනා දවසක කන්දක් උඩ ගෙදරකට වෙලා හවසට මොනා හරි බේක් කරගෙන කුකුල් පැටව් ටිකක් ඇති කරගෙන පොතක් කියවන ජීවිතයක්...
ඒ වගේ ඔයාලට මොනාද එහෙම හිතෙන්නේ...
ප.ලි. ඔය pizza එකට කියන්නේ pizza Rossini කියලා. මේක කන්න ඕනා නම් පේසරෝම එන්න වෙනවා. මොකද මේ සිටි එකටම ආවේනික උන පීට්සා එකක් මේක.
Clicca qui per richiedere la tua inserzione sponsorizzata.
Digitare
Sito Web
Indirizzo
11500