Community Brotherhood Organization

Community Brotherhood Organization

Share

Photos from Community Brotherhood Organization's post 19/06/2025

ප්‍රජා සහෝදරත්වය සංවිධානය විසින් ක්‍රියාත්මක කරනු ලබන වැලැක්වීම සහ බලගැන්වීම වැඩසටහනට අදාලව කාන්තාවන් සහ ගැහැණු දරුවන්ට සිදුවන හිංසනය වැලැක්වීම සඳහා ප්‍රජාව දැනුවත් කිරීමේ වීදි නාට්‍ය වැඩසටහන් මාලාවේ තවත් අදියරක් 2025 ජුනි මස 19 වන දින මීගමුව ප්‍රාදේශීය මහලේකම් කාර්යාලයේදී මීගමුව ප්‍රාදේශීය ලේකම් රසිකා මල්ලවආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් පවත්වන ලදි. එහිදි අත් ප්‍රතිකා බෙදා දීම හා රාජ්‍ය නිළධාරින්ගේ අදහස් ලබා ගැනීම ද සිදුවිය. හාර්ට් ආර්ට් වීදි නාට්‍යය කණ්ඩායම විසින් මෙම වීදී නාට්‍යය ඉදිරිපත් කළ අතර මේ සඳහා මීගමුවේ සමෘද්ධි බැංකුවේ නිළධාරින්, රාජ්‍ය නිළධාරින් සමගින් ප්‍රජාව ද සහභාගි වෙන ලදි.
Another phase of the series of street drama programs to raise awareness among the community about violence against women and girls in relation to the Prevention and Empowerment Program implemented by the Community Brotherhood Organization was held on 19th June 2025 at the Negombo Divisional Secretariat under the patronage of Negombo Divisional Secretary Rasika Mallawarachchi. Handouts were distributed and views of government officials were also sought. The Heart Art Street Drama Group presented this street drama and the community also participated in this along with officials of Samurdhi Bank, Negombo, and government officials.

Photos from Community Brotherhood Organization's post 18/06/2025

ප්‍රජා සහෝදරත්වය සංවිධානය විසින් ක්‍රියාත්මක කරනු ලබන වැලැක්වීම සහ බල ගැන්වීම වැඩසටහන යටතේ නීතිය ක්‍රියාත්මක කරන ආයතනවල නිළධාරින් හා සෞඛ්‍ය නිළධාරින් ඉලක්ක කරමින් මීගමුව පොලිස් කොට්ඨාසයට අයත් පොලිස් ස්ථාන 12 ක ළමා හා කාන්තා කාර්යාංශයේ නිළධාරිනියන්ගේ සහභාගිත්වයෙන් දැනුම, කුසලතා, ආකල්ප හා යහපත් මහජන සම්බන්ධතා ගොඩනැගීම පිලිබඳ උපදේශන වැඩමුළුවක් කටාන දෙමන්හන්දියේ දී පවත්වන ලදි. මීගමුව ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනි R.M. නිලන්ති රත්නායක මහත්මිය ඇතුලු නිළධාරින් කණ්ඩායමක් මේ සඳහා සහභාගි වූ අතර වැඩමුළුවේ පුහුණුකරු ලෙස මනෝවිද්‍යා උපදේශක ආචාර්ය දනුෂ්ක ගනේගොඩ මහතා කටයුතු කරන ලදි.
Under the Prevention and Empowerment Program implemented by the Community Brotherhood Organization, a counseling workshop on building knowledge, skills, attitudes and good public relations was held at Katana Demanhandiya with the participation of officers of the Children and Women's Bureau of 12 police stations under the Negombo Police Division, targeting law enforcement officers and health officers. A group of officers including the OIC of the Negombo Children and Women's Bureau, Mrs. R.M. Nilanthi Ratnayake, participated in this and the workshop was conducted by Dr. Danushka Ganegoda, a psychological consultant.

Photos from Community Brotherhood Organization's post 17/06/2025

"සමාජයීය සාධාරණය වෙනුවෙන්."
කාන්තාවන්ට පුරුෂයන් මෙන් සමාජයේ සමාන අයිතිවාසිකම් සහ අවස්ථා ලැබිය යුතුය. කාන්තාවන් ඇගයීම සමාජයීය සාධාරණත්වය පිහිටුවීමට වැදගත් වේ.
කාන්තාවන්ගේ දක්ෂතා හා හැකියාවන් ආර්ථික ක්ෂේත්‍රයන්හි යොදා ගැනීම රටක ආර්ථිකය දියුණුවට පත් කරයි. කාන්තාවන් ව්‍යාපාරිකයින්, රාජ්‍ය සේ වකයින්, ප්‍රතිපත්ති සම්පාදකයන්, පරිපාලනයන් හා නව්‍යකරණයන් ලෙස සාර්ථකත්වය දක්වයි.
"පරපුරක ආරක්ෂාව සහ අධ්‍යාපනය සඳහා."
කාන්තාවන් විශේෂයෙන්ම දරුවන් දිරිමත් කරයි. ඔවුන්ගේ අධ්‍යාපනය, සත්කාරකභාවය සහ වටපිටාව පිළිබඳව ඇති සලකා බැලීම පරපුරකට සාධාරණ ලොවක් ගොඩනඟයි. එම අරමුණු මුල්කරගෙන ප්‍රජා සහෝදරත්වය සංවිධානය විසින් පසුගියදා සුවිශේෂි කාන්තාවන් දෙපලක් ඇගයීමට ලක් කරන ලදි. කටාන ප්‍රාදේශීය ලේකම් ගරු A.S.J.P අතුකෝරළ මහත්මිය සහ මීගමුව ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනි ගරු R.M නිලන්ති රත්නායක මහත්මිය මෙසේ ඇගයීමට ලක් වූ අතර ඔවුන් දෙපල සිදු කරන සේවාව වෙනුවෙන් මෙම සුවිශේෂි ඇගයීම සිදුවිය.
"For social justice."
Women should receive equal rights and opportunities in society as men. Valuing women is important for establishing social justice.
Utilizing women's talents and abilities in economic sectors improves the economy of a country. Women are successful as businessmen, public servants, policy makers, administrators and innovators.
"For the safety and education of a generation."
Women especially encourage children. Their education, hospitality and consideration for the environment build a fair world for a generation. Based on these objectives, the Community Brotherhood Organization recently recognized two special women. Katana Divisional Secretary Hon. A.S.J.P Athukorala and Negombo Children and Women's Bureau OIC Hon. R.M Nilanthi Ratnayake were recognized and this special recognition was given for the service they both provide.

Want your organization to be the top-listed Non Profit Organization in Negombo?
Click here to claim your Sponsored Listing.

Address

Negombo